මීට ශත වර්ෂ කීපයකට කලින් ජීවත් වූ කෙනෙකුට වත්මන් ලෝකයේ ඇති දේ දකින්නට හැකි වුනොත් කුමක් සිතේවිද කියා ඔබට අනුමාන කළ හැකි වනු ඇත .
එය ඒ පුද්ගලයාට අදහාගත නොහැකි අද්භූත වාතාවරණයක් වනු නිසැකය.
මීට වසර 20 කට පෙර නොතිබුණු බොහෝ දේ දැන් ඇත.
තවත් වසර 20 කින් පියාඹන කාර් පියාඹා යනු ඇත. දැනටමත් පියාඹන කාර් ඉතා සාර්ථකව නිෂ්පාදනය කර තිබේ.
මනසින් යන කාර් මාර්ගයේ නිදහසේ ගමන් කරනු ඇත.
උපන්දින සාද, මංගල්‍යය උත්සව පමණක් නොව හවසට තේ එකක් බොන්නට අභ්‍යවකාශයේ ඇති හොදම හෝටලය සොයාගන්නට මිනිසාට සිදුවනු ඇත.
1969 ජූලි 20 නීල් ආම්ස්ට්‍රෝන්
සඳට පය තැබීම සමරා පෘථිවියේ දැනට සිටින අංක එකේ ධනවතා ජෙෆ් බෙසොස් විනාඩි 11 න් අභ්‍යවකාශ ගමනක් නිම කර තවත් වාර්තාවක් තබා ඇත.
එහිදී සුවිශේෂි වන්නේ ඔහු ඔහුගේ සහෝදරයා හැරුනු කොට මුල්ම මුදල් ගෙවා අභ්‍යවකාශයට ගිය අභ්‍යවකාශ මගියා ද කැටුව යාමයි.
එම ආසනයේ මිල ඩොලර් මිලියන 28 කට අධික මිලකට අලෙවි කර ඇත. එමෙන්ම එම ප්‍රවේශ පත්‍රය සේම තවත් ඩොලර් මිලියන ගණනක ප්‍රවේශ පත් ඉදිරි අභ්‍යවකාශ ගමන් සදහා අනාගත අභ්‍යවකාශ මගීන් විසින් වෙන් කොට ඇත.
දැන් ඔබත් මාත් අපගේ මේ අමිල මිනිස් ජීවිතය මේ සමග ගලපාගන්නේ කෙසේද …?
හඳ අල්ලන්න සිතුවොත් තරුවක්වත් අල්ලාගැනීමට හැකි වේයැයි කියමනක් ඇත.
” අනේ අපිට නම් ඔය ලොකු දේවල් එපා.ඔහේ කාල බීල ඉන්න තිබුනොත් ඇති ” යි කියා සිතමින් එයද නොමැතිව හූල්ලන අය අතරේ එන යන දවස නොදැන ගෙවන මේ මිනිස් ජීවිතයට අරමුණක් දැක්මක් ඇති කරගත් මිනිසුන් ජීවිතය දිනා ගත්තෝ වී හමාරය…
ලොව සුපිරි ධනවතුන් සියලු දෙනාම වෙනස් හා අළුත් ආකාරයකට සිතූ අයයි.
Amazon ව්‍යාපාරය ජෙෆ් බාසොස් නිර්මාණය කර පැවසුවේ එය ලොව විශාලම ගංගාව පමණක් නොව ලොව සෑම ගංගාවක් හරහා පැතිරී යන නාමයක් ද වන බවයි.
ඇපල් , මයික්‍රෝසොෆ්ට් , ගූගල් හෝ Facebook නිර්මාණය කරනු ලැබූ සියලු දෙනාටම අවශ්‍ය වූයේ මුළු ලොවටම අවශ්‍ය දෑ නිර්මාණය කිරීමයි.
මෑතකදී මා මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ සජීවී වැඩසටහනකදී ප්‍රශ්නයක් ඇසීමි.
එනම් ” ඔබේ මාසික ආදායම කොපමණ විය යුතු ද ” යන්නයි….
