විද්‍යාත්මක අනාවැකිය ගැන ඔබ නොදත් දේ..

0
154

පුංචි කාලේ බොහෝ දෙනා බොහෝ දේ පිළිබඳව සිහින මවනවා. ඒත් ඒ බලාපොරොත්තු කීයෙන් කීයක් සාර්ථක කරගන්න ලැබෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.
බොහෝ දෙනෙක් තමා ප්‍රාර්ථනා කළ බොහෝ දේවල් ඉටු නොවීමේ කනස්සල්ලෙන් සිටිනවා.
ඒ වගේම බොහෝ උත්සාහවන්ත අය යම් දෙයක් කිරීමට උත්සාහකොට එය අසාර්ථක වී තවත් දෙයක් කිරීමෙන් එය ද අසාර්ථක වී බොහෝ ඉලක්ක ඔස්සේ හඹාගෙන ගොස් හති වැටී කළකිරීමට පත් වෙනවා ..
එහෙම නම් අපේ මොලය සැබැවින්ම ආකර්ෂණය කරන අනාගත වෘත්තීයමය ක්ශේත්‍ර වගේම අප සතු පෞරුෂ දුර්වලකම් , බහුවිධ බුද්ධිය අප කෙරෙහි පිහිටා ඇති ආකාරය වැනි බොහෝ දේවල් අපට දැන ගැනීමට හැකි නම් එය ඉතා වැදගත් .

බොහෝ අය අවිද්‍යාව මත හඹා ගොස් එහි කියැවෙන ඒරාෂ්ටකයක් එහෙමත් නැත්නම් ග්‍රහ අපල ආදී දෙයක් නිසා උත්සාහ නොකර මුළු ජීවිතයම අසාර්ථක කර ගන්නා ආකාරය අපි බොහෝ දෙනාට අත්දැකීම් වෙලා තියනවා.

ඒ නිසා මේ සඳහා විද්‍යාත්මකව සනාථ කළ පිළිගත් යම්කිසි ව්ද්‍යාත්මක ක්‍රමවේදයක් ඇත්නම් කොයි තරම් හොඳද කියා ඔබට සිතෙනවා ඇති .
” මට අනාගතයේ කුමක් කළ හැකිද….”
” මගේ සැබෑ අඩුපාඩු මොනවාද.?
” මගේ මොළයේ ධාරිතාවය කොපමණ ද….?
” මගේ ජීවිතය ජය ගැනීමට යා යුතු විද්‍යාත්මක මාර්ගය කුමක්ද ……?
මේ සියල්ල දැනගත හැකි නම් කෙතරම් දෙයක් ද ඔබට හිතෙනවා ඇති….

ඉතින් සැබැවින්ම එවන් සම්මානනීය වූ වසර ගානක් පර්යේෂණ කොට අන්තර් ජාතික පිලිගත් සම්මාන රැසකින් පිදුම් ලැබූ සංකල්ප කීපයක් විද්‍යාත්මක එක්තැන් කළ බහු විධ බුද්ධි පරීක්ෂණ වාර්තාව පිළිබඳව ඔබ සමහරවිට මෙතෙක් අසා නො තිබෙන්නටත් ඇති…

මේ විද්‍යාත්මක සංකල්පය නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඔවුන්ගේ කුඩා කාලයේදීම තම අනාගත ඉලක්ක කෙරෙහි අවබෝධයෙන් හා පූර්ව සූදානමකින් යුක්තව මුහුණදීමට ශක්තිය ලැබෙනවා .
කොටින්ම තමන් කැමති සහ විද්‍යාත්මකව මොලය ආකර්ෂණය කරන අනාගත වෘත්තීන් පිළිබඳව හරි හැටි දැනගෙන එම ක්ශේත්‍ර ඉලක්ක කරගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙය උදව්වක් .
මෙයින් ඔබට මහඟු අවස්ථා රැසක් හිමිවෙනවා ..

