රැඳවියන්ටද විභාග ජයගැනීමේ අවස්ථාව.

0
61

සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න සාක්ෂාත් කරමින් මේ මිනිස් ජීවිතය තුල ඔවුන් නැවතත් යහපත් ජීවිතයකට හුරු කරවීම පිනිසත් අධ්‍යාපනික ඉලක්ක සපුරාලීමට අවස්ථාව ලබාදීම දියුණු සමාජයක ලක්ෂණයක් ලෙස පෙනෙන කරුනකි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී කරනු ලබන මේ කටයුත්ත පැසසිය යුක්තකි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා එසේ යොමු කළ රැඳවියන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු විභාගය සමත්වීම සාධනීය කරුනකි.
එසේම ඉන් අයෙක් විශේෂ ඝනයේ එල්.ටී.ටී.ඊ.රැඳවියෙකු වීමත් ඔවුන් වයස අවුරුදු 38 හා 46 ක අය වීමත් විශේෂයකි.
වත්මන් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ චෝදනා ලබා දඬුවම් විඳින රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම මෙහි අරමුණ බවයි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න