පිළිතුරු ලෙස
අනේ මාසෙ ජීවත් වීමට රුපියල් තිස් හතලිස් දාහක් තිබුනොත් හොදටම ඇති…
රුපියල් ලක්ෂයක් තියෙනවා නම් නියමයි…
මේ අතරතුර එක් අයෙක් පැවසුවේ මසකට ලක්ෂ 100 නම් හිතට දැනෙන මුදලක් බවයි.
එය අසා සිටි බොහෝ දෙනා තමන් කැමති මාසික ආදායම පිළිබඳව කීම පසෙක දමා ඒ ප්‍රකාශය කී පුද්ගලයා විවේචනය කරමින් කතා කළහ.
එහෙත් මේ සුපිරි ධනවතුන්ගේ න්‍යායට අනුව නම් එදින සාර්ථකම ප්‍රකාශය කළේ ඔහුයි.
කළක් ලොව සුපිරි ධනවතා වූ හා තාමත් සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 04 හිමි බිල්ගේට්ස් කියන්නේ ආර්ථික නිදහස ඇති වීමට නම් පුද්ගලයෙකුට අවම වශයෙන් විකල්ප ආදායම් මාර්ග පහක්වත් තිබිය යුතු බවයි.
එසේම ඔවුන්ගේ පොදු මතයට අනුව රැකියාවක් යනු මාසික ආදායම් ලබා ගත හැකි දෙයක් වුවද ඉන් ඔබේ ඇතුලාන්තය ඔබෙන් ඉල්ලා සිටින දෙය දීමට නොහැකිය.
බොහෝ දෙනාට ව්‍යාපාරය පටන් ගත් අවස්ථාවේ සිටම ලාබ අවශ්‍ය වේ. එහෙත් ලාබය යනු ස්ථිරසාර ක්‍රියාවලියක ප්‍රතිඵල මිස පටන් ගත් මොහොතේ සිටම ලබාගත හැක්කක් නොවේ යන්න ඔවුන්ගේ මතයයි.
ඒ සදහා පැය , දින , මාසික හා වාර්ෂික ඉලක්කයක් තිබිය යුතුය.
එසේම ඒ සදහා කාලය ලබා දිය යුතුවේ.
එය අනුකරණයක් නොව තමන්ගේ රටාව අනුව නිර්මාණශීලි ලෙස ගොඩනගා ගත හැකි නම් අන් අයගෙන් වෙනස් ක්රමයකි.
බොහෝ දෙනා පවසන්නේ අසාර්ථක වීම නිසා ඇති වන කණගාටුව නිසා අසාර්ථකත්වය ආරම්භ වන බවය.
එහෙත් ලොව අංක එකේ ධනවතා ජෙෆ් නම් පවසන්නේ ඔහු කණගාටුවක් ඇති නොවන කිසිම දෙයක් කිරීමට උත්සාහ නොකරන අතර පරාජයේදී කණගාටු නොවන බවයි.
ඔබේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔබ නැගී සිටිය යුතුය.
එය මොහොතකින් සාර්ථක නොවන මුත් ඔබේ ඒ අවදිවීම ඔබව සාර්ථක වන තුරුම ඔබ තුල ජීවත් කරවනු ඇත.
මේ මිනිස් ජීවිතය කෙදිනක හෝ අපටත් නොදැනිම අපට අහිමි වනු ඇත.
එහෙත් ඒ මිනිස් ජීවිතය අර්ථවත් කරගැනීම තුල ඔබගේ නාමය සදාකල් ජීවත් වනු ඇත.
ඩොලර් මිලියන ගණන් ගෙවා විනාඩි 11 ක් අභ්‍යවකාශයට යන අප වැනිම මිනිසුන් අතරේ අපගේ සිහිනය අනන්තය කරා යන්නට හිතට ඉඩ දෙන්න.
අහසේ මාළිගා හදන්න එපා කී කතාව බොරුවක් වී අහසේ පමණක් නොව හඳේ මාළිගා හැදෙන ඒ කරා මිනිසුන් නිතර යන එන දවසක් එළඹෙන ලෝකයේ උදාවනු ඇත.
ඉතින් ඔබත් මමත් ඒ උදාවන ලෝකයේ අතීත සාක්ෂිකරුවන් වීමට යම් උත්සාහයක් කළ යුතුමය.
රත්නා පුෂ්ප කුමාරි
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ
( 0714113457)