2010 වර්ෂයේදී අ.පො.ස.(උසස් පෙළ) විෂය ධාරාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීම නිසා උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට නව මාර්ග රාශියක් විවර වී තිබේ.. විද්‍යා, ගණිත, කලා සහ වානිජ යන විෂය ධාරාවන්ට අයත් විෂයන් දෙකක් සමග හැදෑරිය හැකි වන පරිදි මෙම විෂය හදුන්වා දී ඇති අතර 2013 වර්ෂයේ සිට තාක්ෂණ විෂය ධාරාව සමගද හැදෑරීමට හැකියාව පවතී.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අයදුම් පත් සමග නිකුත් කරන මාර්ගෝපදේශ පොතට අනුව තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ඒවායේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා වර්ග හා එම උපාධි පාඨමාලා සඳහා සපුරා තිබිය යුතු තිබිය සුදුසුකම්ද පහත දැක්වේ.
තොරතුරු පද්ධති (Information Systems) පිළිබඳ උපාධිය-
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක අධ්‍යනාංශය (UCSC) |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථ තිබිය යුතුය. උපාධි පාඨමාලා වර්ග දෙකක් ඇත. |
තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධීය (B.Sc. (Hons) Information Technology & Management)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | මොරටුව විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, විෂයන් දෙකක් සමත්වී තිබීම. (ඉන් එක් විෂයකට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.) මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය. |
පරිගණක විද්‍යා විද්‍යාවේදී උපාධිය (B.Sc. Computer Science)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක අධ්‍යනාංශය (UCSC), යාපනය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ඕනෑම විෂයන් 3ක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය. |
කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Management & Information Technology (MIT))
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | කැළණිය විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විද්‍යා විෂයන් 3ක් සමත්වී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව යන විෂයන් වලින් එකකට සම්මාන සාමාර්ථ තිබීම. |
පරිගණනය සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Computation & Management)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | පේරාදෙනිය විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය හෝ ආර්ථික විද්‍යාව ඇතුළු ඕනෑම විද්‍යා, ගණිත, වානිජ සහ කලා විෂයක් සමත්වී තිබීම. |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology (ICT)) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | රජරට විශ්ව විද්‍යාලය යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. |
පරිගණක විද්‍යාව හා තාක්ෂණය (Computer Science and Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. |
කර්මාන්ත තොරතුරු තාක්ෂණය (Industrial Information Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. |
කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Management and Information Technology (B.Sc. in MIT))
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: | ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL) |
අවශ්‍ය අවම සුදුසුකම්: | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. |
ඉහත දක්වන ලද තොරතුරු තාක්ෂණ උපාධිවලට අමතරව උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් අතරින් විද්‍යා සහ ගණිත විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අදාළ ප්‍රධාන උපාධී පාඨමාලාවලට සුදුසුකම් (වෛද්‍ය සහ ඉංජිනේරු වැනි) නැති වන අතර කලා සහ වානිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අයත් සෑම උපාධි පාඨමාලාවකටම සහභාගි විය හැකිය. මීට අමතරව වෙනත් විශේෂ උපාධි පාඨමාලාවලටද සහභාගි විය හැකිය.
-තාරකා මැදදුවගේ-