ඔබත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳිනවාද….
ගැස්ට්‍රයිටීස් රෝගය නිසාවෙන් අද වන විට ලෝකය පුරා මිලියන ගණනක් ජනතාව දුක් පීඩා විඳිනවා. ශ්‍රී ලංකාවේ ද මෙය සුලබ රෝගී තත්ත්වයක් බවට පත්වී තිබෙනවා.
අද අපේ මෙම ලිපිය මගින් කතා කරනුයේ ගැස්ට්‍රයිටීස් රෝගයට හේතු, ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ සහ ඒ සඳහා කල යුතු ප්‍රතිකාර මොනවාද යන්නයි.
ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වීමට හේතු –
1) තෙල් අධික ආහාර සහ පිටි අධික ආහාර
2) අධික ආම්ලික ආහාර
3) දිගින් දිගටම කුසගින්නේ සිටීම
4) ක්ෂණික ආහාර නිතර භාවිතය
5) නිතර කෝපි භාවිතය
6) බොහෝවිට දණහිස් වේදනාව, කොන්දේ වේදනාව වැනි රෝග වලට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා වේදනා නාශක ඖෂධ.
බහුල වශයෙන් දැකිය හැකි ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ වන්නේ,
1) බඩදැවිල්ල
2) පපුවේ දැවිල්ල
3) වමනය
4) ඔක්කාරය
5) බඩ පුරවා දැමීම
6) ආහාර උගුරට පැමිණීම
7) කෑම අරුචිය.
ගැස්ට්‍රයිටීස් දරුණු වී ආමාශයේ තුවාල ඇති වූ විට ඇතිවන රෝග ලක්ෂණ වන්නේ,
1) ශරීරයේ බර දිගින් දිගටම අඩුවීම
2) ඉවසිය නොහැකි උදරයේ වේදනාව
3) මලපහ තාර පැහැයට පිටවීම හෝ ලේ සමඟ පිටවීම
4) නින්දට බාධා වීම
5) වමනයත් සමඟ ලේ පිටවීම
ගැස්ට්‍රයිටිස් රෝගය වළක්වා ගැනීම සඳහා ඔබ කල යුත්තේ,
1) අධිකව මිරිස් සහ කුළුබඩු යෙදූ ආහාර වලින් වැලකීම
2) අධික තෙල් සහිත ආහාර වලින් වැලකීම
3) එක්වර විශාල ආහාර ප්‍රමාණයකින් යුතු ආහාරවේල් ගැනීමෙන් වැළකීම
4) කුසගිනි දැනෙන විට කුඩා ආහාර වේල් කීපයක් ගැනීම
5) දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම
6) රාත්‍රි ආහාරයෙන් අවම වශයෙන් පැය දෙකකට වත් පසුව නිදා ගැනීම
7) කෝපි තේ සෝඩා වැනි පානයන් ගෙන් වැළකීම
8) නැවුම් එළවළු, පලතුරු, ධාන්‍ය, පළා, මාළු ආදියෙන් යුතු සමබල ආහාර වේලක් ගැනීම.
9) එකවර ජලය විශාල ප්‍රමාණයක් බීමෙන් වැළකීම
10 )දුම් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම
11) මත්වතුර පානයෙන් වැළකීම
12) සිරුරේ බර වැඩ් නම් උසට සරිලන නිසි බරක් පවත්වාගෙන යාම.
එසේම යහපත් මානසික සෞඛ්‍ය මට්ටමක් පවත්වාගෙන යාම මෙහිදී වැදගත්වෙනවා.
-ටෙක්ලා දිල්රුක්ෂි-