ඔබ විෂයන් තෝරා ගැනීමේදී වෘත්තීන් තෝරාගැනීමේදී සිදුවන වැරදි නිවැරදි කොට , කල් ඇතිව දැනගෙන තම සහජ මොලය සැබැවින්ම ආකර්ෂණය කරන හා සහයෝගය දෙන ක්ෂේත්‍ර වෙත යොමුවීමෙන් අප මිනිස් ජීවිතයේ වටිනාම කාලය සුරැකීමටත් මෙය ඉතා වැදගත් වෙනවා. එසේම විවිධ ක්ෂේත්‍ර වල කටයුතු කරමින් සමහරවිට විෂය පිළිබඳව අසතුටින් සිටිනවාට වඩා තම සහජ මොළය සැබැවින්ම විද්‍යාත්මකව සහයෝගය ලබාදෙන ආකර්ෂණීය ක්ෂේත්‍රය මේ මගින් කල්තියා දැන ගන්න පුළුවන් .

එසේම තමන්ගේ උපතින්ම ලබා ඇති පෞරුෂ ලක්ෂණ හා එහි ගුණාත්මක ලක්ෂණ සහ ඍණාත්මක ලක්ෂණ ද හඳුනාගෙන එම සෘණාත්මක ලක්ෂණ ධනාත්මක දිශාවකට යොමු කර ගැනීමටත් , සේම කිසිදු එපාවීමක් හෝ කළ කිරීමකින් තොරව මොලය සහයෝගය දෙන සහ ඉතාම සතුටින් කටයුතු කිරීමට ඉඩ සලසා දෙන ක්ෂේත්‍ර මෙමගින් හඳුනා ගැනීමට පුළුවන්.

මෙම පරීක්ෂණය ඉතාම සරල අවුරුදු දෙකේ සිට ඕනෑම කෙනෙකුට ලබාගත හැකියි වාර්තාවක් එක පුද්ගලයෙක් ලබාගත යුත්තේ ජීවිතයේ එක් වතාවක් පමණයි.

ඊට හේතුව සහජ මොලයේ පිහිටීම අනුව මෙම බහුවිධ බුද්ධි පරීක්ෂණ වාර්තාව සැකසීමයි .
මෙය දරුවන්ට ඉතාමත් වැදගත් වාර්තාවක් වන්නේ ඔවුන්ගේ මොළයට පීඩාවක් බලපෑමක් නොමැතිව සුමට ලෙස තමන්ගේ අධ්‍යාපනික කටයුතු කිරීමටත් අනෙකුත් මානසික හා චර්යාමය ගති ලක්ෂණ දියුණු කර ගැනීමටත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත්.. උදාහරණයක් ලෙස පන්තියක සිසුන් හතළිහක් සිටීනම් එකම ගුරුවරිය එකම පාඩම උගන්වා ‍ප්‍රශ්න පත්‍රයක් සියලු දරුවන්ට දුන්නද ඔවුන් කිසි විටෙක සමාන ලකුණු නොගන්නේ ඇයි …?
මෙහෙදී උපරිම ලකුණු ගන්නා කෙනෙක් සේම ඉතාම අඩු මට්ටමේ කෙනෙක්ද වන බව අප හොඳින් දනී ..

එකම පාඩම එකම ගුරුවරිය උගන්වා එකම විභාගයක් දුන්විට එක් එක් දරුවාගේ ලකුණු මට්ටම වෙනස් වන්නේ ඇයි …..?
ඊට හේතුව එක් එක් දරුවාගේ මොලයේ ඇති විශේෂ ලක්ෂණයි .එම නිසා එම ලක්ෂණ තුළ ඇති දුර්වලකම් කලින් හදුනා ගැනිමට හැකි නම් ඒ සඳහා අවස්ථා ලබාදීම මෙම පරීක්ෂණ වාර්තා වේ අරමුණයි. අවුරුද්දකට වැඩි ඕනෑම කෙනකුට මෙම වාර්තාව ලබාගත හැකියි .

මෙම වාර්තාව පිළිබඳව සකසා ඇති වීඩියෝ සහ තවත් විස්තර ඔබට අවශ්‍ය නම් 0714113457 Whatsapp පණිවිඩයක් එවා ලබා ගත හැකියි. ජීවිතය දැනගෙන යන ගමනක් හා සතුටින් සිටීමටත් අනාගත ඉලක්ක ජය ගැනීමටත් මෙම වාර්තාව මහඟු රුකුලක් බව ඔබටම වැටහෙනු ඇත.

රත්නා පුෂ්ප කුමාරි
(මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ,ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා )

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න