මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ නියෝජනය කරන ඔහු අධ්‍යක්ෂකවරයෙක්. තවත් විටෙක ලේඛකයෙක්,නිසදැස් කවි රචකයෙක් .ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජාතික රූපවාහිනි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ෂර්ලි අනිල් ද සිල්වා.
ඔබ ආ මේ ගමනේ මතක සටහන් විටෙක අභියෝග වන්නට ඇති. විටෙක බාධක වන්නට ඇති.කොහොමද ඔබේ ඒ ගමනේ ආරම්භය …
.මම මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයට තමයි ගියේ. 1968 වර්ෂයේ මම මුලින්ම පාසල් සඟරාවට රතුරෝස නමින් කෙටි කතාවක් ලිව්වා. එතකොට මම පහ වසරෙ.එතනින් පටන් ගත්තු ගමන තමයි මම මෙතෙක් දුර ආවේ.
පාසල් සඟරාවෙන් ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් දක්වා ආ ගමන කොහොමද?
1977 දි මිහිර පුවත් පතේ පාසල් වාර්තාකරු හැටියට මං පත්වෙනවා. ඒ කාලේ සෑම පාසල් ළමයෙක් ම බලපු පුවත්පත තමයි මිහිර පුවත්පත එතනින් තමයි මම මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ.
අධ්‍යාපන කටයුතු හා බාහිර වැඩ කටයුතු සමබරව ඉදිරියට කරගෙන යන්න ඔබට පුලුවන් වුනාද
“අපේ කාලේ ටියුෂන් ක්ලාස් තිබුනේ නෑ” හෝඩියේ පන්තියේ ඉඳන් 10 පන්තියට යනකන්ම පාසලෙන් තමයි ඉගෙන ගන්න ඕන. සාමාන්‍ය පෙළ පැරැණි නිර්දේශය ගොඩක් අමාරුයි. අපේ පන්තියේ ළමයි තිස් දෙකක් හිටියා. විභාගය සමත් වුණේ දෙන්නයි. තිහක්ම අසමත් හැබැයි අපි පාසලෙන් තමයි ඉගෙන ගත්තේ.අධ්‍යාපන වැඩ කටයුතු කරන ගමන් තමයි මම බාහිර වැඩ කටයුතු කළේ.
ඔබ මේ තරම් සාර්ථක ගමනක් එන්න පවුලෙන් ලැබුන සහයෝගය කොහොමද ?
අම්මා තාත්තා වගේම මගේ ලොකු අයියා ගොඩක් උදව් කලා. ඒ වගේම කින්ස්වුඩ් විද්‍යාලයට හා ධර්මරාජ විද්‍යාලයට ගියාට පසු හිටපු විදුහල්පති ඒ. පී. ගුණරත්න ගුරු පියාණන්ගේ උපදෙස් ගුරුහරුකම් ලැබුණා.
මේ කාලෙ තමයි කුමරිය,සලරුව, නවලිය පුවත් පත් වලට නිසදෙස් කවි ලියන්න පටන් ගත්තේ මගේ මෑණියන්ගේ අභාවයෙන් පස්සේ තමයි මම නිසදෙස් කවි වැඩි වශයෙන් ලියන්න පටන් ගත්තේ.
ඔබ පාසැල් යන කාලේ ඉඳලම සිළුමිණ පුවත්පතට නිසදැස් කවි ලිව්වා නේද?
සිළුමිණ පුවත්පතේ පාසල් ළමයෙකුගේ කවි පළ වෙනවා කියන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්.මම හත් අට වතාවක්ම සිළුමිණ පුවත්පතට නිසඳෙස් කවි ලිව්වා.ඒ අවස්ථාව මට ලැබුණු ලොකු වාසනාවක්.
ඉන් පසුව ඔබේ ජීවිතේ වැදගත්ම සිදුවීමක් තමයි ජාතික රූපවාහිනියට සම්බන්ධ වීම.ඒ පිළිබඳ අත්දැකීම කෙසේද?
1983 වර්ෂයේ මම ජාතික රූපවාහිනියට එකතු වන්නේ නිෂ්පාදන සහකාර පුහුණු වරයෙක් හැටියට.අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෝ අපේ සමකාලීනයෝ තමයි.
ඒ අතර, දයාරත්න රටගෙදර,විමලරත්න අධිකාරි,අතුල රන්සිරිලාල් පෙරේරා, පත්මසිරි ප්‍රනාන්දු,සුනන්දා හෙට්ටිආරච්චි, එරින් ජයසේකර වගේ තව ගොඩක් අය මා සමග සේවයට ආ අය.
මාධ්‍යවේදියෙක් වෙන්න උපාධියක් ඕනමද?
“නෑ මම එහෙම කියන්නේ නෑ’උපාධියක් තිබ්බ කියල අහක යන්නෙත් නෑ. ඒ දැනුම උපයෝගී කරගෙන පුළුවන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න.ඒත් උපාධියක් පමණක් මාධ්‍යවේදියෙකුට ප්‍රමානවත් නෑ. තව ප්‍රගුන කළ යුතු බොහෝ දේ තියෙනවා .
විටෙක ඔබ යුද පුවත්පත් වාර්තා කරණයේ ද යෙදුනා. එය සැබැවින්ම අභියෝගයක් නේද
1987 සැප්තැම්බර් මාසේ යාපනයෙ පටිගත කිරීමකට ගියා .එහිදී එක දවසක් රෑ මාත් එක්ක හිටපු හතර දෙනෙක් එල්.ටී.ටී එකෙන් අල්ලන් ගියා. ඔවුන් අදටත් නෑ .
මොන බාධක ආවත් මම මගේ මාධ්‍ය ජීවිතයේ ගමන දිගටම කරගෙන ගියා.
ඔබ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස ට මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නවකයින්ට ලබා දෙන පණිවිඩය මොකක්ද?
මාධ්‍ය ක්ෂේත්‍රයට එනවා නම් කුඩා කාලයේ සිටම උනන්දුව තියෙන්න ඕන. මම ජාතික රූපවාහිනියට බැඳුනේ සහකාර පුහුණු වන නිෂ්පාදකවරයෙක් ලෙස. ට අවසානයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක තනතුර දක්වා ආවේ මගේ උත්සාහය,කැපවීම උනන්දුව නිසා. අපි රස්සාව කරන ගමන් තමයි පුහුණු වුණේ. දැන් මාධ්‍ය පුහුණු ආයතන ඕන තරම් තියෙනවා තමන්ට තමන් අවංක වෙලා උනන්දුවෙන් වැඩ කරන්න ඕන කැමැත්ත තියෙනවා නම් මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න පුළුවන් වගේම රැඳී පවතින්නත් පුළුවන්.
එසේම සුබ TV YouTube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook Page එක like කිරිමටත් ඔබට ආරාධනා කරමු.
ඕනෑම ක්ෂේත්‍රයක නියුතු ඔබ පිළිබඳවත් ලොවට කියන්නට අපි සූදානම්..
0705782288 සුබ TV WhatsApp අංකයට ඔබ ගැන කෙටි විස්තරයක් එවීමෙන් ඔබට අප හා එක්විය හැකිය.
https://www.facebook.com/subatv.lk/
https://youtube.com/c/SubaTVLanka
රූපවාහිනී නිවේදක,ලේඛක ජෝර්ජ් මනතුංග