ජීවිතයට කඩාවැටීම් බහුලය. විසදුම වන්නේ දෙගුනයක් වේගයෙන් ජීවිතය දෙගුනයක් ගොඩනගාගැනීම පමණි.

0
133

ජීවිතය කියන්නෙ කඩා වැටීම්, පරාජය , හිත් රිදීම්, කළකිරීම් , ප්‍රතික්ෂේපවීම් සියල්ලේ එකතුවක්. මේවායෙන් පැනල දුවන්න හෝ මුහුණ නොදී ඉන්න අපි කාටවත් බෑ. අපි උපතේ සිට විපත දක්වා දෝලනය වන අපේ ජීවිතය පුරාම කරන්නේ මේවට විසඳුම් හොයන එකයි. ප්‍රශ්නය තියෙන්නෙ අපි නිවැරැදි ක්‍රමවේදයක් අනුව සාර්ථක ක්‍රමයකට විසඳුම් ක්‍රියාවලියකට අනුගත වනවාද යන්නයි.


වැටෙන වාරයක් ගානේ ඔබට ජීවිතය නීරසව දැනිල ඇති. මේකද ජීවිතය කියල හිතිල ඇති. වැටුන තැනින් නැගිටින්න දහස්වර උත්සාහ කරල ඇති.
ඒත් හැමදාම එකම තැන කියල දුක් වෙනව ඇති.


අපි හැමෝටම ගොඩක් අමාරු හිතාගන්න බැරි පරාජයන් වෙනව.
ඒත් ඔබ හැමවෙලේම නැගිටින්න හැදුවෙ ඒ වැටුනු තැනටම නේද…


ඒ ක්‍රමය වෙනුවට වැටුනු තැනට එහා ඇති ඉලක්කයකට නැගිටින්න උත්සාහ කරන්න .


ඒක සමහර වෙලාවට දෙගුනයක් නැත්නම් තෙගුනයක් වෙන්න පුලුවන් .


හිටපු තැනටම ආයෙත් නැගිටිනවට වඩා අමාරු වෙන්න පුලුවන් .

ඒත් ඒ අමාරු නැගිටීම ඔබව වඩා සාර්ථක ප්‍රීතිමත් තැනකට ගෙනියන බව විශ්වාසයි.

සීයෙ ඉඳල 50- 60 ට වැටුන නම් දැන් නැගිටින්න හදන්නෙ කීයටද…ඒක 150 ටවත් වැඩි ඉලක්කයක් වෙන්න ඕනෙ..


එහෙම නැතුව හැමදාම වැටෙන ගානෙ නැගිටින්නෙ වැටෙනකොට හිටපු තැනටම නම් එම සීමාවේ හෝ ඊට වඩා අඩු තැනක හැමදාම ඉන්න වෙයි.
ජීවිතය කියන්නෙ අභියෝගයක් .ඒත් ඒ අභියෝගයට නිසි ක්‍රමයට මුහුණ දෙන අය ඉන්නෙ සතුටින්…ඔවුන් හැමදාම සාර්ථකත්වයේ සතුට භුක්ති විඳිනව.දවසින් දවස ඉදිරියටම යනව.එහෙම අය ඔබට පේනව නේද.ඒ හැමකෙනෙක්ම ජීවිතයේ අභියෝග සඳහා දෙගුනයකින් ශක්තිමත්ව මුහුණ දුන් අය.ඉතින් ඔබටත් පුලුවන් එය අත්හදා බලන්න .


එය මුලින්ම ආයාසයෙන් කරන්න වෙයි.ඒත් පසුව එය ඔබටත් නොදැනී නිරායාසයෙන් කිරීමට ඔබේ මනස පුරුදු වේවි.
ඔබ කළ යුත්තේ මුලින්ම මනසට ඒ ගැන කියා දී හුරු කරවන එක විතරයි .
ඔබේ ජීවිතය කවදාටත් වඩා සාර්ථක හා ජයග්‍රාහීවීම කාටවත් දැන් වළක්වන්න බෑ.කොටින්ම ඔබව වට්ටවන්න ඔබටවත් බැරි වෙයි…

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න