මල්ලී හිට් වෙනවා. විජය කුමාරතුංග කීවලු… ක්‍රිකට් හා ගායනය මුසු කරන ටිරෝන්.

0
185

ටිරෝන් මද්දුමගේ.කියන්නෙ ” ඈ තාරකාවී ” ගීතයත් එක්ක සංගීත ලෝකය හොල්ලපු ජනප්‍රිය ම තරුවක් .ටිරෝන් ගෙ පවුලෙ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධ නැතත් ටිරෝන් කුඩා කළ සිටම පිස්සුවෙන් වගේ සංගීතයට ආදරය කරන්න පටන් ගත්තා විතරක් නෙවෙයි තනියම සංගීතය ඉගෙන ගන්නත් පටන් ගත්තා.වාදකයෙක් වෙන්න උපරිම දක්ෂතා පෙන්වන්න පටන්ගත්ත.

ටිරෝන් දවසින් දවස සංගීත ඥානයට වගේම ආදරය කළ තවත් ක්ෂේත්‍රයක් තිබුණා ඒ තමයි ක්‍රිකට් .

ටිරෝන්ගෙ පවුලෙ අවුරුද්දෙන් අවුරුද්ද ඉපදුන දරුවො එකොලොස් දෙනෙකු අතරින් ටිරෝන් හත්වැනියා. වැඩිපුරම ආස ක්‍රිකට්වලට වුනත්, පාසලේ ක්‍රිකට්වලට දක්ෂයෙක් වුණත් එකොලොස් දෙනෙක් දරුවො පෝලිමට පාසල් ගිය ඒ ගෙදර ටිරෝන්ට ක්‍රිකට් ගහන්න වියදම් කරන්න තරම් ආර්ථික පසුබිමක් තිබුණෙ නැතිළු.

උපතින්ම කතෝලිකයෙකු වුන ටිරෝන් පල්ලියේ කන්තාරුහඬට වගේම පංසලේ ගාථාවලටත් ඇළුම් කළ නිසාම තව තවත් සංගීතයට ඇළුම් කරලා ඔහු ඒක පුද්ගල සංගීත ප්‍රසංග ගණනාවක්ම පවත්වන්නට සමත්වීම ඔහුට සංගීත ක්ෂේත්‍රයට නිල වශයෙන් පා තබන්නට කළින් සිටම ජනප්‍රියත්වය කැඳවන්නට සමත් වෙනවා.

ජයන්ත කළුපහන ටිරෝන් නිර්මාණය කළ තනුවකට ගී පද ලියාදෙනවා. ඒ තමයි ටිරෝන්ට වාසනාව ගෙනා ගීතය. ” ඈ තාරකාවී” 90 දශකයේ ජනප්‍රිය රැල්ලේ සිට අදටත් ටිරෝන්ගේ ජනප්‍රියත්වය එකසේ රඳවා ගත් ඒ ගීතය පටිගත කරන්න විශේෂ පුද්ගලයෙක් අහම්බෙන් උදවු කරනවා.

ඒ තමයි විජය කුමාරතුංග. දයානන්ද මහත්තයාගෙ ශබ්ධාගාරය බුක් කරල , එතුමාගේ ගීතයක් පටිගත කරන්න. ඊට පැයකට කලින් ශබ්ධාගාරයට යන ටිරෝන්ගෙ ගීතය පටිගත කිරීම ඇරඹුනේ විජය කුමාරතුංග පැමිණෙන තුරුයි. පටිගත කරන අතර තුර එහි පැමිණෙන විජය ටිරෝන්ගෙ පටිගත කිරීම දෙස බලා සිට කමක් නෑ මේ මල්ලිගේ වැඩේ අතර මග නවත්තන්න එපා. මම එතකන් වාහනේ ඉන්නම්, ඉවර වෙලා කතාකරන්නැයි දයානන්ද මහත්තයාට කීවෙ, මල්ලී වැඩේ ලස්සනයි ,කිසිම ආධුනික කමක් පේන්නෙ නෑ මතක තියාගන්න මේ සිංදුව හිට් වෙනවා යැයි කියා ටිරෝන්ගෙ පිටට තට්ටුවක්ද දමමින් . විජයගේ ඒ අනාවැකිය පරිදිම ටිරෝන්ට වාසනාව ගෙනා ඒ ගීතය වෙනුවෙන් පැය ගණනක්ම තමන්ගේ මෝටර්රථයට වී නිදාගන්න විජයට සිද්ද වුනා විතරක් නෙවෙයි තමන්ගෙ පටිගත කිරීමත් වෙනත් දවසකට යොදාගන්න සිද්ද වුනාළු.

කොයිතරම් ජනප්‍රිය ගායකයෙක් වුවත් කුඩා කළ වූ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වූ ආදරයට ඔහු දැවැන්ත වැඩක් කලාව සමග මුසුකොට පටන් ගන්නවා. ඒ තමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගායන කුසලතාවය ද එක්කොට ගීතයක් නිර්මාණය කිරීම.ක්‍රිකට් ක්‍රීඩකයන් විසි ගණනක් එක්කොට ඔහු නිර්මාණය කළ ලෝක කුසලාන ගීතය විසල් වටිනාකමක් එක්තැන් කළ නිර්මාණයක් වුවත් තමන්ට විවිධ ගැටළුවලට මුහුණදෙන්නට සිදුවූ සහ අප රටේ විවිධ පුද්ගලයන්ගේ කෙනෙහිලිකම් ඉවසන්නට වූ නමුත්, ඒ ගීතය විසල් හීනයක් ජය ගැනීමකැයි ටිරෝන් පවසනවා. ගීත ක්ශේත්‍රයේ පුංචිම තැනකින් පටන් ගෙන ලොකු ස්ථාවරයකට පැමිණි ටිරෝන් අදටත් ගායක එච් ආර් ජෝතිපාල මහතාගෙත් නිහාල් නෙල්සන් මහතාගෙත් ප්‍රබල රසිකයෙක් බව අපට කියන්නත් ඔහු අමතක කළේ නෑ.

නවකයන් ප්‍රවීනයන්ගේ ගීත ගයමින් තරගවලින් දිනුවාට කමක් නෑ.හැබැයි එයින් පසු දිගින් දිගටම ඒ ගීතවලින් ඉදිරියට යෑමට උත්සහ දැරීම ඔවුන් විසින්ම තමාව යටපත් කොට ගෙන තමන්ගේ අනන්‍යතාව වනසා ගැනීමක්. ගායකයෙක් ගායිකාවක් විදිහට තමන්ගෙ අනන්‍යතාවයක් ගොඩ නගාගන්න බැරි කවුරුවත් තමන්ගේ නමට ඉදිරියෙන් ගායක හෝ ගායිකා කියන හැඳින්වීමට අයිතිවාසිකම් කියන්නේ නැහැ යැයි ඔහු පවසනවා.
ආධුනිකයෙක් විදිහට පැමිණ අද වන විට ප්‍රවීන ගායකයෙක් තනු නිර්මාණ කරුවෙක් ලෙස නමක් දිනූ ටිරෝන් මේ දිනවල ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා වෙනුවෙන් ගීත කීපයක් නිර්මාණය කරන බව අපට පැවසුවා.

යසස්විනී ජයතිලක

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න