” මගෙ බත් එකේ මැරිච්ච කුරුමිනියෙක්…මහන්සි වෙලා ගෙදර ඇවිත් බඩගින්නට කන කෑම එක පිරිසිදුවට දෙන්න මේ ගෑනිට බෑනෙ…….”
වරුණ බත් පිගාන පොලොවෙ ගහල මරලතෝනි දීල කෑගහනව ඇහිල වරුණට බොන්න වතුර එකක් අරන් ප්‍රසාදී දුවගෙන ආව.
වරුණ ඒ වතුර වීදුරුව ප්රසාදිගෙ මුනට වීසිකරල වීදුරුවත් පොලොවෙ ගැහැව්වෙ කේන්තිය වැඩි කමට…..
” මං කෑම එක හොදට බලල බෙදල මේසෙන් ගෙනත් තියල වහලනෙ තිබ්බෙ.අනික මැරිච්ච එකෙක් ඉන්නෙ කොහොමද . පන තියන එකෙක් නම් අස්සෙන් රිංගල කියල හරි හිතන්න පුලුවන් .”
ප්‍රසාදි දහ අතේ කල්පනා කළා.
වරුණ කේන්තියෙන් වාහනෙත් අරන් එලියට ගියා.
නැන්දම්මා සබයට ආවෙ ඊට පස්සෙ.
” මගෙ ළමයට හිත හොදින් කෑම ටිකක් කන්න දෙන්න පුලුවන් ගෑනියෙක් හොයාගන්න බැරි වුනානෙ ඇත්තට”
ප්‍රසාදිට පුලුවන් වුනේ අඩන්න විතරයි . ඇය පස් හැවිරිදි දියණිය නිදිකරවන්න කාමරේට ගියා.
කොහොම හරි ඒක තමන්ගෙ වැරැද්දනෙ කියල ඇය හිත හදාගත්ත .
වරුණ රාත්‍රීයේ ගෙදර ආවෙ හොදටම බීල.
ඔහු කේන්තියේ ඉතුරු ටික පිරිමහගන්න නැවතත් ප්‍රසාදි ට බනින්න පටන් ගත්ත.
එකපාරටම ප්රසාදිගෙ කොන්ඩෙන් ඇදල ගන්න කොටම දියණියට ඇහැරුනා.
” තාත්තී….” කියල දියණිය වරුණ ගාවට දුවල ගියා.වරුණත් මුකුත්ම සිදුවුනේ නෑ වගේ දියණිය ඉස්සරහ හැසිරුනේ.
” තාත්ති ….බත් කෑවද…” දියණිය එහෙම අහල මහ හයියෙන් හිනාවුනා…
” තාත්ති බය වුනේ නැද්ද ” ඇයි පුතේ මං බය වෙන්නෙ….”
එතකොටම නැන්දම්මා ඉක්මනින් එතනට ආව.
” යමු ….මං නිදිකරවන්නම්…” ඒත් දියණිය කියපු ඊලග වචන ටික වරුණගෙ හදවත පසාරු කරගෙන ගියා.
” ආච්චී…තාත්ති කුරුමිනියට බයවෙලා නෑ…”
නැන්දම්මා ඇස් ඇරගෙන එතනම ගල් ගැහිල හිටිය. ප්‍රසාදිට මුකුත්ම තේරුම් ගන්න බැරුව වරුණ දිහාව බැලුව.
” තාත්තී ….ආච්චී මිදුලේ හිටපු මැරුනු කුරුමිනිය ගෙනත් තාත්තිගෙ බත් එකට දැම්මෙ තාත්තිව බය කරන්න ….’
වරුණට සියල්ල වැටහුණා. ඔහු ප්රසාදිගෙ අතින් අල්ලගෙන කාමරයට ගියෙ තම මවට මුකුත් කියන්න බැරි නිසා…
ලේලිය සමග තරහට මීටත් වඩා දුෂ්ඨකම් කරන නැන්දම්මලා පිළිබඳව කතා අපි අහල තියෙනවා .
නැන්දම්මා හා ලේලිය අතර තියන සදාතනික ගැටුම ශ්‍රී ලාංකික ජන සමාජයේ බහුල කරුනක්.
නැන්දම්මා ලේලි ගැටුම මනෝවිද්‍යාත්මකව විසදගන්න හැටි පහදා දෙන මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ , ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා හා ප්‍රවීන මාධ්‍යවේදීනී රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ වීඩියෝව නරඹන්න සුබ TV Facebook page එක like කරන්න . Suba TV YouTube Channel එක Subscribe කරන්න .
ඔබේ අදහස් හා වීඩියෝ සදහා යෝජනා WhatsApp අංක 0710838223 ට යොමු කරන්න
YouTube : https://www.youtube.com/c/SubaTVLanka/
Facebook : https://fb.com/subatvlanka