මගේ ජීවිතේ මල් – ගායන ශිල්පිනී නදීශා විජේසුන්දර

0
263

නදීශා විජේසුන්දර කියන්නෙ මේ වකවානුවේ විවිධ ක්ශේත්‍රවලින් කැපී පෙනෙන කලා ශිල්පිනියක්…නිවේදන, ගායන , රංගන ආදී ක්ශේත්‍ර කීපයකම ඇය ඉතා සක්‍රීයව කටයුතු කරනවා.
අපි නදීශා සමග කතා බහ කරන්න හිතුවෙ ඇගේ ජීවිතයෙන් බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගත හැකි නිසා …
ඉතින් නදීශා කොහොමද ජීවිතය …..
ඇය සුපුරුදු සිනාවත් එක්කම කතාබහ ආරම්භ කළා…
” මගේ ජිවිතේ අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා ….”
ඇය මුලින්ම සදහන් කලේ ඇගේ සාමාන්‍ය පෙළ ප්‍රථිපල ලද දවස ගැනයි..එදින ඇය ද සමාර්ථ 7 ක් සමග සාමාන්‍ය සමාර්ථයක්‍ සමග දිස්ත්‍රික්ක සාමාර්ථයක් ලබාගෙන තිබුණා.එය ඇගේ වචනයෙන් කියනවා නම්, “මගේ ජිවිතේ මල් වසන්තය කිවොත් නිවැරදියි “
ඒ පිළිබදව තවදුරටත් ඇය සදහන් කලේ සාමාන්‍ය පෙළ සදහා එතරම් සුදානමක් ඇය තුළ නොතිබූ බවත් නමුත් උසස් පෙළින් පසු යම් දෙයක් කිරීමට ලොකු හීනයක් තිබු බවත්ය.

මේ වන විට ඒ හීන ගොඩක් මල්පල ගැන්විලා නේද…..?

ඇගේ ජිවිතේ තවත් එක් සතුටු සිදුවීමක් ලෙස ඇය සදහන් කලේ ඇය මවක් වීමේ සොදුරු මොහොත පිලිබදවයි ..ඇය සදහන් කලේ ඇගේ පුතුට අවුරුදු 14 ක් ලබමින් තාරුණ්‍යය දොරකඩ අසල සිටියත් ඇයට තාම ඔහු කුඩා දරුවකු ලෙස දැනෙන බවත්ය .

ඇය මවක් වීමේදී බොහෝ දේ ලද බවත් ඒ හා සමානව දේවල් අත්හැරීමට සිදු වු බවත් ඇය කීවාය.
.අත්හැරීමට සිදු වු දේවල් පිලිබදව ඇය තුල දුකක් නොමැති බවත් ඇය තවදුරටත් සදහන් කලාය.

ඇගේ ජිවිතේ සතුට මෙන්ම ඉතා ශෝකාන්විත මතකයක් ද අප සමග බෙදාගත්තා. එනම්,
ඇගේ ජිවිතේ හැරවුම් ලක්ෂය ලෙස සදහන් කලේ ඇගේ මව මෙලොවින් සමුගත් දවසයි.
ඇගේ වචන වලින් කිවොත් “මගේ පිටිපස්සෙන් සිටි යෝධ සෙවනැල්ල ඒ කියන්නේ මගේ අම්මා ” අදටත් ඒ අඩුව පිරවීමට කිසිවෙකුත් නොමැති බව ඇය සදහන් කළා.
ඇගේ සමුගැනීම ඇයට දරාගැනීමට නොහැකි වුවත් දැන් වන විට ඇගේ මවගේ උපදෙස් , ක්‍රියාවන් අනුගමනය කිරීමත් සමගම ඉදිරියට යාමේදී දැන් ඇය ඉතාමත් ශක්තිමත් කාන්තාවක් බවත් ඇය සදහන් කළා.

ඇයගේ කලා ජිවිතේ ඇය මේ වන විට ගායනා කල ගීත බොහොමයකි.

සිත ගාවට නුබ ආවාම ………..
පාළු හිත ළග ………..
අප්පච්චි ………
තරු කඩා හැලෙන මේ රාත්‍රියේ ………….වැනි ගීත ඇය වඩාත් ප්‍රිය කරයි.
ඇය පිළිබඳව ඉදිරියට තව බොහෝ දෑ කතා කිරීමට අපට හැකිවන බව සැබෑවකි.
සුබ TV අපි ඇයට සුබ පැතුම් එක්කරන අතර ඔබේ like හා comment එක් කරන්නට ආරාධනා කරමි.
එසේම සුබ TV Youtube channel එක Subscribe කිරීමටත් සුබ TV Facebook page එක like කිරීමටත් ඔබට ආරාධනා කරමු.
ඕනෑම ක්ශේත්‍රයක නියුතු ඔබ පිළිබඳවත් ලොවට කියන්නට අපි සූදානම් ..
0705782258 සුබ TV Whatsapp අංකයට ඔබ ගැන කෙටි විස්තරයක් එවීමෙන් ඔබට අප හා එක්විය හැකියි.

https://www.facebook.com/subatv.lk/
https://youtube.com/c/SubaTVLanka

සුබ TV Facebook page like කරන්නත් Youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.

ලිව්වේ….
රූපවාහිනී නිවේදක හා ලේඛක
ෂෙනිත් ජයවන්ත

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න