සැබැවින්ම සතුට තියෙන්නේ කොහේද……
සමහර වෙලාවට ඔබ ඔබේ සතුට ඇත්තේ කොහේද කියස් දස අතේ සොයන කෙනෙක් වන්නට පුළුවන් ….
” අනේ මට සතුටක් නෑ ” කියමින් දුක් වන්නටත් පුළුවන් ….
හැමදේම තිබිලත් ඔබ ලග සතුට විතරක්
නොතිබෙන්නටත් පුළුවන්.
එසේ නම් මෙන්න මේ කතාව ඔබට මේ සතුට පිලිබඳව දැනගන්න ගොඩක් ප්‍රයෝජනවත් වේවි …..
එක්තරා ධනවත් සුපිරි හෝටලයක අයිතිකරුව්ව්කු සෑම දිනකම තම හෝටලයට ඇතුලු වුණ තැන පටන් මහල් 10 කින් යුත් සෑම මහලකදීම මතුවන , පැන නගින විවිධ ගැටලු නිසා මහත් දොම්නසට හා කම්පනයට පත්ව සිටියා.මෙසේ දස වැනි මහලට ගිය ඔහු එහි සිට ඈත බැලුවා…..
ඔහුගේ මේ සුවිසල් හෝටලයට යාබදව විශාල විලක් තිබුනා. ඔහුට පෙනුණා ඒ විලේ මාළු අල්ලමින් සිටින පුද්ගලයෙක් …ඒ පුද්ගලයා මාළුවන් පස්දෙනෙකු අල්ලාගෙන යන ආකාරයත් ඔහු දුටුවා. එය ව්‍යාපාරිකයෙකු වූ ඔහුට ලොකු ප්‍රශ්නයක් වුණා …
ඊට හේතුව මේ විශාල විලේ ඕනෑ තරම් මාළුවෝ සිටියත් ඔහු අල්ලාගෙන ගියේ පස් දෙනෙක් පමණක් වීම…
ඊළඟ දවසේත් සෑම මහලකම දීම මතුවන විවිධ ප්‍රශ්න විසඳමින් උඩුමහලට ගිය හෝටල් අයිතිකරුට විලෙහි මාළු මාළු බාන අර පුද්ගලයා දකින්නට ලැබුණා.
ඔහු කඩිනමින් උඩු මහලින් බැස විලෙහි අනෙක් පැත්තේ කොනට ඇවිදගෙන ගියා..
එදිනත් ඔහු මාළුවන් පස් දෙනකු අල්ලාගෙන යන හැටි ඔහු දැක්කා… එපමණක් නෙවෙයි ඔහු ගීතයක් සුරුවම් බාමින් ඉතාම සතුටින් හා ප්‍රබෝධයෙන් යන ආකාරය ඔහුට ගැටලුවක් වුණා …
ඔහු උවමනාවෙන් මතක තබා ගෙනම ඊළඟ දවසේදි විලෙහි මාළු බාමින් සිටි පුද්ගලයා අභියසට ගියා…
” මා දින කීපයක සිට ඔබ මෙතන මාලු අල්ලන ආකාරය දැක්කා …සෑම දිනකම ඔබ මාළුවන් පස් දෙනකු පමණක් අල්ලාගෙන යෑම පිළිබඳව මට හරි පුදුමයි…
මේ විලේ කොයි තරම් මාළු ඉන්නවද ….
ඔබට මාළුවෝ පස් දෙනෙක් පමණක් නෙවෙයි මාළුවෝ විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නේද….? නිහඬව මෙය අසා සිටි පුද්ගලයා පුදුමයෙන් මෙන් හෝටල් අයිතිකරු දෙස බලාගෙන හිටියා..
” ඉතින් සර් එහෙම මාළුවෝ ගොඩක් අල්ලගෙන මං මොනව කරන්නද …?
