ඇය ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනියයි.රටේ සිටින ජනප්‍රියම හෙදි නිළධාරිනියයි.
එසේම ඇය ජනප්‍රියම කාන්තාව ලෙස සම්මාන ලැබුවා.
ඇය පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවියයි ඇය ජීවිතයට අභියෝග එල්ලවන අයගේ ජීවිත බේරා දීමේ අභියෝගය බාර ගත් අභීත සුව වීරවරියකි.
“අපේ ජීවිතේ තුල සිදුවන හැම සිදුවීමක්ම අමතක නොවන නොවන සිදුවීම් තමයි.” ඇයගේ ජීවිතයේ සෑම තත්පරයකම අමතක නොවන කතාවක් ලියවී ඇත.
ඒ අතරින් ඔබෙ ජිවිතේ විශේෂ, දුක්ඛිත හෝ සතුටුදායක සිදුවීම් මොනවාද?
වෘත්තීය ජීවිතයේ හෙදියක් ලෙස ගමන ආරම්භ කරන ඇයට මුහුණ දීමට සිදුවන විශාල අභියෝගය නම් ඇගේ පියාගේ මරණයයි.
හෘදයාබාධයකින් මියගිය වැඩිමල් සොහොයුරා ගේ මළ ගෙදරට සහභාගි වී ඔහු පැමිණියේ පපුවේ අමාරුවක් සමග දැඩි පශ්චත්ය්තාපයකිනි.එම නිසා ඇය ඔහුව රෝහල් ගත කරවයි. එදිනම ඔහුගේ බාල සොහොයුරාත් පපුව අමාරුවකට රෝහල්ගත කරයි. එදිනම තම පියාට ආහාර රැගෙන ඒමට ගෙදර යන ඇය පසුදින මොරසූරන වර්ෂාවත් සමග රෝහලට පැමිණිෙන විටත් ඇගේ පියාත් ඔහුගේ බාලසොයුරාත් සදහටම මෙලොවින් සමුගෙනය.
ජීවිත දහස් ගණනක් බේරා දීමේ මෙහෙයුමේ කොටස් කාරියක වන ඇයට එය ජීවිතයේ අමතක කළ නොහැකි දුකකි.
එසේම ඇගේ ජීවිතයේ තවත් ඛේදවාචකයක් ඇය සිහිපත් කලාය. ඒ සුනාමිය අහිමි කල ඔහුගේ වැඩිමල් සොහොයුරා පිළිබඳවයි.
2004 දෙසැම්බර් 26 වන දින පාන්දර හයට ඔහුගේ වැඩිමල් සොහොයුරා ඇතුළු පවුලේ සියලු දෙනා හික්කඩුව බලා පිටත් වූයේ නොසිතු ලෙසය. දෙදිනක් තම වැඩිමල් සොහොයුරාව සෙවූ ඇයට සොයා ගැනීමට හැකිවූයේ හික්කඩුව සීනි දේවාලය අසල ඔහුගේ අබලන් වූ රථය හා ඔරලෝසුව පමණි…..
*ඇගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ විශේෂ සිදුවීම් වගේම ඇගේ වෘත්තීය ජීවිතය හා සම්බන්ධ විශේෂ සිදුවීම් කීපයක් මේ.
ඒ 1996 ජනවාරි 31 දින සිදු වූ මහබැංකු බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීමකි.
එදින ඇය රෝගීන් වර්ගීකරණය කිරීමක් සිදු කරමින් සිටින විට,එක් රෝගියෙක් ඇයට තට්ටු කරමින් ඇයගෙන් බීමට වතුර ඉල්ලූ විට අසාධ්‍ය රෝගීන්ට වතුර දීමට නුසුදුසු වුවත් ඇය එම අවස්ථාවේදී කාරුණික වූයේ එය ඔහුගේ අවසාන ඉල්ලීම් ලෙස හිතට දැනුනු හෙයිනි. ඇය වතුර රැගෙන ආපසු පැමිණීමේදී ඔහු ජීවිතක්ෂයට පත්වී තිබිණි. ඔහුගේ අවසාන ඉල්ලීම් එය වූ නිසා ඇයට එය සිදු කිරීමට නොහැකි වූ බැවින් ඇයගේ ජීවිතයට එය අමතක නොවන සිදුවීමක්වූ වු බව ඇය කීවාය
ඇය අප රටේ කාන්තාවන් අතර අමරණීය සිහිවටනයක් තබා අවසන්ය.
ඉදිරි අනාගතයේ තවත් බොහෝ දේ ඇය පිළිබඳව අපට කතා කිරීමට හැකි වන බව සැබෑවකි. එතෙක්
සුබ TV අපි ඔබට සුභ පැතුම් එක් කරන්නෙමු
ලිව්වේ ෂෙනිත් ජයවන්ත
මෙවන් ලිපි කියවීමට සුබ TV YouTube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook Page එක like කිරීමටත් ඔබට ආරාධනා කරමු. ඕනෑම ක්ශේත්‍රයක නියුතු ඔබ පිළිබඳවත් ලොවට කියන්නට අපි සූදානම් ..
0705782288 සුබ TV WhatsApp අංකයට ඔබ ගැන කෙටි විස්තරයක් එවීමෙන් ඔබට අප හා එක්විය හැකියි.
https://www.facebook.com/subatv.lk/
https://youtube.com/c/SubaTVLanka
එසේම සුබ TV Facebook page like කරන්නත් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.