එදා පව්කාරයෙකුට මෙදා සුබ සිහින දකින්න බැරිද?

0
163

මං අශේන්….අනිත් කොල්ලන්ට වගේම හීන ගොඩක් තිබුනා.වේලක් හැර වේලක් කෑවට අණ්ඩ හැමතැනින්ම දාපු කලිසම රෑට හෝදල උදේ ඇදගෙන ගියාට මගෙ හීන ලොකු වැඩියි කියල මට ඉස්කෝලෙ ළමයි හිනාවුනා.
තාත්තා බීල ඇවිත් අම්මට ගහන එක මෙගා ටෙලිනාට්‍ය ජවනිකාවක් වගේ අපට හුරුපුරුදු වෙලා තිබුනෙ..
මං සාමාන්‍ය පෙළ විභාගය සමත් වුනේ ඉහලින්….ඒක කාටවත් හිතාගන්න බැරි වුනා. මගේ ජීවිතයේ බලාපොරොත්තු අහස උසට ඇතිවුනා.
අහස දිහාව බලාගෙන මං රයිට් සහෝදරයො මට බලාපොරොත්තුවක් දුන්න කියල හිතුන.
කවදහරි ගුවන් නියමුවෙක් වෙන්න අහස උසට බලාපොරොත්තු තියාගන්න මං වගේ අහිංසකයෙකුට බැරිද…
පුලුවන් …..
මට මගේ සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථයත් එක්ක හැමෝගෙම අවධානය ලැබුනා.
ඉස්කෝලෙ ගැහැනු පිරිමි ළමයින්ගෙ දෙමාපියො කිව්වෙ අශේන්ව ආදර්ශයට ගන්න කියල .
පොහොසත් පවුලක ගැහැනු ළමයෙක්ගෙ ආදරය මට ලැබුනා. ජීවිතය සුන්දරයි කියල මට හිතුනා….
උසස් පෙළ ප්‍රතිඵල මගේ ජීවිතය උඩු යටිකුරු කළා. විශ්ව විද්‍යාලයට යන්න බැරි වුනා.
මට දරාගන්න බැරි වුනා.
ගැහැනු ළමයා මාව අතහැරිය..
අන්තිමට පාරෙ රස්තියාදු ගහන කල්ලියෙ එවුන් මාව පිළිගත්තා .
උන් මගෙ දුක බෙදාගත්ත.දුක නැති කරන උන් දන්න එකම දේ මාව කීප දවසක් මත්ද්‍රව්‍ය වලට පොළඹවගත්ත.
මං හැමදාම නිකමෙක් වගේ උන්ගෙන් යැපුනා.
” මචං…උඹ කීයක් හරි හොයාගෙන වරෙන්.ගෙදර තියන වටිනා බඩුමුට්ටුවක් හරි….”
එක දවසක් එකෙක් කිව්ව.
මං ගෙදර ගියා.මුට්ටි වළං ඇරෙන්න ගෙදර කිසිම වටිනා දෙයක් නෑ.
මං එක පාරටම දැක්කෙ නංගිගෙ කරේ තිබුන හීන් චේන් එක.
මං නංගි නිදි අතරෙ ඒක හෙමින් කඩාගත්ත…
ඔව්….මං පව්කාරයෙක්…..
නංගි ගෙට වෙච්ච දවසෙ හම්බවුනු එකක් ඒක….
ඒක ගිහින් දීල මට සැනසීමක් ලැබුනෙ නෑ..
මං ජීවිතය නැති කරගන්න කීප සැරයක් උත්සාහ කළා.
මාව කවුරු දාල ගියත් මට ආදරය කළ ගුරුවරු කීප දෙනෙක් හිටිය.
ඒ අය එකතු වෙලා මාව උපදේශනයට යොමු කළා.
මගෙ ජීවිතයේ ලොකු පෙරළියක් වුනා.මං ආයෙත් සුබ හීන දකින්න පටන් ගත්තා.
මගෙ ජීවිතය මං වගේ කොල්ලන්ට ආදර්ශයක් …

සම්පුර්ණ කතාවේ වීඩියෝ ව පහත link එක ඔස්සේ නරඹන්න .

සුබ TV Facebook page like කර හා SubaTV YouTube Channel එක subscribe කර මෙවන් අළුත් ජීවිත උරුම කරගත් අයගේ කතා වලින් සිත ශක්තිමත් කරගන්න .

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න