කෝච්චියෙන් සැපට කන්කසන්තුරේ යන්න.

0
114

කන්කසන්තුරේ යන්න සුඛෝපභෝගී දුම්රිය සේවාවක

සියළු පහසුකම් සහිත සුඛෝපභෝගී දුම්රිය සේවාවක් පසුගිය දා කොළඹ සහ කන්කසන්තුරය අතර අභිනවයෙන් ආරම්භ කෙරුණු අතර ඒ අනුව එම දුම්රියෙන් කන්කසන්තුරය හා කොළඹ අතර ගමන්වාර දැන් ක්‍රියාත්මකය.
ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් සෑම දිනකම පෙරවරු 05. 10 ට ගමන් අරඹන එම දුම්රිය දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිතය.එදිනම පස්වරු 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත් වෙන එම දුම්රිය රාත්‍රි 8.25ට ගල්කිස්ස දුම්රිය ස්ථානයට ලඟාවනු ඇත.

රු මිලියන 2,500ක වටිනාකමින් යුත් මෙම දුම්රිය ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලට ගන්නා ලද්දකි .මෙම දුම්රියේ මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් දෙකක් පවතින අතර සියළුම මැදිරි වායු සමනය කර ඇත. සුවපහසු ආසන, ආහාර පාන ලබා ගැනීමේ හැකියාව පවතින භොජනාගාර මැදිරියක් සහ රූපවාහිනී සේවා පහසුකම් ,නවීන වැසිකිලි පහසුකම්වලින්ද මෙය සමන්විතය.
ගල්කිස්ස සිට කන්කසන්තුරය අතර දී දෙහිවල ,වැල්ලවත්ත,බම්බලපිටිය,කොළඹ කොටුව, පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව,කිළිනොච්චිය, කොඩිකාමම් , යාපනය, කොණ්ඩාවිල්, චුන්නාකම් , සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත.


⁣ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ගමන් වාරයක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල රු 1700 ක් වන අතර ගල්කිස්සේ සිට වවුනියාව දක්වා රු 1500ක් ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු 1200, ආදී වශයෙන් මිල දැක්වෙයි. මෙම දුම්රියේ ගමන් කිරීමට බලාපොරොත්තු වෙන මගීන්ට මසකට පමණ පෙර සිට ඔන් ලයින් හරහා සම්බන්ධව ඊ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇති බව ප්‍රවාහණ අමාත්‍යංශය සඳහන් කරයි. මෙම දුම්රියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ගවැඩිදුරටත් සඳහන් කරයි.


යසස්විනී ජයතිලක

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න