මවකට දුවෙක් සේම දුවකටත් මවක් කියන්නෙ මහමෙරක් …සමහර විට තාත්තලාගෙන් අම්මලාට එල්ලවන වාග් ප්‍රහාර හෝ ශාරිරික ප්‍රහාරවලට ප්‍රති උත්තර දී අම්මලාව සනසන්නෙ දියණියන්…..
ඒත් මේ කතාව ඊට වඩා වෙනස්. බොහෝ මව්වරුන් හදවතේ සගවගෙන ඉන්න සමහර අත්දැකීම් මේ කතාවේ කොතන හරි තියෙන්නෙ පුලුවන් ..
පුංචි කාලෙදිම තමන්ගෙ දියණියගෙ වැරැද්දකට දඩුවමක් දෙන්න හරි වැරැද්ද පෙන්නල දෙන්න මේ අම්මාට පුලුවන් කමක් තිබුනෙ නෑ.
ගෙදර ආධිපත්‍යය තිබුනෙ නැන්දම්මා අතේ…..
” මේ කිරි සප්පයට ඇයි දොස් කියන්නෙ.ඔයා වැදුවට මේ අපේ පරම්පරාවෙ දරුවො…අපි එයාගෙ හරි වැරදි බලාගන්නම්…”
සැමියා සමගවත් යමක් බේරුම් කරගන්න අවස්ථාව නොදුන් නැන්දම්මා තම දියණිය තුරුළු කරගෙන මවගේ වැරදි කියමින් දරුවා සුරතල් කළ හැටි ඇය බලා හිටියෙ ඉවසිය නොහැකි වේදනාවකින්.
කාලය ගෙවී ගියා. ඒ කාලය තුල උදේ රෑ වුනා විතරයි. ගෙදර අය අතර සහසම්බන්ධතාවයක් තිබුනෙම නැති තරම්. දියණිය උස්මහත් වෙනකොට නැන්දම්මා අසනීප වුනා. එක දවසක නැන්දම්මා මේ ලෝකෙන් ගියේ මේ මවගේ ජීවිතය අපායක් කරමින්..
දියණිය නොකා නොබී තම ආච්චිඅම්මා නැති ශෝකෙන් දින ගණනාවක් හඩා වැලපුනා .
දැන් තමා දියණියගෙ ආදරය දිනාගන්න හොදම වෙලාව.ඇයට හිතුනෙ එහෙම .
ඒත් සිදුවුනේ අදහාගත නොහැකි දෙයක්.
” මට ඔයා එපා.ඔයා ගැන මට ආච්චිඅම්මා කියල තියෙනවා ..ඔයා මගෙ ලගටවත් එන්න එපා.”
බලාපොරොත්තු සදහටම නැති කර ගත් අසරණියක් බවට එදා ඇය පත් වුනා.
” තාත්තාට ඔයාට වඩා ලස්සන සල්ලි තියන කෙනෙක් ගේන්න තිබුන කියල ආච්චිඅම්මා මට කිව්ව. ඔයා බලෙන්ම තාත්තගෙ කරේ එල්ලුනාලු…”
දෙවියනේ …මේ කිසිසේත් ඇයට දරාගත හැකි ප්‍රකාශ නෙමේ.
ඇය හිතට ශක්තිය ගත්තා.වසර 18 කට පසු එක් දිනක් තම සැමියා සමග මේ ප්රශ්නය පිලිබදව කෙලින් කතා කරන්න ඇය හිතුවා.
” මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ..”
කිසිම දිනෙක ඇය එසේ ප්‍රශ්නයක් කතා කර නෑ.ඒ තම නැන්දම්මාගේ බලපෑම නිසා බියෙන්.
සැමියා පුදුමයෙන් ඇය දෙස බැලුවා.
ඇය හඩා වැටෙමින් ඇයට සිදු වූ හිරිහැර , මානසික පීඩාව විස්තර කළා.
පුදුම දෙයක් සිදුවුනේ. සැමියා බිරිඳව තුරුළු කරගෙන අදහාගත නොහැකි මේ කතාවෙන් දුක් වී බිරිදව සැනසුවා.
” ඇයි මට මෙච්චර කාලෙකට එක පාරක්වත් මේ ගැන කිව්වෙ නැත්තෙ….”
ප්‍රශ්න හිතේ හිර කරගෙන කල් මරන බොහෝ අයට මෙය පූර්වාදර්ශයක් .
ඒත්
තවත් මොහොතකින් සිදුවුනේ ඇයට ජීවිතයේ මුහුන දුන් අතිශය ශෝකජනක අවස්ථාවට මුහුණ දීමට සිදුවීම.
17 වියැති දියණිය එහි පැමිණියා.
” මේ මොන කෝලමක්ද….
ආච්චී මට කිව්ව මෙයාගෙ වැඩේම තාත්තට කේලම් කියන එක කියල .
තාත්තෙ මෙයාව ඩිවෝස් කරන්න …..”
මෙම සිදුවීමෙන් අනතුරුව අසීරු අවස්ථා රැසකට මුහුණ දුන් මේ මව උපදේශනය සදහා තම දියණිය හා සැමියා කැටුව එන්නට සමත් වුනා..
උපදේශනය ඔවුන්ගේ ජීවිත ධනාත්මක ලෙස වෙනස් කලාද………
මතක තියාගෙන නරඹන්න ….මේ කුමන කතාවක් හෝ ඔබේ ජීවිතයේ අත්දැකීමක් වන්නට පුලුවන් .
සෑම ඉරිදාම හවස 7.00 ට www.subatv.lk වෙබ් අඩවිය, සුබ TV YouTube Channel ඔස්සේ හා සුබ TV Facebook ඔස්සේ කියන මේ කතා ඔබේ ජීවිතයටත් පූර්වාදර්ශයක් වේවි. ශක්තියක් වේවි.
එසැනින් එම කතා අහන්න සුබ TV Youtube Channel එක subscribe කර බෙල් button එකද click කරන්න අමතක කරන්න එපා.සුබ TV Facebook page එක Like කරන්නත් අමතක කරන්න එපා.
කතාව ඔබට පහදාදෙන්නේ
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ,ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා , ප්‍රවීන මාධ්‍යවේදිනී
රත්නා පුෂ්ප කුමාරි මහත්මියයි.
ඇයගේ වෘත්තීයමය උපදේශන සේවය දුරකථනය ඔස්සේ (Tele Counseling) හෝ පැමින ලබා ගැනීමට 0710838223 WhatsApp අංකයට Message කර විස්තර ලබාගන්න .
(මෙම සිදුවීමට අදාල අයගේ රහස්‍යභාවය හා අනන්‍යතාව සුරැකෙන අයුරින් වෙනස් කොට ප්රස්තුත ගැටළුවෙන් පූර්වාදර්ශයක් ලබාදීමේ අරමුනින් පමණක් නිර්මානාත්මක ලෙස ඉදිරිපත් කෙරේ.)