ඔබත් හැමදාම පරිප්පු කනවද..?

0
287

පරිප්පු කනවා නම් රසට කන්න ….

සාමාන්‍යයෙන් කුමක් හෝ ගැටලුවක් ප්‍රශ්නයක් ආ විට බොහෝ අය කියනවා
” අපිත් කන පරිප්පු කියා “

ඒත් ශ්‍රී ලාංකීය සෑම නිවසකම පරිප්පු නැති දවසක් සොයාගන්න බැරි තරම් ..
ඒ වගේම පරිප්පු නැති හෝටලයක් හොයාගන්නත් බැරි තරම්…..

ඒ නිසා අපි බලමු පරිප්පු රසට ගුණට විවිධ ආකාරයෙන් පිසගන්න ක්‍රම කීපයක් ……

1) සාමාන්‍ය කිරට පරිප්පු පිසගන්නා ජනප්‍රියම ක්‍රමය …. සුදුලුනු , රතුලූනු , අමුමිරිස්, කරපිංචා , රම්පෙ, කුරුදු පොතු , තුන-පහ , මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට ලුණු සමග පොල් කිරි යොදා පිස ගන්නා පරිප්පු කිරට සාදාගන්නා ජනප්‍රියම ක්‍රමය…

2) පරිප්පු මිරිසට.

කලින් කී සියලුම දේවල් එකට දමා උම්බලකඩ හෝ වියළි හාල්මැස්සන් දෙතුන් දෙනෙකුත් එකතු කොට වතුරින් පරිප්පු තැම්බුනාට පසු පරිප්පු ඉවතට ගෙන භාජනයට තෙල් දමා තෙල් රත්වූ පසු අබ, සුදුලූනු කරපිංචා ඒ වගේම මිරිස් කැබලි ස්වල්පයක් දමා සකසා ගන්නා මීලග ජනප්‍රියම ක්‍රමය…
( කිරට පිසගත් විට ඉක්මනින් නරක් වීමට ඉඩ ඇති නිසා මෙය ආහාර රැගෙන යන අයට වඩා සුදුසු ක්‍රමයක්…)

3) පරිප්පු බැදුම.

මෙහිදී මේ සියලු දේවල් එකතු කර කෝන්ෆ්ලවර් ටිකක් ද එකතු කර වතුර ඉතාමත්ම අඩුවෙන් යොදා පරිප්පු තැම්බුන පසු වතුර සිදෙන්නට හැර පරිප්පු බැදුම සාමාන්‍ය බැදුමක් පිලිවෙල කරගන්නා ආකාරයට සකස් කරගැනීම ” පරිප්පු බැදුම ” ලෙස හඳුන්වන්නට පුළුවන්.

4) පරිප්පු පලා වර්ගයක් සමඟ.

වශේෂයෙන්ම දරුවන්ට පරිප්පු ප්‍රියමනාප වුවත් පලාවර්ග ප්‍රියමනාප නොවන නිසා පෙර කී මිරිසට එහෙම නැත්නම් කිරට සකසා නිවිති තම්පලා, මුකුණුවෙන්න, සාරණ ආදී පලා වර්ගයක් ද පරිප්පු තැම්බුනාට පසුව එකතු කර කැමති පරිදි කලින් ආකාරයට කිරට හෝ මිරිසට සකසා ගැනීම මින් අදහස් වෙන්නේ..

5) පරිප්පු මැල්ලුම….

පරිප්පු හොඳින් තම්බා ගෙන ( මෙහිදී බෙරි වෙන්නට තම්බා නොගත යුතුයි )
පොල් , සුදුළූණු ගම්මිරිස් , කහ , ලුනු , කරපිංචා සමග හොඳින් කොටා ගෙන තම්බාගත් පරිප්පු වලට එකතු කර පරිප්පු මැල්ලුම සකසා ගත හැකියි .

හැමදාම කන පරිපු විවිධාකාරයෙන් සකසා ගැනීමෙන් ඔබට පෝෂණය වගේම රස වගේම ඇසටත් දිවටත් ප්‍රිය කරන ආකාරයට වෙනස් ආකාරයෙන් පිළියෙල කර ගැනීමෙන් විශේෂයෙන්ම දරුවන්ට පරිප්පු කෑමේ රුචිකත්වය වැඩි කළ හැකියි.

මේ විදියට ඔබ කැමති ආකාරයට රසට පරිප්පු දාගත්තොත් හැමදාම වුණත් පරිප්පු කන එක ප්‍රියජනක අත්දැකිමක් වේවි…

-ටෙසාරා රනුලි-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න