එඩ්වඩ් ජයකොඩිට වේදිකාවේ කුඩය ඇල්ලු ඔහු කවුද …?

තිලක් කුමාර රත්නායක

“කෝපි කඩේ සෝමේ”, “හිමි අහිමි මනමාලයා” ,”රේල්පීලි ඔලිවර් හාමු” ,දිමුතු මුතු පුවත්පත් වාර්තා කරුවා ලෙස රූප පෙට්ටියෙන් ඔබේ ආලින්දයට ආ ඔහු ඔබට මතක ද ?
එහෙම නැත්නම් “කැලණි පාලමේ මැම්බර්” ,”අහසින් වැටුණු මිනිස්සු හි මිල්ටන්” යන වේදිකා චරිත වලින් ද ඔහු ඔබ හමුවට ආවේය.වේදිකා ටෙලි නාට්‍ය අතර හා නැතුවම බැරි එළිමහන් ප්‍රසංග නිවේදකයකු වන 1960 දෙසැම්බර් මස 16 වන දින උපත ලැබූ ඔහු තිලක් කුමාර රත්නායක.
ඔහුත් සමඟ ඔහුගේ තොරතුරු අපි ඔබත් සමඟ බෙදා ගන්න අදහස් කළා..

කාර්යබහුල ජීවිතයේ මේ වන විට පුංචි නිදහසක් ලැබිලා තියෙනවානෙ.ඉතින් මේ දවස් වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද ?

මේ දවස්වල පුංචි නිදහසක් ලැබිලා තියෙනවා මේ රටේ තත්වයත් එක්ක අවුරුද්දක කාලයක් විතර සන්දර්ශන නැතුව කාර්යබහුල ජීවිතෙන් මිදිලා පවුල වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් ජීවිතය ගෙවෙනවා..

ඔබ ගෙදරට වෙලා නිදහසේ ඉන්න මේ කාලයේ ඔබේ අලුත් සැලසුම් මොනවද ?

ප්‍රභූ කියලා කොටස් 100 ක නිර්මාණයක් මේ දවස්වල රචනා කරනවා.

ඔබේ මේ දීර්ඝ ගමනේ මූලාරම්භය සනිටුහන් වෙන්නේ කොහෙන්ද ?

ඉස්සෙල්ලම වේදිකාවකට කියලා පය තැබුවේ අපේ ගමේ පොල් කොටන් වේදිකාවට.අපේ ගමේ හිටපු විශිෂ්ට පුද්ගලයන් කැලෑවේ පිපිලා කැලෑවේම පරවුණා.ඔවුන් ඉදිරියට ආවෙ නෑ.මගේ පළමු ගුරුතුමා නිහාල් කරුණාරත්න මහතා.ඔහුගේ ගුරුහරුකම් මට හුඟක් ශක්තියක් වුණා.ඊට පස්සේ බී.සිරිතුංග පෙරේරා මහතා ගිනිකඳු කියන නාට්‍යයට මාව තෝරාගත්තා.හැබැයි ඒ රඟපාන්න නෙමෙයි.නළු නිළියන්ට තේ අදින්න.පසුව නාට්‍යයේ එඩ්වඩ් ජයකොඩි මහතාට කුඩය අල්ලන් එහාට මෙහාට යන්න මට හම්බවුණා.පසුව බී.සිරිතුංග මහතා සමග දිගටම මම වැඩ කළා.

එදා ඔබට තේ අදින්න වුණු වෙලාවේ ඔබ එතැනින් පසුබෑමට ලක් නොවී ජීවිතයට අත් දැකීමක් එකතු කරමින් ඉදිරියට ගිය නිසා 1984 රාජ්‍ය නාට්‍ය උළෙලේ සහය නළුවා බවට ඔබ පත් වෙනවා.

මට ජයසේකර අපොන්සු මහතාව මුණ ගැහෙනවා.ඔහුගේ නාට්‍යයක් වුණු “සමනල්” නාට්‍යය සඳහා මාව සම්බන්ධ කර ගන්නවා ඒත් රංගනයට නම් නොවේ.දෙපැත්තේ ඉඳලා නළු නිළියන්ට දෙබස් මතක් කරන්න.එහි ප්‍රධාන චරිතයට පන පෙවූ රංගන ශිල්පියාගේ රංගනය හොද නැති නිසා එම චරිතය මට ලැබුණා.එක් කොන්දේසියකට යටත් වෙමින්. ඒක තමයි මට ලැබෙන මුදලින් භාගයක් කලින් රඟපාපු නළුවාට දෙන්න ඕනේ කියලා.එම කොන්දේසියට කැමති වෙමින් මම ඒ නාට්‍යයත් සමඟ සම්බන්ධ වුණා.පසුව රාජ්‍ය නාට්‍ය උළෙලේ පාතාලේ සොල්දාදුවා නාට්‍යයේ හොඳම නළුවා ජයසේකර අපොන්සු වෙනකොට සහාය නළුවා මම වුණා.

පුංචි දරුවා සිටම ඔබව හඳුනන්නේ කෝපි කඩේ සෝමේ මාමා කිව්වම.නොකඩවා අවුරුදු තිහක පමණ කාලයක් මේ ටෙලි නාට්‍ය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා ..ඒ අත් දැකීම කොහොමද?

මේ නාට්‍ය සමඟ සම්බන්ධව වෙලා හුඟක් කල් වෙනවා.ඔබ කිව්ව වගේ හුඟක් දෙනෙක් මාව හඳුනන්නේ “කෝපි කඩේ සෝමෙ මාමා” කිව්වම තමයි.ඒ නාට්‍යයට ඒ චරිතයට මම හුඟක් ආදරය කරනවා.එයට උදාහරණයක් ලෙස අනතුරක් සිදු වී මගේ අතට එක දිගට බෙහෙත් කරන්න සිදු වෙනවා.මගේ අතේ බෙහෙත් බැඳ ගෙන මම ටෙලි නාට්‍යයට දායකත්වය ලබා දෙනවා.ඒ වගේම මම කෝපි කඩේ කථාංගයේ තිර රචකයෙක් ලෙස ද කටයුතු කරනවා.

“කෝපි කඩේ සෝමේ මාමා” ඔබේ සැබෑ ජීවිතයේ පැතිකඩක් ද?

‘කෝපි කඩේ සෝමේ” කියන්නේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්.මමත් සැබෑ ජීවිතයේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා.

මෙලෙස රංගන ජීවිතයේ කටයුතු කරන අතරතුර ඔබට නිවේදන ක්ෂේත්‍රයට ඇරයුම් ලැබෙනවා..

කෝපි කඩේ රඟපානකොට ITN එකට Call එකක් එනවා අමරදාස ගුණවර්ධන මහතාගෙන්. ලොතරැයියට හඬ පරීක්ෂණයකට එන්න කියලා.ඉන්පසුව ශනිදා වාසනාව ලොතරැයියට සම්බන්ධ වීමට වාසනාව උදා වුණා.

රංගන ක්ෂේත්‍රය හා නිවේදන ක්ෂේත්‍රය තුළ ඉතා හොඳින් කටයුතු කරන අතර තුර ප්‍රසංග වේදිකාවේ නිවේදනයට ආරාධනා ලැබෙනවා.ඔබ කොහොම ද නිවේදන ක්ෂේත්‍රයේ සිට ප්‍රසංග වේදිකාවට හැඩ ගැහුණෙ?

ඒ සඳහා මට කිහිප දෙනෙක්ම උදවු අපකාර කලා.පසුව එයින් මම හුඟාක් ජනප්‍රිය වුණා .ජනප්‍රියත්වය කොච්චර ද කියනවා නම් මම ඩුබායි රටට පමණක් 38 වතාවක් ගිහින් තියෙනවා.

මේ ක්ෂේත්‍ර අතරින් ඔබේ ජීවිතය ට ආපු බලපෑම් මොනවද ?

එක දවසක් මොරටුවෙ සංගීත ප්‍රසංගයකට මට ආරාධනා ලැබුණා.ඒ සඳහා අත්තිකාරම් මුදලක් ඔවුන් මා හට ලබා දුන්නා.සංගීත ප්‍රසංගය පැවැත් වූ දිනයේ එයට සහභාගී වුණු අවස්ථාවේදී එහි ආරම්භයේ සිට නිවේදනය කරමින් සිටි ප්‍රවීණ නිවේදක තුමා මාව ප්‍රතික්ෂේප කළා.පසුව මම සංවිධායක මණ්ඩලය සමඟ කතා කළා.සංවිධායක මණ්ඩලය ඒ සම්බන්ධව කනගාටු වුණා .එතැන් සිට අද වන තුරුම තුරුම එම සංගීත ප්‍රසංගයේ නිවේදකයා ලෙස මම කටයුතු කරනවා.

එසේ ඉදිරියට ආ ඔබේ නිවේදන ජීවිතයේ විශාල භීතියක් ඇති කරපු අත්දැකීමක් සිදු වුණා ඒ ගැන අපි සඳහන් කරමු .

1993 දී තමයි මේ සිද්ධිය සිදු වුණේ.දේශපාලන ප්‍රභූවරුන් පිරිසක් පැමිණ එම රැස්වීමේ නිවේදන කටයුතු කරමින් මම වේදිකාවේ සිටියා.මම නිවේදන කටයුතු සිදු කරන කොට එකවරම විශාල බෝම්බ ශබ්දයක් ඇසුණා.ගායක ගායිකාවන් තුවාල ලබද්දී ප්‍රභූවරුන් පිරිසක් වේදිකාව මත ම ජීවිතයෙන් සමුගත්තා.මගේ පෙර පිනකට වාසනාවකට මගේ ජීවිතය බේරුණා .

මෙම ක්ෂේත්‍රයට මෑත කාලයේ පැමිණෙන ආධුනික ශිල්පීන්ට ඔබතුමා ලබා දෙන උපදේශන මොනවාද?

උත්සාහයෙන් කැපවීමෙන් නොසැලී ඉදිරියට යන්න.තමන් කරන දේ නිවැරදි ව කරමින් තමන් පැමිණෙන ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමකින් තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න.

ඔබගේ ඉදිරි සියලු වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපි ඔබට සුබ පතනවා.

සුබ TVඅපි ඔහුට සුබ පැතුම් එක්කරන අතර ඔබේ like හා Comment එක් කරන්නට ආරාධනා කරමි.
එසේම සුබ TV Youtube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook Page එක like කිරීමටත් ඔබට ආරාධනා කරමු.

ඕනෑම ක්ශේත්‍රයක නියුතු ඔබ පිළිබඳවත් ලොවට කියන්නට අපි සූදානම් ..
0705782258 සුබ TV Whatsapp අංකයට ඔබ ගැන කෙටි විස්තරයක් එවීමෙන් ඔබට අප හා එක්විය හැකියි.

https://www.facebook.com/subatv.lk/
https://youtube.com/c/SubaTVLanka

සුබ TV Facebook page like කරන්නත් Youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.

රූපවාහිනී නිවේදිකා හා ලේඛිකා
සාරදා සෙව්මිණී යහම්පත්

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න