සුබ TV සුබ සිතුවිල්ල – 02.12.2020

0
198

ඔබේ සිහිනය ඔබයි…

ඔබට ඔබේ ජීවිතයේ ඉදිරි අනාගතය පිළිබඳව කොපමණ බලාපොරොත්තු තියෙනවාද ……
ඔබේ අනාගතය ගොඩනැගෙන්නේ මේ බලාපොරොත්තු මතම තමයි …….

දිනෙක ඔබට සිතුනොත් කිසිදු බලාපොරොත්තුවක් ඔබ තුළ නැතැයි කියා එදින ඔබේ ජීවිතය නවතින දවස වනු ඇත.ඒ නිසා මේ බලාපොරොත්තු නැත්නම් සිහින ඔබ තුළ සැබෑවට ගොඩ නැගෙන තුරු ඔබ කළ යුත්තේ ඒවා සමග ජීවත් වීමයි…. කොටින්ම ඔබ සැබෑ ලෙස ළඟා කර ගත් බලාපොරොත්තු මත ලැබෙන සතුට ආශ්වාදය සමග මේ දැන් ජීවත් වීමයි ……..
මේ සඳහා අපි කියන්නේ ” අනාගතය මනසින් දැකීමේ” සංකල්පය කියායි.

ඔබේ මනස තුළ මේ සැබෑ ආශ්වාදය ජනිත කරවීම මගින් අනාගතයේ භෞතිකව ද ඒ සිහින නොමැතිනම් අපේක්ෂාවන් ඉටුකරගැනීමේ මාර්ගය වෙත ඔබේ මනස නිරායාස පෙළඹවීමක් කරන බව ඔබ දන්නවාද..?

එසේනම් මේ දැන් ඔබ කොහේ සිටියත් ඇස් පියාගන්න …..

තත්පරයක් ” සිහින ඔබව” මනසින් දකින්න….

ඉතින් දැන් ඔබ පෙර සිටි පුද්ගලයා නෙමෙයි.. මනසෙන් ඔබගේ අපේක්ෂාවන් ඉටුකරගත් පුද්ගලයායි… දැන් ඔබ සිතන්නේ කතාකරන්නේ හැසිරෙන්නේ ඒ ජයග්‍රාහී සිහින ඔබ අත්පත් කරගත් සතුට සමගමයි…
බලන්න ” සිහින ඔබ” ඉක්මනින් ඔබට සැබෑ ඔබ ඔබ ලගටම කැන්දාගෙන ඒවි …

එවිට ඔබ සිහිනයක් නොව සැබෑවක්ම පමණයි….

සාර්ථකත්වය හා අසාර්ථකත්වය යනු අපේ මනසේ ලියැවෙන අන්ත දෙකකි .සැමවිටම සාර්ථක වූවන් කටයුතු කර ඇත්තේ ප්‍රායෝගිකවයි. ක්‍රියාවන් සමගයි. ඔවුන් නිදහසට කරුණු හෝ සිදුවීම් පිළිබඳව පැමිණිලි කරන්නෝ නොවෙති.

මේ සුවිශේෂී ගුණයන් ඔබේ සිතිවිලිවල කොටසකි .ඔබේ ආකල්ප වලින් කොටසකි .ඔබේ පෞර්ෂයේ කොටසකි. සමාන අවස්ථාවන්වල වෙනස් හෝ අලුත් ආකාරයකට කටයුතු කිරීමේ ප්‍රතිඵලයකි. ජීවිතයට පහසුවෙන් මුහුණ දීමට සිතීම සාමාන්‍ය තත්වයකි. ජීවිතයට වෙනස් අයුරකින් මුහුණ දීම සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍ය ක්‍රියාවක ප්‍රතිඵල සාමාන්‍ය වන අතර වෙනස් ආකාරයේ ක්‍රියාවක ප්‍රතිඵලය සුවිශේෂීම වෙයි .
එය විශ්වාසයකි. දෛනික ජීවිතයේ කරනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයකි. එය පියවරෙන් පියවර ඔබේ ජීවිතයට ලබාදෙන පාඩමකි. කිසිවෙකුට උදුරාගත නොහැකි ඔබ තුළම ගොඩ නැගෙන බලයකි.
අවශ්‍ය වන්නේ සාමාන්‍ය මට්ටමින් සුවිශේෂී මට්ටමට ප්‍රවේශ වීම පමණකි .

ඔබ වපුරන්නේ කුමක්ද එහි අස්වැන්නම ඔබට හිමිවේ.

රත්නා පුෂ්ප කුමාරි-

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න