ටෙලිපති (Telepathy) මගින් ආදරය දිනාගන්න හැටි.

0
753

බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ආදරය කරන කෙනාව දිනා ගන්න බැරිකම…..
ඒත් ටෙලිපති මගින් නම් මේ ආදරය දිනාගන්න යම් ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා….
ඒ නිසා බොහෝ අයට එය සතුටුදායක ආරංචියක් වේවි..

මොකක්ද මේ ටෙලිපති කියලා කියන්නේ…….

ඉතාමත් සරල ලෙස කිව්වොතින් මනසකින් මනසට සිතුවිලි , හැඟීම් සහ අදහස් සන්නිවේදනයවීම ටෙලිපති මගින් සිදුවෙන්නෙ…

ඔබට මෙන්න මේ වගේ අත්දැකීම් තියෙනවද …

” අද ඔයාව මතක් වෙලා
මං කෝල් එකක් ගන්න හදන කොටමයි ඔයා කෝල් එකක් දුන්නෙ….”

” අද මම කන්න හිතාගෙන හිටපු දේමයි ඔයා කන්න හදලා තියෙන්නේ …”
” මං කියන්න හදපු දේමයි ඔයා මේ කිව්වේ….
මෙන්න මේ වගේ අත්දැකීම් ඔබට තියෙනවා ඇති ..
අපි දන්නවා අපේ මොළය තමයි අපේ එන්ජින් එක .
මේ එන්ජිම අපි ජීවත් වෙනකම්ම අඛණ්ඩව වැඩ කරනවා …
කොටින්ම අපේ පාලනයෙන් තොරව අපි නින්දට වැටුනහමත් අපේ මොළය නං එක දිගටම වැඩ කරනවා..
මේ මොළය ශාරීරිකව අපේ ජීවිතය මෙහෙයවන අපේ ප්‍රධානම මෙවලම….
හැබැයි අපි අවදියෙන් සිටින කොට අපිට මේ මොලය උරුම කරලා දෙනවා මනස කියලා කොටසක් ..
මනස තමයි අපි අපේ ජීවිතය සාර්ථක හෝ අසාර්ථක කර ගන්න මාර්ගය උදාකරදෙන්නේ…

දැන් ඔබ උනන්දුවෙන් ඇත්තේ ආදරය ටෙලිපති මගින් දිනා ගන්නේ කොහොමද කියලා දැනගන්න ..

ජීවිතේ ආදරෙන් සිටින එහෙම නැත්නම් ආදරෙන් විවාහ වෙලා සිටින අය සමග ඔබ කතා කර බලන්න….
ඒ අයගේත් එක් අයෙකුගේ සිතේ ඇතිවන ආදරය ඉබේම අනිත් පාර්ශ්වය වෙත සන්නිවේදනය වී තමයි ඒ සම්බන්ධතා ආරම්භ වී ඇත්තේ…

කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙකුට ආදරයක් ඇති වෙනවා..
හැබැයි අනිත් පුද්ගලයා මේ පිළිබඳව දන්නේ නෑ.. කැමති නෑ ..හෝ තේරුම් ගන්නෙ නෑ ..
ඒත් අද ආදරෙන් ඉන්න ඕනෑම කෙනෙකුගේ මනස තුළ ඇතිවෙන ආදරයක් අනෙක් පාර්ශ්වය මුල් අවස්ථාවේ අකැමැති වුණත් විරුද්ධ වුණත් තරයේ ප්‍රතික්ෂේප කළත් දෙවැනි අවස්ථාවේ එය පිළි අරගෙන ආදරයෙන් සිටින අය තමයි මේ හැමෝම …

