ලෝකයේ තම දරුවන්ට වඩා ආදරය හා හුරතල් කිරීම හා රැකවරණය දෙන දෙමාපියන් සිටින්නේ අපේ රටේ..

0
144

ලෝකයේ තම දරුවන්ට වඩා ආදරය හා හුරතල් කිරීම හා රැකවරණය දෙන දෙමාපියන් සිටින්නේ අපේ රටේ….
ඒත් දෙමාපියන් හා දරුවන් අතර ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නෙත් අපේ රටේ.
දෙමාපියන්ගේ භූමිකාව තුල ඇති සමහර දේවල් සමහර දෙමාපියන්ට අමතක වෙලා.එහෙම නැත්නම් දැනුවත් වී නෑ.
ආහාරපාන හා අධ්‍යාපනය ලබා දීමේ සටන තුල සමහර අත්‍යවශ්‍ය දේවල් මඟ හැරිල .
ආහාරපාන මගින් කෙරෙන උදර පෝෂණය නැත්නම් ශාරිරික පෝෂණය හැර අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙන්නත් මානසික පෝෂණය අවශ්‍යබව සමහර අයට අවබෝධ වී නෑ.
ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනික ගැටලු ,( Learning Problems )

මගේ දරුවා පාඩම් කරන්න කැමති නෑ…

පාඩම් කළත් මතක නෑ …
කොච්චර පාඩම් කළත් විභාගයෙදි ලකුණු නෑ..

පාඩම් කරන්නෙ ලඟට වෙලා හිටියොත් විතරයි…
හැඟීම් , සිතීමේ හා හැසිරීමේ ( Mental and Behavior )

මගෙ දරුවාට ඉවසීමක් නෑ….

පුදුම විදියට තරහ යනවා.

හරිම කලබලයි….

කීකරු නෑ ..

හිතුවක්කාරයි..මුරන්ඩුයි…
හරිම සෘණාත්මකයි…නෑ..බෑ..කියාගත් ගමන්…

එයාගෙ මතයට අපි අවනත වෙන්න ඕනෙ

හරියට බොරු කියනවා

ආදී විවිධ ගැටලු තුල ඔවුන් අසරණ වෙනවා. සමබර මානසිකත්වයේ පෝෂණය දරුවාට ලබා දෙන්නට පුලුවන් නම් එය කොපමණ දරුවාගේ ප්‍රීතිමත්බවට හා සාර්ථකත්වය සඳහා ප්‍රයෝජනවත් ද…
අනාගත ජීවිතය රැඳී තියෙන්නෙ ඒ තුල බව අප වටහාගත යුතුයි .
ඔබේ දරුවාගේ මතක ශක්තිය ( Memory ) , නිර්මාණශීලිබව , ( Communication Skills ) , ගැටලු විසඳාගැනීමේ හැකියාව ( Problem Solving Skills ) , ඉගෙනුම් හැකියාව (Learning Abilities ) , නායකත්ව හා අන්තර්පුද්ගල සබඳතා ( Leadership and Interpersonal Intelligences ) ආදී සමහර විට ඔබට නුපුරුදු බොහෝ හැකියාද කුඩා කළ සිට දියුණු වුවහොත් අනාගතය සෑම අතකින්ම සාර්ථක හා මිනිසත්බව තුල තෘප්තිමත් පුද්ගලයෙකු බිහි වන බව ඔබ දන්නවාද….
මෙය දරුවා තුල ප්‍රගුන කළ යුත්තේ දරුවන් ප්‍රිය කරන ක්‍රීඩා , ක්‍රියාකාරකම් මගින් ප්‍රායෝගිකව පෞද්ගලික අවධානයෙන් හා ප්‍රායෝගිකව මිස දේශන, පාඩම් හෝ පන්ති ස්වරූපයෙන් නොවේ.


ඒ සඳහා මනෝවිද්‍යාත්මක හා සෞන්දර්යාත්මක චිකිත්සා එනම් චිත්‍ර චිකිත්සා ( Art Therapy ) , රංග කලා චිකිත්සා (Drama Therapy), නර්තන චිකිත්සා ( Dancing Therapy ) , ක්‍රියාකාරකම් චිකිත්සා (Play Therapy ) , ලේඛන චිකිත්සා ( Writing Therapy ) සංගීත චිකිත්සා ( Music Therapy ) ආදී විනෝදජනක නිසි ක්‍රමවේදයන් ඔස්සේ පියවරෙන් පියවර පුහුණු කළ යුතුයි .
දරුවාට දරුවාගේ සුන්දර ළමා ලෝකය අහිමි නොකර එහි සතුටින් හැසිරීමට නිරායාස අවස්ථා වත්මන් දරුවාට සීමිත බැවින් ආයාසයෙන් එවන් පරිසරයක් තුල නිදහසේ හැසිරීමේ අවස්ථාව ලබා දීමට අවබෝධයෙන් බුද්ධිමත් දෙමාපියන් කටයුතු කළ යුතුයි .
සමහර දෙමාපියන් රැල්ලට හසු වී සෑම දිනකම දරුවන් විෂයානුබද්ධ හෝ බාහිර ක්‍රියාකාරකම් සඳහා අමතර පන්ති ගෙන යාම මෝස්තරයක් සේ සළකයි.එහෙත් දරුවාට අත්‍යවශ්‍ය සමබර පෝෂණය මඟ හැරී කම්පාවට පත් වෙති.
දරුවන් සතුටින්ම සිටින රටවල මෙවන් ප්‍රායෝගික චිකිත්සා මගින් දරුවන්ගේ සිතුවිලි , හැඟීම් , හැසිරීම් රටා වඩා අර්ථවත් කිරීමට දෙමාපියන් පෙළඹීම නිසා මානසික ආතතිය හෝ ආවේගශීලි හැසිරීම් නොමැති සෞම්‍ය හැසිරීම් සහිත ප්‍රීතිමත් දරුවන් සමඟ දරුවන් සතුටින් සිටිති.

මේ පිළිබඳව සුබ TV Youtube නාලිකාවේ වීඩියෝ පරිශීලනය කිරීමට මේ Link ඔස්සේ ඔබට හැකිවේ.
https://www.youtube.com/c/SubaTVLK

සුබ TV Kids Youtube Link එක මෙසේය .
https://www.youtube.com/c/SubaTVLanka

එසේම මෙම සුබ TV Facebook Page like හෝ Follow කිරීමෙන්ද ඔබට දැනුවත් වීමට link එක මේ.
https://www.facebook.com/subatvlanka/

එසේම Suba TV web ඔස්සේද ඔබට දැනුවත් විය හැකියි.
http://www.subatv.lk

CSDP Facebook Link එක මෙයයි.
https://www.facebook.com/CSDPSRILANKA/

එසේම වසර 20 කට අධික කාලයක් දරුවන් ලක්ෂ ගණනක් පෝෂණය ලබා ඇති ළමා කුසලතා සංවර්ධන වැඩසටහන ( Children Skills Development Programme ) මගින් ඔබේ දරුවාට ප්‍රායෝගික පුහුණු වැඩසටහනක අත්දැකීම ලබා දීමට WhatsApp අංක 0710838223 හෝ 0777188936 ට දරුවාගේ නම, වයස හා ප්‍රදේශය එවා වැඩි විස්තර ලබාගන්න .සිංහල හා English භාෂා ද්විත්වයෙන්ම පුහුණු වැඩසටහන් පැවැත්වේ.

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න