බඩ වැහෙන්න සාරිය අදින හැටි…

0
707

සාරිය කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුමකි. කාන්තා විලාසිතාවන්ට බොහෝ සංවරශීලී පෙනුමක් එක්කරන විලාසිතාවකි. නමුත් මේ විලාසිතාවේ වැදගත්කම නැති කරන එක් අවස්ථාවකි බඩ, නැතහොත් උදරය.එහි අදහස උදරය ඉදිරියට නෙරූ උදවිය ට සාරිය නොගැලපෙන බවද, නැත. උදරය කොතෙක් නෙරා තිබුණත් සාරියෙන් ලස්සනට සැරසීමට එය බාධාවක් නොවේ . සාරිය ප්ලීට් තබා ඇන්දත් පොට කඩා දමා ඇන්දත් උදරය වැසෙන්නට ඇඳීමෙන් බඩ ඉදිරියට නෙරා ආ බව සැඟවිය හැකිය.

මුළින්ම මුහුණ බලන කණ්නාඩිය ඉදිරියේ සිට ගන්න. තම සිරුර දෙස හොඳින් බලන්න. මෙහිදී අවංකව ඔබේ සිරුරේ හැඩය කෙරෙහි හැඟීමක් ගත යුතුය. බඩ ඉදිරියට නෙරා ආ බොහෝ දෙනෙකුගේ පසු පස ප්‍රදේශය මදක් අඩු බව දිස්වේ. එය සාරිය අඳින ක්‍රමයෙන් මදක් වෙනස් කර පෙන්විය හැකි බැවින් කලබලයට පත් නොවෙන්න. සමහරුන්ගේ උකුල එතරම් පළලට නොපෙනේ. එයටද පුංචි ප්‍රයෝගයක් පවතී . අතට ගත් සාරිය ඔබ ප්ලීට් කර අඳිනවා නම් පඩිපෙලක ආකාරයට එක මත එක සිටින සේ ප්ලීට් කරගන්න. එය එහා මෙහා විසිරී නොයන්නට කෙළවරින් කටුවක් ගසා ගත යුතුය. දැන් ඔබ සාදා ගත් ප්ලීට් සහිත සාරි කොන, ඔබගේ පිටි අත්ත මතින් යවා උරහිස ට සමාන්තරව අත ඔසවා පිටි අල්ල මත රැඳි සාරි පොට කොටසේ ඔබට අවශ්‍ය දිග එහා මෙහා කර සකස් කර ගන්න.සමහර හැට්ට කරවලට පබලු ආදියෙන් මෝස්තර යොදා තිබෙන්නට පුළුවන. මේ ආකාර⁣යට උරහිසට යොදා එහා මෙහා කර පොටෙහි දිග සකස් කරනවාට වඩා මේ ක්‍රමයෙන් හැට්ටයටද හානියක් නොවේ.දැන් උරහිසට යෙදූ පොට හැට්ටය හා එකතුවන සේ කටුවකින් රඳවා ගන්න.දැන් පඩිපෙළක් ආකාරයට ප්ලීට් තැබූ පොටෙහි දකුණු පස කෙලවරින් සාරිය අල්ලාගෙන එය සාමාන්‍යයෙන් සාරිය ඉන රඳවන ක්‍රමයෙන් බැහැරව ඉදිරි සාරි පොට අස්සෙන් රිංගවා වටයක් කරකවා උකුල අඩු අයෙක් නම් උකුළට රැල්ලක් තබා උකුළ ප්‍රදේශයෙන් සාරි කෙළවර ඉනට රඳවන්න.දැන් එවිට සාරියේ ඉදිරිපස රැළි තබන කොටස නිදැල්ලේ ඔබ ඉදිරිපිට වැතිර තිබෙනු ඇත. දැන් ඒ කොටස ඉදිරියට ගන්න. මෙවිට දකුණු පස පියයුර මතින් පොට එන ලෙස සාරියේ කෙලවර අල්ලා එය උදරය මතින් ගෙන උදරය තදවන සේ දකුණු පස තෙක් ගෙනවිත් කටුවක් ගසා රඳවා ගන්න. ඉන් පසුවද ඔබ ඉදිරියෙන් නිදැල්ලේ වී හැඩය ගත් සාරි කොටසක් ඉතිරිය. දැන් ඉදිරිපස රැළි තබන්න පටන් ගන්න. මෙවිට එම කොටස අවසන් වන තුරු රැළි තැබුව හොත් උකුළ හරහා රැළි මෙන්ම පසුපස කොටස හා ඉණ වැසෙන සේ රැළි බොහෝමයක් එනු ඇත. එය සිරුරේ හැඩ මකන බැවින් රැළි දෙකක් පමණ නොතබා එම කොටස අතඇර දමා ඉසිරි පස රැළි ටික ඔබේ හැට්ටයේ ඉදිරිපස විවරයට කෙලින් රඳවා යටට අවශ්‍ය නම් කටුවක් ගසාගන්න. රැළි පඩිපෙලක ආකාරයෙන් තබා ගත් නිසා සාරියේ ඉදිරිපස පිම්බීම වළක්වමින් උදරය තවත් නෙරා ආ බව වලක්වමින් මනා හැඩයක් මතු කරවනු ඇත. දැන් අර ඉතිරි කළ රැළි දෙකක පමණ සාරි කොටස වම් අතින් අර රැළි අතරට අත දමා නවන්න. එවිට සාරි පොටේ රැළි දිග හැරෙන්නේ උකුලට යටින් දණහිස අසලිනි. මෙවිට උදරය සම්පූර්ණයෙන්ම වැසී පැතලි ස්වභාවයකුත් ලැබී සිරුරට හැඩයක්ද මතු කරයි. පිටුපසට එක රැල්ලක්වත් නොඑන මේ ක්‍රමයෙදී උදරයටද පැතලි බවක් එකතු කරන නිසා පස්ස පැත්ත මදි ගතියක් පෙන්වීමද නවතයි.

නැවත කණ්නාඩියෙන් බලන්න. කලින් දුටූ අඩුපාඩු ඔබේ සිරුරෙන් මැකී ගොස් ඇති.පොට ප්ලීට් කිරීමේදී එය රඳවා ගන්නට අප ගැසූ කටුව දැන් ඉවත් කළ යුතුය.

මේ ක්‍රමයෙන් පසුව දැන් අපි පොට කඩා දමා සාරිය අදින හැටි ඉගෙන ගනිමු. සාරි පොට උරහිස මතින් යවා ඔබේ පාදවල බත් කෙණ්ඩ හරියට දිග තිබියදී උරහිස මත රඳවා කටුවක් ගසා ගන්න.දැන් පොට අත උඩින් දැමූ විට බිම නොගෑවෙන සහ නොපෑගෙන තරමට පොට ඉබේම සකස් වී ඇති.දැන් අනෙක් කෙලවර තුළින් සාරිය අල්ලා ගෙන පෙර පරිදිම සිරුර වටා වටයක් යවා කෙලවර ඉණෙහි රඳවන්න. එවිට කලින් වතාවේ මෙන්ම රැළි තබන කොටස ඔබ ඉදිරියේ නිදැල්ලේ තැබේවි. දැන් පපුව මතින් මැදින් සාරි පොට ගෙන බඩ තදකර වැසී යන පරිද්දෙන් දකුණු පසට ඇද කටුවක් ගසා රඳවා ගන්න. දැන් පෙර පරිදිම පඩිපෙලක ආකාරයට රැළි තබා .කොටසක් ⁣අතහැර රැළි, උදරයේ හැට්ට විවරයට කෙලින් යටට ගසා රඳවා ගන කටුවක් ගසන්න.ඉතිරි කළ රැළි කොටස පෙරපරිදිම වමතින් දකුණු කකුල දෙසට නවන්න. දැන් ඔබ සාරිය ඇඳ අවසන්. අත මත රඳවන පොට කොටසේ වාටිය අසලින් අල්ලා ඉහළට ගෙන වම් පස ඉනේ කෙළවරට එක්කොට කටුවක් ගසාගන්න. දැන් පොට අතට උඩින් දැමූ විට ඉතාම ක්‍රමානුකූලව උදරය වැසී යන සේ සහ සිරුරේ හැඩ මතුවන සේ සාරිය ඇඳ ඇති බව ඔබ දකීවි.
කාන්තාවකගේ සිරුරේ වැඩිම හැඩයක් මතුවන්නේ සිරුර නිරාවරණය වූ විට නොව ආවරණය කර ඇන්ද විට බව දැන් ඔබ පැහැදිලිවම පෙනෙනු ඇත.

-යසස්විනී ජයතිලක-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න