මේ උදාවී ඇත්තේ ඔබේ සුබ හෝරාවයි…….
ලෝකයේ සතුටින් සිටින , සාර්ථක වී සිටින මිනිසුන්ගේ කතාවල විශේෂ පොදු සාධක දෙකක් හමුවී ඇත ….
එකක් වෙනස් වීමයි……. අනෙක් කරුණ වන්නේ තමා තුළ සිටින තමාව නිසි ලෙස හදුනාගැනීමයි. මේ සාර්ථකත්වයේ කතාවේ ඉහළින්ම කියවෙන කරුණු දෙකම ඔබටම පාලනය කර ගත හැකි , ඔබටම කළමනාකරණය කර ගත හැකි කරුණු දෙකක් වීම කොපමණ පහසුද …?
අද ඔබේ ජීවිතයේ සිතන පතන කියන කරන මේ සෑම දෙයකටම මේ මොහොතේ සිටම අලුත් මුහුණුවරක් දීමට ඔබට හැකිද …?
ඔබේ මනසේ සැඟවී සිටින සැබෑ ශක්තිවන්තයා අවදිකර සැබවින්ම ඔබගේ හැකියා හා නොහැකියා හඳුනා ගැනීමට ඔබට කිසිදු බාධාවක් නැත.
මේ ඔබේ ජීවිතයේ වෙනස් වීමේ හෝරාවේ ආරම්භය විය හැකියි.. ඔබ තුල සිටින සැබෑ ශක්තිවන්තයා ඉදිරියට ගෙන ඒමේ ආරම්භය විය හැකියි …
වෙනස් වන ඔබ තුළ තවත් අලුත් කෙනෙක් ගොඩනැගෙනු ඇත. ඒ සමහර විට ” ඔබ මෙතෙක් නොදැන සිටි ඔබ ” වන්නට පුළුවන. ඔබේ අලුත් ජීවිතයේ ආරම්භය ” ඔබ නොදන්නා ඔබ ” ආරම්භ කර දෙනු ඇත .
ඒ ඔබ තුළම නැවත ඔබ ඉපදෙන අලුත් ජීවිතයේ ආරම්භය විය හැකියි……
ඔබ දැන සිටියාද සෑම දවසක්ම උදාවන්නේ අලුත් ජීවිතයකට පාර කියා දීමටයි…..
හිරුගේ ආලෝකය පොළොවට පතිත වී ඔබ වටා විහිදෙන්නේ ඔබගේ ජීවිතයට පාර කියා දීමටයි…… ඒත් බොහෝ දෙනෙකුට පාර ඇසීමට අමතක හෝ හරි පාරෙන් යන්න අමතක වී තිබිය හැකියි.
ඔබට ඔබේ හදවත කෑගසමින් කියනා දෙය ඇසීමට නොහැකි වී ඇති……
ඔබට මේ උදාවී ඇත්තේ හරි පාරෙන් , ඔබට අවශ්‍ය පාරෙන් යන දවස විය හැකියි …..
හොඳ හුස්මක් ගන්න …
ඒ ඔබේ ජීවිතයේ වටිනාම ප්‍රබලම හුස්ම විය හැකියි…….
ඔබේ හදවත කුමක්ද ඔබට පහදා දෙන්නේ…..? ඔබේ සිත ඔබට පවසන්නේ කුමක්ද ….?පළමු පියවර තබා ගැනීමට නොහැකිව ලතවෙන ඔබේ හිතට ශක්තියක් ගැනීමට මේ සුදුසුම වෙලාවයි…..
ඔබේ ජීවිතයේ සතුට සාර්ථකත්වය හා ජයග්‍රහණයේ පළමු පියවර තැබීමට සූදානම්ද…… ඒ පියවර වෙනදාට වඩා ශක්තිමත් පියවරක් වේවි…..
එය පියවර බරට දැනේවි…..
ඒත් ඔබ ඒ පියවර ආරම්භ කළ යුතුමයි. ජීවිතය යනු කුරුමානම් අල්ලන්නේ නැතිව උරගා බැලිය යුතු දෙයකි…
මේ දැන් අලුත් දෙයක් අලුත් විදියට හිතන්න…. කියන්න ….කරන්න…..
ඒ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ආරම්භක සුබ සලකුණයි….
–රත්නා පුෂ්ප කුමාරි-