ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට…
ශිෂ්‍යත්ව විභාගය කියන්නෙ අපේ රටේ දරුවෙක් මුලින්ම අධ්‍යාපනිකව ලොකු පීඩනයකට ලක් වෙන අවස්ථාවක් …ඒත් සමහර දෙමාපියන් මේ පීඩනය අවම කරමින් දරුවන්ට ඉතා සතුටින් විභාගය සදහා මුහුන දීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙනවා.
” ශිෂ්‍යත්වය අසමත්වීම දරුවාගේ ජීවිතයේ කඩා වැටීමක් ලෙස දකින බොහෝ දෙමාපියන්ද ශිෂ්‍යත්වය සමත් වූ අය නොවේ.
” ශිෂ්‍යත්වය නිසා දරුවාගේ ළමා විය පීඩනයට පත්කරවීම දරුවාගේ මුළු ජීවිතයටම බලපාන සෘනාත්මක සාධකයක් විය හැකියි.
කොපමණ පන්තිවලට සහභාගි වුවත් කොපමණ ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලියා තිබුනත් අවසානයේ දරුවා ලියන්නේ මතකය මත පදනම් වූ විභාගයකට.ඒ සදහා දරුවා මුහුන දෙන්නේ දරුවාගේ මානසිකත්වය සමග පමණයි.
එසේ නම් පාඩම් වැඩ හා සමගාමීව මානසික සමබරතාව සුරැකීම දෙමාපිය වගකීමක්.
එය නිරායාසයෙන් හෝ බලපෑමෙන් කළ හැකි දෙයක් නොවේ.
දරුවාට අන්‍ය මානසික මට්ටම අනුව සිදුවිය යුත්තක් .
ඒ සදහා දරුවාට ගැලපෙන මනෝවිද්‍යානුකූල සංකල්ප හා උපායමාර්ග හදුනාගත යුතුයි.
දරුවා එවිට මුළු ජීවිතය පුරාම තම ජීවිතය නිසි ලෙස ස්වාධීනව කළමනාකරණය කරගැනීම කරගනු ලබයි.
සුබ TV ඔබට ගෙනෙන මේ වැඩසටහන් ඔබේ දරුවාගේ අධ්‍යාපනික ජිවිතය සතුටින් ගෙවීමට උපකාරී වේවි.
මේ link එක හරහා වීඩියෝව නරඹන්න…
සෑම වැඩසටහනක්ම බලන්න සුබ TV Facebook Page like කරන්න. Suba TV YouTube Channel එක Subscribe කරන්න.
සුබ TV WhatsApp අංක 0705782288 ට ඔබේ දරුවාගේ ගැටලු යොමු කරන්න .
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වැඩසටහන මෙහෙයවයි ( Whatsapp අංක 0740650012 )