බඩ පිපෙනව ද?

0
1197

බොහෝ දෙනෙකු බඩ පිපුම කී සැනින් මේ කියන්නේ කොහොම දෙයක්ද යන්න හොඳින්ම දන්නවා ඇති. ….

බඩ පිපෙන්නෙ කොහොමද?
බඩ පිපෙනවා යැයි කියන්නෙ බඩ පුරවා දැමීමටයි.
මෙහෙම වෙන්නෙ ආමාශයේ වාතය පිරුණාමයි. කටින් හෝ ගුදයෙන් හෝ වාතය පිටවීමක් වුවහොත් එයින් උදරයට පහසුවක් ඇති වෙයි. කෙසේ නමුත් බඩ පිපුම ඇතිවන්නේ වාතය නිසාම යැයි තීරණය කරන්නට කළින් මෙම අත්දැකීම නිරන්තරයෙන්ම විඳිනවා නම් , බඩේ වතුර පිරීමක්ද, බඩේ ගෙඩියක්ද යන්නත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර නිගමනයකට පැමිණිය යුතුයි.
බොහෝ විට බඩ පිපෙන්නේ ආහාර ද්‍රව්‍ය ආමාශය තුළ හෝ බඩවැල තුළ හෝ කුඩා බඩවැල තුළ හෝ පැසවා විවිධ වායු නිෂ්පාදනය වන නිසයි. මෙයට ප්‍රධාන හේතු 5 ක් තිබේ.
1) පහසුවෙන් පැසවන ආහාර වර්ග බහුලව අනුභව කිරීම.
2) ආමාශයෙන් ආහාර මිශ්‍රණ පිටවීම ප්‍රමාද කරන ආහාර සංඝටක ගැනීම ( ආමාශය තුළ ආහාර මිශ්‍රණ වැඩි කාලයක් රඳා පවතින විට ඒ මගින් වායු නිෂ්පාදනය වීම වැඩි විය හැකිය.)
3) ආමාශයේත් කුඩා බඩවැලේත් යාන්ත්‍රික චලනය අඩු කරන හේතු පැවතීම.
4) වාතය ගිලීම
5) ඇතැම් පරපෝෂිත ආසාදන.

බඩ පිපුම ඇති රෝගීන් ඉහත සඳහන් කළ හේතු අවම කර ගතහොත් රෝග ලක්ෂණ අඩු වී හෝ පහ වී යනු ඇති
පහසුවෙන් පැසවන ආහාර මොනවාදැයි දැන් ඔබට ගැටලුවක් මතුවෙනු ඇති. බෝංචි , සෝයා ඇට, කව්පි , කඩල, පරිප්පු, දෙල් , කොස් යීස්ට් අඩංගු පාන් ආදිය එවැනි ආහාර වන බැවින් ඒවා ගත් විට බඩ පිපුම ඇති නොකරයි.
ආමාශයෙන් ආහාර මිශ්‍රණය පිටවීමේ ප්‍රමාදයක් ඇතිකරන ආහාරද ඔබ දැන සිටීම වැදගත්ය.
අධික තෙල් සහිත ආහාර, අධික ප්‍රෝටීන ( මාංශජනක ධාතු) සහිත ආහාර.විශාල ප්‍රමාණයෙන් ආහාර ගැනීම, ආනමාළු වර්ගයේ කෙසෙල් හැඳින් විය හැකිය. මෙවැනි ආහාර වලට බඩ පිපුම වැඩි විය හැකිය.කෙසේ නමුත් ආමාශයේත් කුඩා බඩවැලෙත් යාන්ත්‍රික චලනය අඩුකරන හේතු ලෙස මානසික අසහනය සහ ඇතැම් ඖෂධ වර්ග හඳුන්වන්නට පුළුවන.
මේ හැරෙන්නට වාතය ගිලීම මෙන්ම ඇදුම,දීර්ඝ කාලීන මානසික අසහනය ද බඩ පිපීමට බලපාන ප්‍රධාන හේතු අතර පවතී.
සමහර පරපෝෂිත ආසාදන එනම් සමහර පණු වර්ග ජීර්ණ පද්ධතිය තුළ පැල පදිංචි වූ විට බඩ පිපුම ඇතිවෙයි.
බඩ පිපුම ඇති වූ විට සුදු ලූණු තම්බා බීම යහපත් වේ.සුදු ලූණු අමුවෙන් කෑ විට බඩ දැවිල්ල ඇතිවන බැවින් එසේ නොකළ යුතුය. දැන් දැන් සුදුලූණු පෙති ද කරල් ද බඩ පිපුම නැවතීමට යොදා ගත හැක.
වෙනත් බටහිර ඖෂධ ගන්නා අතර වුවද සුදු ලූණු බාවිත කළ හැකි බව මතක තබා ගන්න.සෝඩා වතුර ස්වල්පයක් පානය කිරීම, මිල්ක් ඔෆ් මැග්නීසියා වැනි බඩ පිපුම නවතන දෑ යොදා ගැනීම එම අපහසුතාවය මකා දමනු ඇත .

-යසස්විනී ජයතිලක-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න