මේනකා රූමත් තරුණ ගුරුවරියක්.
අසංක විධායක ශ්‍රේනියේ රැකියාව කරන කඩවසම් තරුණයෙක්.
දෙදෙනාම විශ්ව විද්‍යාලයේ සිට පෙමින් බැදී විවාහ වී වසර පහක්.ඒත් ඔවුන්ගේ විවාහය දෙදරායන්නට ආසන්න මොහොතකයි උපදේශනය සදහා යොමු වී තිබුනේ..
මේනකා – මට ප්‍රේම සම්බන්ධය තිබුනු කාලෙ දැනුන තරම්වත් ආදරයක් විවාහ ජීවිතය තුල අසංකගෙන් ලැබුනේ නෑ.
අසංක – මටත් කියන්න තියෙන්නෙ ඒකම තමා.මෙයා ඉස්කෝලෙ වැඩ ගෙදර වැඩ බදාගෙන හිටිය මිසක් මං ගැන බලන්න වෙලාවක් තිබුනෙ නෑ.
ප්‍රතික්ෂේපවීම්, අමතක වීම් , වෙලාවක් නොදීම, එකිනෙකාගේ රුචි අරුචිකම් නොදැනීම, ප්‍රශ්න හා ගැටලුවකදී තනිව විසදාගැනීම ආදී දිගින් දිගටම සිදුවුනු බොහෝ දේ නිසා Official Husband and Wife බවට පමණක් ඔවුන් දෙදෙනා පත් වී තිබුනා.
කොටින්ම දෙදෙනා පමණක් එකට බඩුමුට්ටුවක් ගැනීමට යෑම පවා වසර දෙකකට ආසන්න කාලයක් කර තිබුනේ නෑ.
දින සති මාස සමගම ගෙවී ගිය ඔවුන්ගේ ජීවිත නවතින්නට ආසන්නව තිබුනා.
විශේෂම දේ වුනේ message එකකින් call එකකින් වාදවිවාද ඇති වුනත් නිවස තුල කිසිදු රන්ඩු සරුවල් කිරීමක් නොමැතිව වීම..
ඔවුන් එවන් හුදකලා ජීවිත ගෙව්වේ ඇයි….?
ආදරය , ජීවිතය බෙදාගැනීම් හා බලාගැනීම් ( Sharing and Caring )
ඔවුන් වෙතින් දුරස් වූයේ ඇයි….?
විවාහක සෑම යුවලක්ම නැරඹිය යුතු ඔවුන්ගේ කතාවේ ඔබටත් ආදර්ශ රැසක් තිබෙන්නට පුළුවන .
මීට අදාල සම්පුර්ණ වීඩියෝව සිකුරාදා රාත්‍රී 8.00 ට Facebook ඔස්සේ නැරඹීමට නම් සුබ TV Facebook Page එක Like කර තබාගන්න .
Youtube ඔස්සේ නම් Suba TV Youtube Channel එක Subscribe කර තබාගන්න.
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය සුබ TV සදහා සෑම සිකුරාදාම රාත්‍රී 8.00 ට ඉදිරිපත් කරන විශේෂ වැඩසටහන් මාලාව.
( WhatsApp අංක 0740650012/ 0714113457)