ෆිල්ම් වල වගේ අනඟ රැඟුම් රඟන්න මට බෑ …

0
101

” ෆිල්ම් වල වගේ අනඟ රැඟුම් රඟන්න මට බෑ …”
සැමියා කියයි ..
බාල බොළඳ ප්‍රේම ජවනිකා විවාහකයන්ට අකැපද …..?
බිරිඳ අසයි

ධනුෂ්ක උගත් වැදගත් රැකියාවක් කරන සැමියෙක් .
බිරිඳ කුෂානි රූමත් උගත් පෞද්ගලික ආයතනයක රැකියාව කරන බිරිඳක්.
ඒත් මේ දෙදෙනා විවාහ වී මාස තුනක් යන්නටත් මත්තෙන් විවාහ ජීවිතය නීරස කරගත්තේ ඇයි…..?

දික්කසාදයක් දක්වා යාමට වුවත් කැමැත්තෙන් සිටින බිරිඳ නිසා අකමැත්තෙන් හෝ මනෝවිද්‍යා උපදේශනය ට පැමිණෙන්නට අවසානයේ ධනුෂ්ක තීරණය කරනවා.

” අපි වසර කීපයක ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුණේ .පෙම්වතුන් ලෙස ගත කරපු කාලය තුළ ඔහු ඉතාම ආදරයෙන් මා සමඟ ඇලී ගැලී හිටියෙ.
ඒත් විවාහයෙන් මාස කිහිපයක් යන විට මං බලාපොරොත්තු වුන ඒ ආදරය දෙන්නට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැහැ.
ඇත්තම කියනවා නම් ධනුෂ්ක හරි සීරියස් හස්බන්ඩ් කෙනෙක් විදිහටයි කටයුතු කරන්නේ …
මං ආසයි එයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න යන්න …ටීවී එක බලනකොට ළඟට වෙලා ඉන්න…. ඉඳලා හිටලා හරි බත් කටක් කවාගන්න…
ඒත් ධනුෂ්ක හිතාගන්න බැරි විදිහට මේ හැමදේම ප්‍රතික්ෂේප කරනවා .
එයා කියන්නෙ විවාහයෙන් පසුව එවැනි බොළඳ විදියට කටයුතු කිරීම අවශ්‍ය නෑ කියලා…
ඉතින් මේ කතාවේ ධනුෂ්කටත් කියන්නට උත්තරයක් තිබුනා.
ඔහුට එහෙම හිතුනේ හා එසේ කටයුතු කළේ ඇයි කියන්නත් පසුබිමක් තිබුණා ..
ඒ වගේම සමහර සැමියන් තම බිරින්දෑවරුන් පිළිබදවත් මේ ආකාරයටම කරන චෝදනා මනෝවිද්‍යා උපදේශන වෘත්තීයේ යෙදී සිටින අපට හුරුපුරුදුයි… සැබැවින්ම බාල බොළඳ ප්‍රේමණීය හැසිරීම් විවාහ ජීවිතයට අකැපද….?

පහත ලින්ක් එක ඔස්සේ ඇති වීඩියෝව නරඹා මේ පිළිබඳව තවදුරටත් විස්තර දැනගන්න .

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ , ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා ,ප්‍රවීන මාධ්‍යවේදීනී
රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් අන්‍යතාව හා රහස්‍යභාවය සුරකිමින් මෙම කතාව නිර්මාණශීලි ලෙස වෙනස් කර ඇත.

ඇගේ මනෝවිද්‍යා උපදේශන සේවය වෘත්තීයමය ලෙස ලබාගැනීමට අවශ්‍ය නම්0740650012 WhatsApp අංකයට message එකක් එවා විස්තර ලබාගන්න .

මෙවැනි වීඩියෝ නරඹා ඔබේ ජීවිතය සාර්ථක හා පිරිපුන් කරගැනීමට මග පෙන්වීමක් ලබාගැනීමට සුබ TV Facebook page එක like කර Suba TV YouTube Channel එක Subscribe කිරීමටත් අමතක කරන්න එපා.

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න