Traffic එක Enjoy කරමුද ..?

0
235

ට්‍රැෆික් එකේ ඉන්නකොට වාහන පදවන්නන්ට හා මගීන්ට කළ හැකි දේවල් කොච්චර තියෙනවා ද…

වාහන තදබදය තිබෙන වෙලාවට පැය ගානක් පාරෙ ගත කරල .” මගෙ කාලය නිකම් පාරට නාස්ති වුනා ” කියන්නෙ නැතුව ඒ වෙලාවත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආකාර මොනවද කියා හදුනාගනිමු.

1) මානසික සුවය ගෙනෙන ආශ්වාස ප්‍රශ්වාස අභ්‍යාස (Breathing Exercise)
ඕනෑම කෙනෙක් වාහන තදබදයක් තිබෙන අවස්ථාවක ඉන්නෙ නොසන්සුන් එසේත් නැත්නම් යම්කිසි ආතතියකින්. ඉතින් මේ ආතතිය අවම කරගන්න හා ඔබේ මානසික සේම ශාරීරිකව සුවතාවටත් මේ ආශ්වාස ප්‍රශ්වාස අභ්‍යාස ඉතාම සුදුසුයි. පාර ගැන අවධානයෙන් සිටින අතරෙ හොදින් පෙනහලු පිරෙන්න හුස්ම ගැනීම හා පිටකිරීම කළ හැකියි. මෙය එම අවස්ථාවේ ආතතිය සමනය කිරීමටත් මානසික සුවතාවටත් ඉතා වැදගත්. මගීන්ටත් වාහන පදවන අයටත් මෙය කිරීම අපහසුවක් නෙමේ.

2) “වැඩ වැඩ මුකුත් හිතන්නවත් වෙලාව නෑ” කියන අය සමාජයේ බහුලයි. මේ අයට තමා ගැන හිතන්න , තම පවුලේ අය ගැන හිතන්න ,තම යුතුකම් හා වගකීම් ගැන හිතන්නත් මේ කාලය නාස්ති වෙන වෙලාව පාවිච්චි කරන්න පුලුවන්. (ඔබ උවමනාවෙන් එවන් හොද දෙයක් නොසිතුවත් සමහරවිට ඔබේ හිත මේ වෙලාවේ ආවේගශීලි හෝ කලබලකාරී සිතිවිලි හිතන බව අමතක කරන්න එපා. ඒ නිසා ඒ වෙනුවට උවමනාවෙන් මේ වගේ අර්ථවත් දෙයක් හිතන්න පුලුවන්.)

3) ඔබ පදවන වාහනේ ගීත අහමින් යන්න පුලුවන්. ඒත් ඔබ ගීත ගයන්න බෑම කියල හිතන කෙනෙක් වුනත් සමහර වෙලාවට කාටවත් නොඇසෙන්න ගීතයක් මුමුනනව ඇතිනෙ. ඒත් තනිවම නම් වාහනේ ඉන්නෙ උවමනාවෙන් ගීතයක් හිතේ හැටියට ශබ්ද නගා ගායනා කරන්න මෙන්න අවස්ථාවක. එය ඔබේ හිතේ ඇති ආතතිය හා කලබලකාරී නොඉවසිලිමත්බවටත් සහනයක් ගෙන දෙන බව අමතක කරන්න එපා.

4) ඔබ මගියෙක් නම් හිටිහැටියෙ ගීතයක් ගයන්න බෑ. ඒත් ගීතයකට, කවියකට පදවැල් නිර්මාණය කරන්න මෙන්න වෙලාව. ඒ වගේම තමන්ගෙ දුරකථනය අරගෙන අත්‍යවශ්‍ය පනිවිඩ යවන්නත් කාර්‍යබහුල නිසා කාලෙකින් Facebook යන්න බැරි අයට ගිහින් බලන්නත් පුලුවන්. ඒ වගේම අනවශ්‍ය පින්තූර, පනිවිඩ Delete කරල Gallery full වෙන එක වලක්වගන්නත් පුලුවන්.

5) ඔබ තනිවම වාහනේ පදවන විට වාහන තදබදයක් කියන්නෙ ලොකු ආතතියක්. වාහනේ තව කවුරුහරි ඉන්නවනම් එය කතාකිරීමෙන් හරි මග හැරගන්න පුලුවන්. ඒත් තනිවම ඉන්නව වුනත් ඔබට කතාකරන්න පුලුවන්. කාත් එක්කද… ඔබ එක්කම… ඔබ කාලෙකින් ඔබගේ දේවල් ගැන උනන්දු වෙලත් නැතුව ඇති. මට මොනවද ඕනෙ…මම මොනවද කරන්න ඕනෙ… මගෙ සැලසුම් මොනවද… අද දවසෙ මගෙ වැඩ මොනවද… මේව හිතන්නෙ නැතුව කතා කරන්න පුලුවන් නම් ඔබෙන්ම ඔබට ඉතා පැහැදිලි අවංක පිලිතුරු ලැබෙන්න පුලුවන්.

මේ හැමදේම පාර පිළිබඳව කල්පනාවෙන් සිටින ගමන් කළ යුතුයි . මීලගට ඔබ මුහුනදෙන Traffic එක අර්ථවත් වේවා…!

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න