සියලු මිනිස් ජීවීන් ආදරයට ආදරය කරන්නෝ වෙති.

0
212

සියලු මිනිස් ජීවීන් ආදරයට ආදරය කරන්නෝ වෙති.
ආදරය නිසා ජීවත් වෙමින් තම ජීවිතය කැප කරන මෙන්ම ජීවිතය පූජා කරන අයද බහුලය.
පවුල් අවුල් අතර ප්‍රචලිත අර්බූදය වන්නේ අනියම් සබඳතා වන අතර එය ස්ථිරසාරව ඔප්පු වූ හෝ සැක සහිත මට්ටමේද තිබිය හැකිය.
අනියම් සබඳතා නිසා වේදනාවට ලක්වන අසාධාරණයට ලක්වන නියම පාර්ශ්වය මෙන්ම අනියම් පාර්ශ්වද සිටින්නේ අර්බූදකාරී මානසික ගැටලුකට මැදි වී බව අප තේරුම් ගත යුතුය.

මේ සඳහා සාධාරණ හේතු මෙන්ම හැසිරීම් රටාවේ ඇති ඇබ්බැහිවීම් ද හේතුවිය හැකිය.

සාමාන්‍යයෙන් උපදේශනය සඳහා පැමිනෙන්නේ අගතියට පත් නැත්නම් නියම පාර්ශ්වයයි.
එහෙත් ඔබ වටහාගත යුතු කරුන වන්නේ අනියම් සම්බන්ධයද මානසික ගැටලුවකට ඔවුන්ට දැනෙන හැඟෙන විසඳුමක් ඔස්සේ ගොස් අසම්මත හෝ සදාචාරාත්මක නොවන ලේබලයකින් වෙන් හෝ කොන් කිරීම නොව ඔවුන්ට ද ඉන් මානසික සුවතාව ලැබෙන වඩා සුදුසු තීරණය කරා යෑමට අවශ්‍ය ශක්තිය ලබා දීමට යොමුවිය හෝ යොමු කරවිය යුතු බවයි.
ඔවුන්ගේ සැබෑ කතාව පිටුපස ශෝකජනක කතා එමට ඇත .තම දරුවන් හා සැමියා හෝ බිරිඳ මතක් වන වාරයක් පාසා ඔවුන් මැරි මැරී ජීවත්වන අතර මානසික සටනක යෙදී සිටිති.
ඒ නිසා ඔවුන් නිසි මඟ පෙන්වීමකින් වඩා සාර්ථක විසඳුමක් සඳහා බලවන්ත කරවිය හැකියි.


යමෙක් අවංකවම ආදරය කරන ලද පුද්ගලයා සමඟ විවාහ වී පසුව මෙවන් තත්වයක් උද්ගතව ඇත්නම් එය වඩා පහසු කලාපයක ඇත.
අවදානම් වන්නේ අවංක ආදරයකින් තොරව වෙනත් හේතු මත විවාහ වී මෙවන් අර්බුද සඳහා මැදි වූ විටය.
බොහෝ දෙනා මෙවන් සබඳතා තුල සිටින අය හෙළා දකිමින් වැරදි අන්තයේ තබා නියම පාර්ශ්වය කෙරෙහි සියලු ධනාත්මක බව ගොනු කරති.එහෙත් ඒ නියම පාර්ශ්වයේ වෙනස්වීමකින් වුව අනියම් තත්වයෙන් නියම තත්වයකට පුද්ගලයෙකු ලගා කරගත හැකි බැව්ද අවධාරනය කළ යුතුය .

එහෙත් දුවන පනින සිතක් ඇති මෙවන් අය බහුතරයක් නිසි මඟ පෙන්වීමකින් සිටින ලද ස්ථානයටම යෑමට ශක්තිමත් කිරීම කළ නොහැක්කේ කලාතුරකිනි.
සෑම පුද්ගලයෙක්ම නිදහස් මනසකින් ජීවත් වීමට කැමැත්තෝ වෙති.
ඒ නිදහස් ප්‍රීතිමත් ජීවිතය ඇත්තේ කොහේදැයි නැතහොත් නිර්මාණය කරගත හැක්කේ කොහේදැයි මනසටම තේරුම් කළ යුතුය .
එය වෙනත් කිසිදු බලපෑමකින් වෙනස් කළ නොහැකි මානසික තත්වයකි.
එය අවධාරනය කිරීම ඒ පුද්ගලයාට ආවේනික මානසික සත්කාරක ක්‍රමයක් තුල ඇත. එයට පොදු විසඳුම් නැත.

මේ පිළිබඳව සුබ TV Youtube නාලිකාවේ වීඩියෝ පරිශීලනය කිරීමට මේ Link ඔස්සේ ඔබට හැකිවේ.

https://www.youtube.com/c/SubaTVLK

එසේම මෙම සුබ TV Facebook Page like හෝ Follow කිරීමෙන්ද ඔබට දැනුවත් වීමට link එක මේ.

https://www.facebook.com/subatvlanka/

එසේම Suba TV web ඔස්සේද ඔබට දැනුවත් විය හැකියි.
http://www.subatv.lk

MIT Counsellors’ Association Whatsapp අංක 0714113457/ 0740650012

Related videos links
අදාල වීඩියෝ links

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න