තරංග ප්‍රසාද් හේරත් මාමා මේ දිනවල ජනප්‍රිය නිවේදකයෙක් මාධ්‍යවේදියෙක් , වැඩසටහන් නිෂ්පාදක වරයෙක්.
ඉතින් ” දන්න කෙනෙක්ගේ ළමා කාලයෙන් ” විශේෂාංගය
සදහා තරංග ප්‍රසාද් හේරත් මාමත් සමඟ
කළ විශේෂ කතාබහයි මේ…….
ඉතින් තරංග මාමේ කොහොමද මාමාගේ සුන්දර ළමා කාලේ?
නිවේදකයෙක් තුල තිබිය යුතු සුපුරුදු සිනාවෙන් සුපුරුදු ලෙන්ගතුකමින් මාමා මාත් සමඟ කතා බහට එකතු වුණා.
“පුංචි කාලේ දූලා පුතාලා වගේම මමත් දගකාර වැඩ කළා.ඉස්කෝලේ යන දවස් වල යාළුවොත් එක්ක ඇවිදින්න ගියා,ඒ ඒ කාලේ පුංචි ඔයාලා වගේ මමත් ගස් නගිනවා,විවිධ තැන්වල ගිහිල්ලා සෙල්ලම් කරනවා. එහෙම තමයි අපේ පුංචි කාලේ ගෙවුනේ.”
මාමට මතකද මාමා පුංචි කාලේ මුලින්ම ඇඳපු චිත්‍ර මොකක්ද,
ඊට පස්සේ ටිකෙන් ටික චිත්‍ර ඇන්දේ කොහොමද කියල
“පුංචිම කාලේ මම චිත්‍ර විදියට ඇන්දේ ඔයාලා වගේ
බෝල ඉරි තමයි.ඊට පස්සේ ටිකෙන් ටික ගස් මිනිස් රූප අඳින්න හුරු වුණා.”
මාමාට නිවේදකයෙක් වෙන්න කුඩා කාලේ ඉඳලා
ලොකු ආසාවක් තියෙන්න ඇති නේද මාමේ,
ඉතිං මේ වගේ ජනප්‍රිය නිවේදකයෙක් වෙන්න කුඩා කාලයේ සිට මාමා පියවරින් පියවර ආවෙ කොහොමද ..?
“මම මේ වගේ සම්මානනීය නිවේදකයෙක් වෙන්න පාසැල් කාලයේ ඉඳලම නිවේදන කටයුතු වලට හිත යොමු කළා.ඒ කාලේ දැන් වගේ වැඩසටහන්වලට පටිගත කරලා වීඩියෝ එවන්න තාක්ෂණය එතරම් දියුණු නෑ.ඉතින් අපේ නිවේදන කටයුතු පුරුදු වුණේ කණ්ණාඩිය ඉදිරියට ගිහිල්ලා.එහෙම කරලා පුරුදු වෙලා ඉස්කෝලේ, සමිති සමාගම්වල ,රැස්වීම් වල දහම් පාසල් වල දී වගේම කථික තරග වලටත් සහභාගි වෙලා එහෙම තමයි නිවේදකයෙක් වෙන්න පාර හදාගෙන ආවේ.”
සන්නිවේදන හැකියාව කියන්නෙ මොන ක්ශේත්‍රයෙන් වුනත් සාර්ථකත්වය ලබන්න ප්‍රගුන කළ යුතු කුසලතාවක්.
සුබ TV අපි තරංග මාමාට ඔහුගේ ඉදිරි වැඩකටයුතු තව තවත් සාර්ථක කරගැනිමට සුබ පැතුම් එක්කරනව.
එසේම සුබ TV Youtube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook page එක like කිරීමටත් ඔබට ආරාධනා කරමු.
ඕනෑම ක්ශේත්‍රයක නියුතු වැඩිහිටි ඔබගේ ළමා කාලයේ එවන් අත්දැකීම් පිළිබඳවත් දැනගන්න හා අපේ යාලුවන්ට ඉන් ආදර්ශයක් දෙන්නට අපි සූදානම් ..
0705782258 සුබ TV Whatsapp අංකයට ඔබ ගැන කියන්න අපට කතා කරන්න .
https://www.facebook.com/subatv.lk/
https://youtube.com/c/SubaTVLanka
www.subatv.lk
සුබ TV Facebook page like කරන්නත් Youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
ලිව්වේ
රූපවාහිනී ළමා නිවේදක
සවිතු නෙත්මක තිලකරත්න
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