පසුගිය දිනවල ගෑස් පිපිරීම නිසා බියට පත් වී දර හා භූමිතෙල් ලිප් කෙරෙහි උනන්දුවෙන් සිටි පාරිභෝගිකයින් මේ වන විට නැවතත් ගෑස් සඳහා වැඩි ඇල්මක් ඇති කර ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.
තම පරිභෝජනයට දෛනිකව අවශ්‍ය වන ප්‍රමාණය ඉක්මවා වෙළඳපොලේ අධික ගෑස් ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසන්නේ.
දිවයින පුරා ගෑස් අලෙවි සල් අසල පාන්දර සිට පවතින දිගු පෝලින් සහ ඒ පිටුපස සිදුවන සමහර අක්‍රමිකතා පිළිබඳව ද පසුගියදා විටින් විට වාර්තා වුණා.
කෙසේ වෙතත් නියමිත මිල ගණන් වලට අමතරව අධික මුදල් ගෙවා ගෑස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම දැනුම් දෙනවා. සමාගම පවසන්නේ ඉදිරියේදී දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය තරම් ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කරන බවයි. එසේම ගෑස් ලබාගැනීම සම්බන්ධව අධික මිල ගණන් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් දුරකථන අංක 1311 සදහා දැනුම් දෙන ලෙස ද සමාගම වැඩිදුරටත් දන්වා සිටිනවා.
අනුර වීරසේකර