” ඇයි මනුස්සයෝ මාළු වැඩිපුර අල්ලගෙන ව්‍යපාරයක් ආරම්භ කරල ඔහේට මුදල් උපයන්න පුළුවන් නේ…” පෙරකී පුද්ගලයා විමතියෙන් මෙන් නැවතත් ප්‍රශ්නයක් ඇහුවා…
” ඉතින් සර් එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරල මුදල් උපයල මොකද කරන්නේ ….?
” ඇයි මනුස්සයෝ ව්‍යාපාරය දිනෙන් දින දියුණු කරගන්න පුළුවන් ඒ විතරක්ද …ව්‍යාපාරය තවත් ප්‍රදේශ වල ආරම්භ කරන්න පුළුවන්… මෙහි තියෙන හැම විලකින්ම මාළුවෝ අල්ලගෙන ඔබට වෙනත් රටවලට යවන්නත් පුළුවන් ….
නැවතත් පෙර කී පුද්ගලයා ප්‍රශ්නයක් ඇහුවා…..
” ඉතින් සර් ඊට පස්සේ මොකද වෙන්නේ…..” හෝටල් අයිතිකරුට කේන්ති ගියා…
” ඇයි මනුස්සයෝ ඊට පස්සේ ඔහෙට ව්‍යාපාරය දියුණු කරගෙන තමන්ගේ පවුලේ අයත් එක්ක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද …..?
පෙරකී පුද්ගලයා ඉතාම සංසුන්ව පිළිතුරු දුන්නා.. ” සර් මම දැනුත් ඉන්නේ සතුටින් තමයි….”
හෝටල් අයිතිකරුට පුදුම හිතුනා …
” ඔබ ඉන්නේ සතුටින් ….මේ මාළුවෝ පස්දෙනෙක් අල්ලගෙන ගිහින් උඹ කොහොමද සතුටින් ඉන්නේ …?
” සර් මං මේ එක මාලුවෙක් මගේ අම්මටයි තාත්තටයි දෙනවා …තව මාලුවෙක් මගේ ගෙදර කෑමට ගන්නවා …මාළුවෝ තුන්දෙනෙක් මං විකුනනවා .විකුණලා ඒ සල්ලි වලින් ගෙදරට ඕන කරන දේවල් ගන්නවා. මගේ පවුලේ අයත් එක්ක මුළු දවසම සතුටින් ජීවත් වෙනවා… සතුට නම් සර් කියපු දෙයින් අවසානයේ ලැබෙන්නේ සතුට ඉතින් දැනටමත් මං ගාව තියෙනවනෙ. …”
හෝටල් අයිතිකරු මොහොතකට නිහඬ වුණා . ඔහු තම හෝටලය මේ තරම් දියුණු කරගන්නට කොපමණ මහන්සි උනාද …අදටත් ව්‍යාපාරික කටයුතු නිසා තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න , ඔවුන්ට තමන්ගේ කාලය දෙන්න ලැබෙන්නේ , කොයි තරම් අඩුවෙන්ද..? සැබැවින්ම මේ පුද්ගලයා මට වඩාත් සතුටින් ඉන්නව නේද කියා ඔහුට සිතුනා .
හෝටල් අයිතිකරු ඒ පුද්ගලයාට කිව්වා
” මම උගත් කෙනෙක් ඒ වගේම ධනවත් කෙනෙක් ..අර හෝටලය මගේ . ඒත් අවසානයේ හිත ඇතුලේ තබා ගත යුතු සතුට ගැන පාඩම මම දැනගත්තෙ ඔබෙන් .මේ දැන්…
සමහර වෙලාවට ඔබේ සතුටත් ඔබ නොසිතන තැනක තියෙන්න පුළුවන් …ඔබ ලගම තියාගෙන වෙන තැනක හොයනව වෙන්නත් පුලුවන් …
සතුට තිබෙනවා කියා ඔබ යන තැනක ඔබ සිතන තැනක සතුට නොතිබෙන්නත් පුළුවන්…
හොඳින් සිතා බලන්න ඔබ කැමති ඔබේ සතුට සැබැවින්ම තියෙන්නේ කොහෙද කියා …..
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි