හඳට ගල් ගහමු. අඩුම තරමේ එය පොල් ගහ මුදුනටවත් වදිනු ඇත.

කාන්තාවනි…..
හඳට ගල් ගහමු. අඩුම තරමේ එය පොල් ගහ මුදුනටවත් වදිනු ඇත……
සමාජයේ බොහෝ දෙනා පවසන කියමනක් තමයි “ඕනෑම සාර්ථක පිරිමියෙකු පිටුපස ශක්තිමත් කාන්තාවක් සිටින බව.” කාන්තාව කියන්නේ විශ්වයේ ශක්තිමත් ම ජිවියා වුවද ඇයගේ සාර්ථකත්වය පිටුපස නම් තියෙන්නේ කදුලු කතාවක් එහෙමත් නැත්තම් ප්‍රතික්ෂේප වීමක්,හෝ අසරණ බවක්. කාන්තාව දියණියක ලෙස, බිරිඳක ලෙස, මවක් ලෙස කරන සමාජ භුමිකාව තුල තමා වටා සිටින හැමෝගෙම ජීවිත අර්ථවත් කිරීමට වෙහෙසෙන චරිතයක් .කාන්තාව හිතුවොත් ඇයට කරන්න බැරි දෙයක් නැහැ.ආශාව, අවශ්‍යතාවය , කැමත්ත තියෙනවානම් කාන්තාවට තමාගේ හීනය සැබෑ කරගන්න ,තමාගේ ඉලක්ක වලට යන්න පුළුවන් හැකියාවක් විශ්ව ශක්තියෙන්ම ලෑබී තිබෙනෙවා.
අද වර්තමාන කාන්තාව මූළුතැන්ගෙට ,තම පවුලට පමණක් සීමා වෙලා නැහැ.ඇය නිදහස්ව ඇගේ ජීවිත ගමන යනවා වර්ථමානයේ දක්නට ලැබෙනවා,ඒ වගේම ඇගේ සාර්ථකත්වය කිසිවෙකු උදව් නොකලත් ඇය ලබා ගන්නා ප්‍රතිලාභ තම පවුලට පමණක් නොව මුළු මහත් සමාජයටම භුක්තිවිදීමට අවස්ථාව ලැබෙනවා.ඔබත් කාන්තාවක් නම් ඔබටත් පුළුවන් සාර්ථක වෙන්න. ඔබ කල යුත්තේ , ඔබ ඔබවම ඉහලින් ඔසවා තබන්න. ඔබ කරන්නේ යහපත් දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔබ සමාජයේ කැපීපෙනෙන කෙනෙක් බවට නිසැකයෙන්ම පත්වේවි.

ඔබ කවුද……..?

ඔබ කවුදැයි ඔබම මුලින් හදුනා ගන්න,ඔබගේ දක්ශතාවයන් මෙන්ම හැකියාවන් හදුනාගන්න.ඒවා වැඩිදියුණුව කරගන්න. නොපසුබට උත්සාහය හා දැඩි වීර්‍යය ඔබට සාර්ථකත්වයේ මග පාදයි. ඔබ ඔබව කිසි විටකත් අවතක්සේරුවට ලක් නොකරන්න. ඔබට හැකි දේ මෙන්ම නොහැකි දේත් හොදින් හදුනා ගෙන ඒ අනුව ඔබේ ගමන පටන් ගන්න. යම් රාමුවක් හෝ සීමාවක් තුල නම් ඔබ සිටිනුයේ”ලිදේ ඉන්න ගෙම්බා වගේ” ලෝකය දකින්න ඔබට බැරිවේවි. රාමුවෙන් සීමාවෙන් පිටතට එන්න. ඔබේ දුර්වලතා වලට හිස ඔසවන්නට ඉඩ නොදෙන්න. හදට ගල ගසන්න.අඩුම තරමේ එය පොල් ගහ මුදුනටවත් වදිනු ඇත .විශාල ලෙස හිතන්න පුරුදු වෙන්න.

ඔබට විරුද්ධව සිටින්නන්ට හ අකුල් හෙලන්නන් නිසා නොවැටෙන්න. ඔවුන් ගැන හදවතින් ස්තුති කරන්න..මක්නිසාද ඔබේ ගමන ට මුල් දිරිමත් කිරිම ඔවුන්ගෙන් ලැබෙන නිසාවෙනි,ඔවුන් එසේ නොකලනම් ඔබ තවමත් එක තැන පල්වෙන අයෙකි. ඔබ පියවරෙන් පියවරට ඉදිරියට යද්දී

” ඵල ඇති රුකට ගල්
වදින බව “අමතක නොකරන්න.එවිට ඔබේ ගමන් මග වෙනස් කිරීමට හෝ ඔබට බාධා කිරීමට මේ ලොව කිසිවෙකුටවත් හැකියාව නොලැබේවී.ඔබ ඔබටම ගරු කරන්න.ඒ ගරුත්වය ඔබම රැක ගන්න.ඔබ ඔබට ආදරය කරන්න. අඩ බෙර නොගහා නිහඩව සන්නද්ධ වෙන්න .අඩබෙර ගැසීමෙන් වන්නේ ඔබ හිතා මතාම ඔබේ ගමන් මගට බාධා වලට දොරටුව විවර කිරීමයි. නිහඩව සන්නද්ධ වී යුද පිටියට පිවිසෙන්න.
ඔබට ජය නියතයි. කාන්තාවක් ලෙස ලොව දිනමු…

-දිල්රුක්ෂි ඉලංගකෝන්-

අදහස 1

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න