කාලය ආභරණයක් වගම කාලය රන් හා වටී යන පුරාණ කියමන අනුව කාලයේ වැදගත්කම විශ්වයේ අපුර්වතම නිර්මාණය වූ මිනිසා හදුනාගත යුතුයි.
මිනිසාගේ වර්ධනය, ක්‍රියාවන් , හැසිරීම්,හෙමින් සිදුවුවද කාලය වේගයෙන් පියඹා යන බව දැනගත යුතුයි.
වර්තමාන මිනිසා කාර්යබහුල චරිතයකි. පුද්ගලයකු ලෙසද,පවුලේ සාමජිකයකු ලෙසද රැකියා ජීවිතය තුලද , සමාජ කටයුතු ලෙසද , කාලය සමග සටනක් කරයි. මිනිසා රග දක්වන විවිධ භුමිකා තුල තිබෙන කටයුතු කිරීමට දවසේ පැය 24 මදි බව බොහෝදෙනෙක් මැසිවිලි නගයි.
නුමුත් සමාජයේ ඉහල තැන්වල වැජඹෙන බොහෝ දෙනා කාලය කළමනාකරණය හොදින් කරගනී. එහෙයින් එහි ඇති වැදගත්කම මිනිසා හොදින් දැනසිටිය යුතුයි. කාලය හරියට කළමනාකරණය කර නොගත හොත් එසේත් නැත්නම් මහන්සි වෙන්න ඔනි කාලේ හාන්සි වෙලා හිටියොත් , හාන්සිවෙලා ඉන්න ඔනි කාලේ මහන්සි වෙන්න වෙයි කියලා මිනිසා දැනගත යුතුයි.
ඔබට ඔබේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් කාලය කළමනාකරණය කර ගැනීම ඔබ මුලින්ම කල යුතු දෙයකි
කාලය වේගයෙන් ගමන් කරන බවද අමතක නොකරන්න. දිනක ඔබ නැවත හැරිලා බලන කොට ඔබ ගැන ඔබටම සතුටුවිය හැකියි. එම නිසා කාලය කළමනාකරණය ගැන ඔබේ අවධානය අදම යොමු කරන්න.
ඒ සදහා ඔබේ දවස සැලසුම් කරගන්න. කෙටි කාලීන හා දිගු කාලීන ව වෙන් කර ගන්න. ප්‍රමුඛතාව දිය යුතු දෙයට ප්‍රමුඛත්වය දෙන්න. දවසේ සැලසුම ඉටු කර ගැනීම ඔබට තෘප්තිය ගෙන දෙනවා පමණක් නොව අධි රුධිර පීඩනය,මානසික ආබාධ , ඉරුවාරදය, ගෑස්ටික් වැනි රෝග ඇතිවීම වලකාලයි . මානසික ව්‍යාකූල භාවයෙන් ඔබ නිදහස් වේ. ඔබේ මනස පැහදිලිව තිබීම වැදගත්. එවිට ඔබ නොදැනුවත්වම කාලය කළමනාකරණයට හුරුවේවි. එවිට ඔබේ වැඩ කටයුතු පමණක් නොව ,ඔබ සාර්ථකත්වය කරා ගමන් කරනු ඔබටම පෙනීයාවි.
එමෙන්ම ඔබ දවසේ ලබා ගත යුතුවූ නින්ද වගේම , විවෙකය ද ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි. දින පොතක් හෝ සටහන් පොතක් තබාගෙන කල දවසේ ඉලක්ක කළ වැඩ කලා දැයි සටනන් කර ගන්න.
දින 21 ක් ඔබ මෙලෙස සැලසුම් සහගතව වැඩ කරන්න.ඔබ නොදැනුවත්වම ඔබට එය යහපත් පුරුද්ද බවට පත්වේවි.
කාලයත් සමගම ඔබ ඉදිරියට යනු ඔබටම හැගී යයි. කරන්නවු දෙයට ඔබේ සිත ,ගත ,ක්‍රියාව යොදවන්න. සම්පුර්ණයෙන් ම ඒ සදහා අවධානය දෙන්න. කොටස් වශයෙන් ජීවත් වෙන්න. දුරකථනයට , ඔබේ කාලය විනාශ කරන්න ඉඩ නොදෙන්න. අද කල යුතු දේ අදම කරන්න.කාර්යක්ෂමව තම කාර්ය ඉටු කිරීමට වග බලා ගන්න.
කාලය හරියාකරව පරිහරණය කර ජීවිතය ජය ගන්න. උදෑසන අවදිවෙන්න. හාන්සි නොවී මහන්සි වෙන්න. කාලය රන් හා වටී.
ජීවිතය ජය ගැනීමට දින 21කේ අභියෝගයකි ……
දිල්රුක්ෂි ඉලංගකෝන්