පසුගිය කාලය තුල ලෝකයේ සුපිරි ධනවතුන් පිළිබඳව කතා කරන විට ජනප්‍රිය නාමයක් වූයේ බිල් ගේට්ස් ( Bill Gates ) .එහෙත් සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු දැන් ඉන්නේ හතරවෙනි ස්ථානයේ …
පසුගිය 2021 ජනවාරි නම වැනිදා ලොව සුපිරි ධනවතා ලෙස ඉලෝන් මස්ක් තම ස්ථාවරය දිනා ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 189.7 වඩා තම වත්කම් ඉදිරියට ගෙන ඒමෙන්..
ඒ නිසා එතෙක් සුපිරි ධනවතා වූ ජෙෆ් බෙසෝස් ( Jeff Bezos ) දැන් ඉන්නේ දෙවන ස්ථානයේ වගේම තුන්වන ස්ථානයේ බර්නාඩ් අර්නල්ට් ( Bernard Arnalt Family ) සිටින අතර ලෝකය පුරාම ජනප්‍රිය තවත් සුපිරි ධනවතෙක් වන මාර්ක් සකර්බර්ග් ( Mark Zuckerberg) ඉන්නේ පස්වැනි ස්ථානයේ….. කෙසේ වෙතත් ඉලෝන් මස්ක් ගේ ජීවිතයේ ඉතාම වැදගත් කරුණු රැසක් තියෙනවා අපිට ආදර්ශයට ගැනීමට…
ඔහු දැනට රටවල් තුනක පුරවැසිභාවය තිබෙන කෙනෙක් …
ඔහුට දකුණු අප්‍රිකාවේ කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තියෙනවා.
ඕනෑම කෙනෙක් තම ජීවිතයේ අනාගත සාර්ථකත්වය සඳහා මුලපුරන්නේ ළමා කාලයේ සිට..
ඉලෝන් තම ළමා කාලයේ සිටම මුදල් පිළිබඳව මහත් උනන්දුවෙන් කටයුතු කරපු කෙනෙක්.
තම අධ්‍යාපනික ජීවිතේ දී පවා මුදල් ඉතුරු කර ගැනීම සඳහා සුපිරි වෙළඳසැල් වලින් තොග වශයෙන් ආහාරගෙන ඇමරිකානු ඩොලර් එකකින් තමාගේ දිවා ආහාරය යන්තමින් ගැටගසා ගත් බව ඔහුගේ ජීවිත කතාවේ ප්‍රකාශ කර තියෙනවා.
ඒ වගේම වයස අවුරුදු 12 දී Blaster නම් වීඩියෝ ක්‍රීඩාවක් සකසා එය විකුණා මුදල් උපයා තිබෙනවා.
ආදායම් පිළිබඳව එසේත් නැත්නම් අරපිරිමැස්ම පිළිබඳව උනන්දු ඉලෝන් තමන් විසින්ම නිෂ්පාදනය කරන යමකට ලබා ගත හැකි ආදයම් පිළිබඳව කුඩා කල සිට අවධානය යොමු කර තිබෙනවා ..
මේ ලිපිය කියවන ඔබට තම ආර්ථික ස්ථාවරත්වයේ ඉදිරියට යාමට නම් ඔහුගෙන් ගත යුතු පාඩම් රැසක් තිබෙනවා.
එහිදී ඉලෝන් වැඩි අවධානයක් දුන් *ආදායම වැඩි කර ගැනීම සහ වියදම් අඩු කර ගැනීම * යන න්‍යාය ඔබටත් ඉතාම වැදගත් වනවා. ඕනෑම සුපිරි ධනවතෙක් තම ජීවිතයේ සෑම මොහොතකම එම ඉලක්කය කරා යාම සඳහා ලොකු වෙහෙසක් ගැනීම හා අවබෝධයෙන් කටයුතු කිරීම කර ඇත්තේ එය ස්ථාවරව සහ නිරන්තරයෙන් කළ යුතු දෙයක් නිසා .
ඉතින් 1971 මෙලොව එළිය දුටු ඉලෝන් මස්ක් මේ පෘථිවියේ සිටින සුපිරිම ධනවතා බවට පත්වීම අහඹුවක් නොවේ . එසේම එය පහසුවෙන් ලබාගත් දෙයක් ද නොවේ.
මේ මොහොතේ සිට ඔබටත් මේ ආදර්ශ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි නම් ආර්ථික ස්ථාවරත්වය ඉක්මනින් වඩා ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි බව ඔබටම පසක් වේවි.
ඒ කිසි විටෙක අත් නොහැරිය යුතු , සෑම තත්පරයකම අවදියෙන් සිට අවබෝධයෙන් සිට, උත්සාහ කර ලබාගත යුතු තත්වයක් මිස නිරායාසයෙන් ලැබෙන්නක් නොවේ. ලෝකයේ සුපිරි ධනවතුන්ගේ නාමය දරා සිටි සියලු දෙනා ජීවිතය ආරම්භ කර ඇත්තේ ඒ ආකාරයටයි .
එසේම සුපිරිම ධනවතා බවට පත්වීමට වෙහෙසෙන එම ලැයිස්තුවේ සිටින අනෙක් සුපිරි ධනවතුන් ද මේ මොහොතේදීත් තම නාමය පෙරමුණට ගෙන ඒම සදහා කටයුතු කරන්නේ ඒ ආකාරයටමයි. එහෙමනම් හඳ අල්ලන්නට සිතන්න…. ඔබට තරුවක් අල්ලගන්න නම් අනිවාර්යයෙන්ම එවිට හැකිවේවි..
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ , ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි