ලෝකයේ indoor plants ගැන කතා කරද්දී වැඩිම ආකර්ෂණයක් ලැබී ඇති වැඩිම අවධානයක් ලැබී ඇති ශාකයක් තමයි Succulents ශාකය. Indoor plants අතරින් ඉතාමත් අපූර්ව ශාකයක් වන මෙම දැකුම්කළු ශාක වර්ගය නඩත්තු කිරීම, බෝකර ගැනීම ඉතාම පහසුය. ඒ වගේම විවිධ වර්ණ වලින් ද මෙම ශාකය දැකගන්නට පුළුවන්.
සතියකට එක් වරක් පමණක් ජලය දැමීම ප්‍රමාණවත් වන මෙම ශාක විශේෂයේ මුල් ආරම්භය වියළි කාන්තාරයි. මෙම ශාක වියළි ප්‍රදේශවල බාධාවකින් තොරව වැඩේ. එයට හේතුව වන්නේ මෙම ශාක පත්‍ර වල ජීවී සෛල තුළ 90%-95% අතර ප්‍රමාණයක් ජලය පැවතීමයි.
මෙම ශාකයන්ට Succulents යන නාමය ලැබී ඇත්තේ මේ ශාකයේ පත්‍ර වල ස්වභාවය නිසාවෙනි. ‘Sucus’ යනු යුෂ සහිත යන්නයි. Succulents කියන්නේ ලතින් (Latin) නමක්. මෙම Succulents පවුලේ ප්‍රභේද වර්ග හැටක් පමණ පවතී. ඒ වගේම රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම් යන දේදුන්නේ වර්ණ වලට අමතරව අළු, රෝස යනාදී වර්ණ සියල්ලම ලා සහ තද වශයෙන් එක්වී මෙම ශාක නිර්මාණය වී ඇත. පරීක්ෂකයන්ට අනුව මෙම ශාකයේ වර්ණය හිරු එළිය, ජල අන්තර්ගතය හා උෂ්ණත්වය යන කරුණු මත නිරන්තරයෙන්ම වෙනස් වීමට ලක් වෙනවා.
Succulents ශාකයේ ශාක පත්‍ර ගලවා වෙන් කොට පැළ බෝ කර ගැනීමේ හැකියාව පැවතීම ද මෙම ශාකයේ විශේෂත්වයකි. ඒ විතරක්ද මෙම Succulents ශාක සැරසිලි සහ ආභරණ සෑදීමට ද යොදා ගන්නා බව ඔබ දන්නවාද? ලෝකයේ නවීන විලාසිතාවන්ට අනුකූලව කරාබු, මුදු, මාල යනාදී ආභරණ සෑදීමට මෙන්ම මනාලියන්ගේ පාවහන් මල් කළඹ සහ කොණ්ඩය සැරසීමට ද මෙම ශාක භාවිතා කරයි .
Succulents ශාකය අපේ රටේ ඉතා සුලභව දක්නට ලැබෙන්නේ නැත. මේවා නිවාස තුළ වවද්දී නඩත්තුවක් ලබාදීමට අවශ්‍ය ය. එසේ නොවුණහොත් වර්ණ වෙනස් වීම, පෙති හැලීම සිදු විය හැකිය. මෙම ශාක නිවස තුළ සෑදීමේ දී පහත කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.
1) දවසකට අඩුම පැය හයක්වත් හිරු එළිය වැටීමට ඉඩ හැරිය යුතුය. එනම් රිසිසේ හිරු එළිය වැටීමට සැලැස්විය යුතුය. මෙහිදී පැලයේ එක පැත්තකට හිරු එළිය වැටීමට නොදී හැම පැත්තක්ම හිරු එළියට නිරාවරණය වන ලෙස හැරවිය යුතුය. නමුත් අලුතින් පැල කරන ශාක මුල් අදින තුරු කෙලින්ම හිරු එළියට ආවරණය වීම වැළැක්විය යුතුය.
2) මෙම ශාක ස්වභාවික ලෙස තෙත් කාලයට අවශ්‍ය ජලය ශාක පත්‍ර තුළ ගබඩා කරගන්නවා. එයද මෙම ශාකයේ සුවිශේෂී ලක්ෂණයක්. අධික ලෙස ජලය දැමුවහොත් ශාක මැරී යනවා. පරීක්ෂකයන් පවසන පරිදි අපේ ඇඟිල්ලෙන් අඟල් 1.25 ක් පමණ පස් වලට යට කර බැලූ විට ඒ පස වියළි නම් පමණයි ජලය යෙදිය යුත්තේ.
3) පෝච්චියේ ජලය බැස යාමට සිදුරු තිබේ නම් හොඳින් ජලය දමා ජලය බැස යාමට ඉඩ හැරිය යුතුය. සිදුරු කර නොමැති නම් මුළු පසම තෙත් වන පරිදි ජලය නොදැමිය යුතුය.
4) මෙම Succulents ශාකය රෝපණය කිරීමේදී පස් මිශ්‍රණය සැකසීමේදී ජලය රඳවා නොගන්න ද්‍රව්‍ය භාවිත කළ යුතුය.
5) මෙම ශාකයට පොහොර යෙදීම අත්‍යවශ්‍යම නැති වුවද අපිට පුළුවන් වැස්ස කාලේ ඇරෙන්න ගහ හොදට වැඩෙන කාලෙට පොහොර ටිකක් එකතු කරන්න.
ඉතින් ඔබත් ඉතාමත් අපූර්ව දැකුම්කළු Succulents ශාකයක් නිවසේ, පන්ති කාමරයේ, කාර්යාලයේ අලංකරණය සදහා රෝපණය කර ගන්න. ඒ සදහා කුඩා ඉඩකඩක් ප්‍රමාණවත් වේ.
-ටෙක්ලා දිල්රුක්ෂි-