කලාව ජීවිතය කරගත් කලාව එක්ක ජිවත් වෙන ඔහු මේ ක්ෂේත්රයේ නන් අයුරින් දස්කම් පෑ විශිෂ්ට , නිහතමානී චරිතයක් වේ.ඔහු රංගන ශිල්පි , වේදිකා නාට්‍ය රංගන ශිල්පි , හඩ කැවීම් ශිල්පි , ගායන ශිල්පි රවින්ද්‍ර කෝදාගොඩ මහතා.
රවින්ද්‍ර මහතා සුන්දර නිදහස් ජීවිතයකට උරුමකම් කීම පුදුම සහගත දෙයක් නොවේ.කිමද ඔහු අදටත් කලාව ජිවිතය කරගෙන ජීවත් වන සුන්දර කලාකරුවෙක් වේ.ඔහු සමග කතා බහ කරන විට දැන ගන්නට ලැබුන දෙයක් නම් ඔහු කලාවට එන්නෙ වේදිකාවෙන් හරහා පාසල් කාලයේදී මය.
ඔබ රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය මොනවද ?
"ජනක ප්‍රේමලාල් මහතාගේ රජගහේ නාඩගම , රාජ කපුරු , විජය නන්දසිරි මහතාගේ ශ්‍රී ගජබා , වෘෂභ රාග , කැලණි පාලම ආදි නාට්‍ය රැසකට සහභාගි වෙලා තියෙනවා."
ඔහු මෙසේ එක් තැනකදි පැවසුවේ ..
“මගේ නාට්‍ය ජීවිතේ දෙවන උපත ජනක ප්‍රේමලාල් මහතාගේ රජගහේ නාඩගම නාට්‍යයට දායක වූ මොහොත.”
ජනක ප්‍රේමලාල් මහතාගේ මෙම නාට්‍ය එළි දැක්වූ අවස්ථාව ගැන අපිට පැවසූවේ කලාකරුවෙකුගේ සුන්දරත්වයට උදාහරණයක් වෙමිනි.
" රජගහේ නාඩගම කියන නාට්‍ය දර්ශන වාර තුනක් සදහා පෙන්විමට ගියත් දරුවෝ නිසා කිසිදු අය කිරීමකින් තොරව අපේ මහන්සියද නොබලා දර්ශන වාර 4 ක් එදා පෙන්නුවා .ඒක මට ජීවිතේ අමතක නොවන මතකයක්."
අපට සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් අභියෝග ජය ගන්නම වෙනවා.
ඔබට ජීවිතේ භායානකම අභියෝගයක් කියලා දැනුන අවස්ථාව මොකක්ද ?
" අග්‍රගණ්‍ය රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ වෘෂභ රාග යන නාට්‍යයේ මේඝවර්ණ රජුගේ චරිතය හදිසියේම රගපාන්න කියාලා කිව්වා. මං ඒ අභියෝගය භාරගෙන සාර්ථකව අභියෝග ජය ගත්තා."
ටෙලි සිනමාවේද , වේදිකාවෙද දස්කම් පෑ ඔහු තම දක්ෂතාවයන්ට සීමා මායිම් වැට කඩුළු බැන්දේ නැත.
ඔබ ගායනා කල ඔබේ ඒ ගීතය මොකක්ද ?
” ඌවේ ඊය නාට්‍යයේ බොරි බොරි යන වැදි ගීතය .”
හැඩකැවීම් ක්ෂේත්රයේද කැපි පෙනෙන චරිතයක් විය.මෙය ඔහුගේ ගමනාන්තය නොවිය .
ඕනෑම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ හිනි පෙත්තටම යන්න නම් තම පවුලෙන් ලැබෙන සහයෝගය අවශ්‍යමයි.විශේෂයෙන් කලාකරුවෙකුට .
රවින්ද්‍ර මහතා, ඔබට ඔබේ පවුලෙන් ලැබුන සහයෝගය කොහොමද ?
“මගේ බිරිද ,දරුවෝ කවදාවත් මගේ වැඩවලට බාධාවක් වුනේ නෑ.ඔවුන් හා මම ඉන්නේ ක්ෂේත්‍ර කිහිපයක.ඉතින් ඔවුන් බාධාවක් කරේ නෑ මට .
රවින්ද්‍ර මහතා,ඔබට මේ ක්ෂේත්රය තුළ ප්‍රශ්න ඇති වෙලා තිබෙනවද ?
" නෑ, ක්ෂේත්රයේ කැපිලි කෙටිලි නෑ මට , මම හැමදේම හරි විදියට කරන්නේ.
අපි හරි දේ කරනවන් එහෙම ප්‍රශ්න නෑ මං හිතන්නෙ.”
රවින්ද්‍ර මහතා , කලාවේ දැනට ඉන්න ඒවගේම එන්න ඉන්න ආධුනික ශිල්පන්ට දෙන අවවාදය මොකක්ද ?
“මට කියන්න තියෙන්නෙ ඔබ මොන ක්ෂේත්රයට ආවත් හරි දේ කරන්න.ඒ වගෙම තමයි එදිනෙදා පුහුණුව අවශ්‍යමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම්. අදටත් මම පුහුණුවීම් කරනවා.මොකද දැන් මට චරිතයක් ලැබුනොත් මම ඒ චරිතයට ආධුනිකයි.ඒක නිසා පුහුණුව අවශ්‍යමයි .ඒක තමයි මට දෙන්න තියෙන අවවාදය.”
මෙසේ කලා ලෝකයේ දැවැන්තයෙක් වූ ඔහුට ඒ නිහතමානීකම නිසාම තවමත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබේ.
ඔබට ඉදිරියටත් මෙලෙසම රසික හදවත් පිනවීමට ද ඔබේ ඉදිරි වැඩ කටයුතුද සාර්ථක කරගන්න ලැබේවා කියලා අපි සුබ පතනවා.
සුබ TVඅපි ඔහුට සුබ පැතුම් එක්කරන අතර ඔබේ like හා Comment එක් කරන්නට ආරාධනා කරමි.
එසේම සුබ TV Youtube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook Page එක like කිරීමටත් ඔබට ආරාධනා කරමු.
ඕනෑම ක්ශේත්‍රයක නියුතු ඔබ පිළිබඳවත් ලොවට කියන්නට අපි සූදානම් ..
0705782258 සුබ TV Whatsapp අංකයට ඔබ ගැන කෙටි විස්තරයක් එවීමෙන් ඔබට අප හා එක්විය හැකියි.
https://youtube.com/c/SubaTVLankahttps://www.facebook.com/subatvlanka/
http://www.subatv.lk
https://www.facebook.com/http://subatv.lk/
සුබ TV Facebook page like කරන්නත් Youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
රූපවාහිනී නිවේදිකා හා ලේඛිකා
සිශාරා චාලුකා.
නියමයි ❤️
සුභ පැතුම්…
අළුත් දේ අරගෙන ඉදිරියට යන්න…