එක තරුණයෙක් තවත් තරුණියකට තමන්ගේ ආදරය එක් නගරයක යම් ස්ථානයකදී ‍ප්‍රකාශ කළා ..
මේ ආදරය ප්‍රකාශ කිරීම නිසා මේ තරුණයා සමඟ කිපුණු තරුණිය තමන්ගේ සෙරෙප්පුව ගලවෙලා මේ තරුණයා ට පහර දුන්නා ..
තරුණයා ලැජ්ජාවෙන් එම තරුණියගෙන් ඉවත්වී ගියත් තරුණිය කෙරෙහි සිතේ ඇතිවූ ආදරය නම් ඉවත් කරගන්න අපොහොසත් වුණා …
ඔහු දිගින් දිගටම මේ තරුණිය පිළිබඳවම සිතන්නට වුනා ..
ඒ තරුණියව හොරෙන් හෝ දැක බලා ගන්නට උත්සාහ කළා..
කල්යෑමේදී තරුණියක් නම්‍යශීලි වී මේ තරුණයා සමග ආදර සබඳතාවක් ආරම්භ කරනවා ..
ඒ විතරක් නෙමෙයි ඇය මේ තරුණයා කෙරෙහි ඉතාම ආදරයෙන් තම දෙමව්පියන්ට පවා විරුද්ධ වනවා.
පසුකාලීනව විවාහ වු මේ දෙපළ සෙරෙප්පු පහර කෑ ස්ථානයට යාබදව සුවිසල් මන්දිරයක ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ද පවත්වාගෙන ගියා….

සැබෑවටම සිතක් තුළ ඇතිවන ආදරය මේ විශ්වයේ එහෙම නැත්නම් ස්වභාවධර්මය මිනිසාගේ පැවැත්ම උදෙසා ලබාදී ඇති ඉතාම උත්තරීතර හැඟීමක්..
මේ හැඟීම අවංකව සත්‍යවාදීව කෙනෙක්ගේ සිතේ ජනිත වන්නේ නම් බොහෝවිට එය ආදරණීය ආදර කතාවක ආරම්භයක් විය හැකියි…

එහෙත් විටින් විට පළුදු වන උඩු සිත යටි සිත අරගල කරන කැඩුණු බිඳුණු ආදර සිතුවිල්ලකට නම් ටෙලිපති හරහා ශක්තියක් ලබා ගැනීමට හැකි වන්නේ නෑ .
ඒ නිසා කෙනෙකු පිළිබඳව සත්‍යවාදීව අවංකවම ඇතිවන ආදරයක් සඳහා ටෙලිපති මගින් යම් නොපෙනෙන බලයක් නැත්නම් සන්නිවේදනයක් අනිත් පාර්ශවය වෙත මේ අවකාශය හරහා සිදුවෙමින් සිතුවිලි හැඟීම් සහ අදහස් හෝ සන්නිවේදනය වෙමින් ආදර සම්බන්ධයක් ශක්තිමත් ලෙස ආරම්භ වීමටත් ඉදිරියට යාමටත් හැකියාව ලැබෙනවා..
යම් තැනක ආදර සබඳතාව කැඩී බිදී ඇත්නම් ඊට හේතුව මනසක සිදුවන යම් ව්‍යාකූල තත්වයක් විය හැකියි .
එම නිසා ඔබ ආදරය කරන පුද්ගලයාට අවංක වන සේම ඔබේ මනසට කිළුටක් ඇති නොකරගෙන අවංකවම එම හැඟීම ඔබ තුළ පවත්වාගෙන යන්නේ නම් ” ටෙලිපති ” යනු එය නිසි ආකාරයෙන් සන්නිවේදනය කරමින් ඒ සබඳතාව ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගය දෙන සංකල්පයක් බව ඔබටම වැටහෙයි.
සෑමදිනකම තම ආදරය ගැන ඉතා සුපිරිසිදු ලෙස හිතන්න …
භාවනාවක් සේ ඒ පිළිබඳවම මෙනෙහි කරන්න….
කිසිවිටෙක ඒ ආදර සිතුවිල්ලට කිළුටක් වංකකමක් බොරුවක් ප්‍රෝඩාවක් එකතු කරන්නට එපා.
එසේම ඒ ආදරය උරුම වූ පසු ලැබෙන සතුට භුක්ති විඳින්න..

රත්නා පුෂ්ප කුමාරි
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න