ධනවත් වීමේ සිහිනයට යථාර්ථවාදී විකල්ප.

0
179

මෝටර් රථ කර්මාන්තයේ හිනිපෙත්තට නැගී සුපිරි ධනවතෙකු වූ හෙන්රිෆෝඩ්ට අවශ්‍ය වූයේ වෙනස් දෙයක් වෙනස් අයුරකින් කිරීමටය.

ඔහු සිතුවේ සෑම කෙනකුටම මෝටර් රථයක් තම පෞද්ගලික පාවිච්චියට ලබා ගැනීමේ අවශ්‍යතාව ඉටු කිරීමට යමක් කළ යුතු බවයි.

වර්තමානයේ පෘථිවියේ සිටින මහා ධනවතෙකුටද එවන් සිහිනයක් තිබිණි .ඒ සෑම කෙනකුටම පෞද්ගලික පරිගණකයක් හිමිකර දිමය.
ස්ටීව් ජොබ්ස්ට තිබූ සිහිනය වූයේ පරිගණකයන් කරන කාර්යයන් කිරීමට ජංගම දුරකථනයෙන් පහසුකම් සලසා දීම පිළිබඳවය .
ඔවුන් සැමටම සිහිනයක් තිබිණි.

ඔවුන් සැමටම ධනවත් වීමට අවශ්‍ය විය .
ඔවුහු සැවොම එය යථාර්ථවාදී විකල්ප මාර්ග ඔස්සේ සාක්ෂාත් කරගත්හ.

ජැක්මා චීනයේ ධනවතා වූයේ අසාර්ථකවීම් ප්‍රතික්ෂේප වීම් සිය ගණනකට පසුවය.

ඔහු කියන්නේ “මිනිසුන් තමා පිළිබඳව විශ්වාස කරනවාට වඩා වෙනත් අයෙක් යටතේ රැකියාවක් කරමින් එක තැන පල්වීමට සූදානම් නම් සාර්ථකත්වයේ සිහිනය සැබෑවක් නොවන බව ය .
මෑතකදී මා හට හමුවූ උපාධිධාරිණියක් වූ අවුරුදු 58 කාන්තාවක් මානසිකව, ආර්ථික හා සමාජයීය වශයෙන් ද අසරණ වූ අයෙකි.

සුදුසු රැකියාවක් රාජ්‍ය අංශයෙන් පමණක් අපේක්ෂා කළ ද එය සිදු නොවිය.

රැකියාවක් ලැබෙන තුරු විවාහය පමා කළ නිසා විවාහය ද සිදු නොවීය.

දැනට පවුලේ අයගේ උදව්වෙන් ජීවිතය ගැටගසා ගත්තද ඉතාමත් අසරණව ඉච්ඡාභංගත්වයට පැමිණ මානසිකව ද රෝගී තත්ත්වයක පසුවන්නියකි.

ඔබ කුමන අංශයක හෝ රැකියාවක නිරත වුවත් සුපිරි ධනවතෙකු වන බිල් ගේට්ස් පවසන්නේ විකල්ප ආදායම් මාර්ග නැතහොත් ජීවිතය ජයග්‍රහණය කළ නොහැකි බවයි.

චිනයේ සුපිරි ධනවතා පවසන්නේ
කෙසෙල් ගෙඩියක් හා මුදල් මල්ලක් වදුරෙකුට ලබා දුන්නොත් ඒ වදුරා කෙසෙල් ගෙඩිය ලබා ගන්නේ මුදල් මල්ලේ වටිනාකම නොදන්නා බැවින් මෙන්ම මිනිසුන් රැකියා පසුපසම හඹා යන්නේ තමන්ගේම ව්‍යාපාරයක් තුළින් යා හැකි දුර නොදන්නා නිසා කියාය .
ලොව පුරාම ධනවතුන්ගේ අතීත කතාවේ ඇත්තේ ඔවුන් තමන් පිළිබඳ තබා ඇති විශ්වාසය .
අත් නොහැරම ඉලක්කය කරා යෑමේ ආකල්පයයි. දැවැන්ත අපේක්ෂාවන් කරා යෑමට සිතේ නිර්මාණය කරගන්නා චිත්තරූප දිනෙන් දින සාක්ෂාත් කර ගැනීමයි.
ලොව පුරා ජීවත්වන හා ජීවත් වූ සියලු සාර්ථක මිනිසුන්ගේ ජීවන කතාවේ ඇත්තේ සමාන පොදු සාධකයි .
සාර්ථක වූ අයගේ මානසිකත්වය තුළ ඇති වූ එම ආකල්ප අසාර්ථක වූවන්ගේ මනස කිසිදා ලියැවී නැත .
ඔබට සිහිනයක් නැතිනම් බලාපොරොත්තු ගොන්නක් තිබුනත් ඒවා යථාර්ථ කරගැනීමට නම් නිසි සැලසුමක් හා ක්‍රියාත්මක වීමේ පළමු පියවරද ඉක්මනින් තැබිය යුතුය.

එහෙත් බොහෝ දෙනෙකුට ඇත්තේ එම පළමු පියවර තැබීමට ඇති පසුගාමිත්වයයි .මෙම තත්වය

පුද්ගලයකුගේ ජානමය , පාරිසරික හා මොළයේ සහයෝගය ලැබෙන ප්‍රමාණය මත දෝලනය වන සංකල්පයකි.
මෙහි පළමු පියවර තැබීමට විද්‍යාත්මකව තමන් හඳුනා ගැනීම හා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීම වඩා සුදුසු ක්‍රමයයි .
කෙටි කාලයක් තුළ අති සාර්ථක පුද්ගලයන් අතරට ඔබටද එක්විය හැකිය.

මුලින්ම මනසේ ඒ සාර්ථකත්වය ලියාගන්න. ඉන්පසු නිසි ක්‍රමවේදය හඳුනා ගැනීම තුළ ඔබ ඒ කරා නියත ලෙසින්ම පියවර තබනු ඇත.

රත්නා පුෂ්පකුමාරි

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න