අද සහ හෙට වැස්ස වැඩි විය හැකියිලු
කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන පරිදි අද එනම් 10 , සහ හෙට 11,යන දෙදින තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉහළ යාමක් සිදුවිය හැකිය.
උතුර, උතුරු මැද, නැගෙන හිර,මධ්‍යම සහ ඌව පළාත් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද මේ අනුව තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවට අපේක්ෂා කරන අතර මේ අනුව මධ්‍යම , සබරගමුව, ඌව, උතුරුමැද මෙන්ම දකුණු පළාත්වල සමහර ස්ථානවලට මි ලි, 75 තරම් වූ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාර්ය නියුක්ත කාල ගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පවසයි.මේ හැරෙන්නට දිවයිනේ අනෙකුත් පළාත් වල සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එසේ ගිගිරුම් සහිත වැසි ඇතිවන පළාත්වල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් අවධාරණය කෙරේ.තවද මේ හේතුවෙන් ඇතිවන අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවන අනතුරුවලට හේතු අවම කර ගැනීමට කටයුතු කරන්නැයි අදාල ප්‍රදේශවල වැසියන් දැනුවත් කෙරේ. පවතින තත්ත්වය හේතුවෙන් අද දිනයේ Eq 06N සහ 80E -90 E මුහුදු ප්‍රදේශවල නාවික කටයුතු සහ ධීවර කටයුතුවල නිරත වෙන පිරිස් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටී. ඒ හැරෙන්නට මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 ත් 45 ත් දක්වා ඉහළ යා හැකි බවද පැවසෙයි
යසස්විනී ජයතිලක