සුබ TV සුබ සිතුවිල්ල – 03.12.2020

0
279
Hiker on top of the mountain enjoying sunrise over the tropical valley

සාර්ථකත්වයේ කතාවේ වැදගත්ම පරිච්ඡේදයෙන් කොටසක් මේ….

මේ පෘථිවිය තුළ සුබවාදී දිශාවකට ජීවිතය වෙනස් කරගන්නා ලද අයගෙ කතාවේ එක් විශේෂ දිනයක් තිබුණා.එසේම ඔබගේ සාර්ථකත්ව චාරිකාවේ විශේෂතම දිනයත් මේ මොහොතේම ඔබට ආරම්භ කළ හැකි බවයි මේ ඔබට මතක් කරන්නට යන්නේ …
මේ ආරම්භය කොහොමද ගන්නෙ …..? එය කොහොමද කරන්නේ …?
ඔබ ලඟ මේ සඳහා අවශ්‍ය ප්‍රබලම මෙවලම තිබෙන බව ඔබට අමතක වී තිබෙන්නටත් පුළුවන්..
ඔබේ මේ මිනිස් ජීවිතය අපූරුතම හා පෘථිවියේ අමරණීය ලෙස ම ලියැවෙන පුද්ගලයා බවට පත් කර ගන්නත් ඒ සජීවී මෙවලමට පුළුවන්…

මේ වන විටත් එවන් අපූර්වතම ඉතිහාස කතා හිමි හැමෝමත් ඒ සියල්ල ජය ගත්තේ ඒ විශේෂ අසමසම මෙවලම නිසාමයි…..

මොකද්ද මේ හාස්කම් කරන මෙවලම…?

එය කොහේද තියෙන්නේ…..?

ඔබ ලගම තියන ඔබට ඕනෑම ආකාරයකට වෙනස් කරගත හැකි

” මනස ” හැර එය වෙන කුමක්ද ……………..

ඔබට ඒ ගැන සිතන්නට උදාවී ඇති හොඳම දවසක හොඳම මොහොතකයි ඔබ මේ සිටින්නේ… ඉතින් ඔබ ඔබේ මනස හරියට මෙහෙයවා ස්ථිරසාර අදහසක් ඇතිකර ගතහොත් වෙනත් කිසිම බලවේගයකට ඔබට බාධා කරන්නට බෑ…

අද ඔබේ ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇති කරන දවසක්.. සුබ මොහොතක්..

අද ඔබේ ජීවිතයේ අළුත්ම පිටුවක්…

ඒ අලුත්ම පිටුවේ වචන ඔබේ …..වාක්‍ය ද ඔබේ…….පරිච්ඡේදද ඔබේ…… සම්පූර්ණ කතාවම ඔබේ …..

ඔබේ සිතේ මේ දැන් ඇතිවන සුබවාදී බලවත් සිතුවිලි ඒ පිටුව අර්ථවත් කරාවි…
ඒ පිටුවෙන් ආරම්භ කරන ඔබේ ජීවන කතාව ඔබට පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ආදර්ශවත් කතාව වේවි…

ඔබේ ජීවිතයේ විවිධ කඩඉම් පසු කර එන ගමනේ ඔබට ඔබව විශ්වාස කළ හැකි හොඳම දවස වෙලාව කුමක්දැයි ඔබ දැන සිටියා ද……?

මේ දැන් උදා වුණේ ඒ විශ්වාසවන්ත දිනයේ විශ්වාසවන්ත හා බලවත් ම වෙලාවයි…

ඉතින් ඔබ සැබැවින්ම වාසනාවන්තයි.

ඔබ උත්සාහ නොකර ඔබටත් නොදැනීම ඒ දවස හා වෙලාව උදාවෙලා ….
තමා ගැන විශ්වාස කරන ලද හා ඒ විශ්වාසය දිගටම තබා ගන්නට හැකි වූ අය ජීවිතය සාර්ථක කරගත් අයගේ නම් ලැයිස්තුවේ ඉහලින්ම සිටින අයයි….

තමන් පිළිබඳ විශ්වාසයක් ඇතිකර ගන්නා පුද්ගලයා සැම විටම සිටින්නේ සතුටින්…. ප්‍රබෝධයෙන්… මනස තුළ ඇත්තේ සක්‍රීය මෙහෙයුමක් …

තමා විශ්වාස කරන දේ යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඔබේ මොළය හා මනස ද ස්වයංක්‍රීය සහයෝගයක් ලබා දෙනවා .
එහි පළමු පියවර නම් ඔබ ආයාසයෙන් ගත යුතුමයි ..
ආයාසයෙන් කරන ලද විශ්වාසයේ බලයට පසුව ලැබෙන්නේ නිරායාස බලයක් ….
මේ උදාවී ඇත්තේ ඒ විශ්වාසවන්ත මොහොතයි …
ඒ මොහොත සක්‍රිය කර ගැනීම කළ යුත්තේ ඔබමයි ….
ඔබගේ මනස මේ දැන් සක්‍රීය කරගන්න…

ඔබ මේ දැන් කරන පුංචි
උත්සාහයක් ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය හැකියි.

-රත්නා පුෂ්ප කුමාරි-

මෙම ලිපියේ Audio පිටපතට සවන් දෙන්න

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න