ගැහැණියකට වඩා ප්‍රශ්න ඇති කරන්නේ ගැහැනියක්ම බව ප්‍රකට මතයකි…
ඔබ කාන්තාවක් නම් ඔබට ජීවිතයේ එක් වරක් හෝ මෙවැනි අත්දැකීමක් තිබෙන්නට පුලුවන.
ඇය ඇයටම මෙසේ හිංසා පීඩා කරන්නේ ඇයි..?
පුද්ගලයෙකුට හේතු සාධක ඇතුව යම් අවස්ථාවකදී මෙසේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව එරෙහි වන්නට සිදුවීම සාමාන්‍ය සේම පෞරුෂයේ වැදගත් ලක්ෂණයකි.
එහෙත් සමහර කාන්තාවන් සැමවිටම කාන්තාවන් කෙරෙහි ද්වේශසහගත අයුරින්ම කටයුතු කිරීමට පෙළඹීම මානසික ගැටළුවකි.
දිගින් දිගටම මෙසේ කරනු ලබන කාන්තාවන් තුලින් විද්‍යාමාන වන පොදු සාධක මෙසේයි….
- ඇය තමන්ට අනාගත අභියෝගයක් විය හැකියැයි අනුමාන කිරීම
- ඇය තමන්ට වඩා රූපයෙන් ආකර්ශනීය වීම
- ඇය තමන්ට වඩා ආරක්ෂිත සේම තමන් අනාරක්ෂිත බව ඒත්තු යෑම
- ඇය ශක්තිමත් හා ආත්ම විශ්වාසය සහිත වීම
- ඇය තමන්ට වඩා සමාජය තුල පිළිගන්නා කෙනෙකු වීම
- ඇය තමන්ට වඩා ආර්ථිකව සුරක්ෂිත වීම
- ඇයට ආදරය ලැබෙන බව දැකීම හා තමුන්ට ආදරය නොලැබීම
මෙවැනි හේතු මත තවත් කාන්තාවකට ගරහන , අවමන් හා අපහාස කරන , කැපිලි හා හෙළා දකින කාන්තාවන්ගේ හැසිරීමේ පොදු ලක්ෂණ මෙසේයි..
- මුලින්ම ඉතා ඉහළින් පිළිගනී.එය ප්‍රමාණය ඉක්මවා කරනු ලබන ඇගයීමක් විය හැකියි.
- එකට වැඩ කිරීම , නිතර හමුවීම හෝ දුරකථන ඇමතුම් ගැනීම සිදු කරයි..
- සමහර විට උදව් කිරීමට බලෙන්ම ඉදිරිපත් වේ.
- ආදරණීය ආමන්ත්රණ කරයි.
- තෑගිබෝග දෙනු ලබයි.
- අනවශ්‍ය ලෙස සුළු දේටද අගය කරයි.
- ඒ කාන්තාවගේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට හදුනා ගැනීමට උත්සාහ කරයි.
- ඔබේ රහස් හෝ අතිශය පෞද්ගලික ජීවිතය හාරා අවුස්සයි.
- නූතනයේ නම් ඔබගේ දුරකථන ඇමතුම් පටිගත කිරීම්, Screen shot තබා ගැනීම් , වීඩියෝ කිරීම්ද හොර රහසේ කරනු ලබයි.
දැන් ඔබට ඇය තරම් කෙනෙකු නැත.
මුලින්ම ඇය ඔබ අසළ සිට යාමට හැර හොර රහසේ ඔබව විවේචනය කරයි…
මේ සිදුවන්නේ මානසික හා චර්යාමය ලෙස බලපාන රසායනික හා ව්ද්‍යුත් ක්‍රියාවලියකි.
මේ යටි සිතේ හොර රහසේ තිබූ සියල්ල එකවර හෝ ටිකින් ටික එලියට පනී.
එවිට ඔබ එය අදහාගත නොහැකිව අසරණ බවට පත්වේ.
සමහර අයට කාලයක් තිස්සේ සැලසුම් කර හා මුහුණට ඉතා හොදින් අගය කර තවත් කාන්තාවක් අසරණ හෝ විනාශ කිරීමට හැකියාව ඇත.
හැකිතාක් අන් අයගේ සෘනාත්මක විවේචන මග හරින්න..
කාර්යබහුල වන්න…
තමන්ගෙ ජීවිතයේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ….
සැම විටම සිනා මුසු මුහුනින් සිටින්න….
තම පවුලේ තමන්ට සැබැවින්ම ආදරය හා ගෞරවය කරන අය සමග කල් ගෙවන්න ….
එය තම ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක් වේ.ඔබ නගින ජීවන ඉලක්ක කන්දේ භාගයක් නැග්ග විට ඔවුන්ට සෘනාත්මක අයට ඔබ අසලට ඒමට නොහැකි වනු ඇත.
රත්නා පුෂ්ප කුමාරි
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ , ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා