ධනවත් වීමේ මුල්ම පියවර…

0
244

බොහෝ දෙනෙකුට වර්තමානයේ තිබෙන ලොකුම ගැටලුව මුදල් තමයි…

මෙවැනි ව්‍යසනකාරී කාලයක එය සැමටම අර්බුදකාරී ප්‍රශ්නයක් වුවත් ඊට පෙරත් බොහෝ අයට ප්‍රශ්නය වූයේ මුදල් අඩුකමම තමයි….

සාමාන්‍යයෙන් අපි කියන්නේ ” සල්ලි තියනවනම් මොනවද කරන්න බැරි “
කියලා ….හැබැයි අපි මොහොතකටවත් අමතක කරන්න හොඳ නෑ සල්ලි වලට කරන්න බැරි දේවලුත් ඕනේ තරම් තියෙනවා කියන එක …..
කොහොම කොහොම හරි අපිට සල්ලි ටිකක් වැඩිපුර තියනවනම් මේ ජීවත් වෙන කෙටි කාලය ලස්සනට සුන්දරව ගෙවන්න ඒක ලොකු දෙයක් කියන එක වැදගත් ….

ඉතින් හැමදේටම සල්ලි නං සල්ලි වලින් බොහෝ දේවල් ලබා ගන්නත් පුළුවන් නම් අපි සල්ලි ඉබේට එනකන් බලා ඉන්නවද ……..?
එහෙම නැත්නම් කවුරු හරි දෙනකම් බලා ඉන්නවද ………?
එහෙමත් නැත්නම් ස්වීප් එකක් ඇදෙයි කියලා ඔහේ බලන් ඉන්නවද……?

මේ හැම දේටම වඩා සල්ලි හොයන්න කලින් කරන්න දෙයක් හැමෝටම තියෙනවා………

මේ ලෝකයේ මහා ධනවතුන් දෙස බලනකොට අපිට ගම්‍ය වන දෙයක් වගේම ඔවුන්ගේ ජීවිත කතාවල ප්‍රකාශ කරන දෙයක් තමයි ….
ඔවුන්ගේ නැති බැරි දුප්පත් කාලයේදී වුණත් ඔවුන් මනසින් පොහොසත්ව සිටි බව…

එක් පුද්ගලයෙක් හරිම දුප්පත් පවුලක ඉපදිලා දුප්පත් විදියටම කාලයක් තිස්සේ ජීවිතය ඉදිරියට අරන් ගියා…..
ඔහු ලොන්ඩරි වල වැඩ කළා …..එතකොට ඉතාමත් වටිනා ඇඳුම් ඒ ලොන්ඩරියට මිනිස්සු ගෙනල්ල දෙන හැටි ඔහු බලාගෙන හිටියා….

ඒ වගේම ඔහු හෝටලයක අතුපතු ගාන්නෙක් විදියට වැඩ කළා …
ඒ හෝටලයට එන ධනවතුන් හැසිරෙන විදිය ඔවුන් ඇවිදින විදිය ඔවුන් කතා කරන විදිය මේ පුද්ගලයා බලාගෙන හිටියා ….
ඔහු පෙට්රල් ෂෙඩ් එකක පෙට්‍රල් ගහන පුද්ගලයෙක් විදිහට වැඩ කළා …..වටිනා කාර්වලින් ධනවතුන් ඇවිත් ලතාවට රටාවට කාර් එකෙන් බැහැලා පෙට්‍රල් ගහන හැටි ඔහු බලා හිටියා..

ඔවුන්ගේ මුහුණේ තිබුණු ගාම්භීර බවට ඔහු ප්‍රිය කළා…

ඔහු සුවිශේෂී වගේම විචාරශීලි සහිත මනසක් තිබුණු පුද්ගලයෙක්..
ඉතින් ඔහු කළේ පෙට්‍රල් ෂෙඩ් එකේ සිට ගෙදර යනකොට පෙට්‍රල් ගහන්න ආපු ධනවතුන්ගේ මූණෙ තිබුණ ඉරියව් තමන්ගේ මුහුණේ ඇතිකරගන්න උත්සාහ කළා..ඔහු හෝටලයේ වැඩ කරන විට එහි සිටි ධනවතුන් හැසිරුණ ආකාරයට හැසිරෙන්න උත්සාහ කළා.

ඒ වගේම කුමන ඇඳුමකින් ඔහු සැරසී සිටියත් ඒ ඇඳුම ඉතාමත් වටිනා ඇදුමක් කියලා හිතලා ඒ විදිහට දවස ගෙවන එක ඔහුගේ පුරුද්දක් වුනා.

දවසක් ඔහු සේවය කරන හෝටලයේ ධනවතුන්ගේ සාදයක් තිබුණා ..ඒ සාදයට ආරාධනා ලබන්නේ එම නගරයේ සිටින ලොකුම ධනවතුන් සාමාන්‍ය ධනවතුන් ඒ සාදයට එන්න වසර ගානක් පෙරුම් පුරනවා..
ඔහු හොඳට මේ සාදය දිහා එහි සිදුවෙන සිදුවීම් දිහා ඔවුන් කන බොන හැසිරෙන ආකාරය ආදී දේ හොඳින් අධික්ෂණය කළා ..
මේ හැමෝම ඉන්නෙ සතුටින්… මේ හැමෝගෙම මුහුණෙ තියෙන්නෙ හරිම ප්‍රසන්න බවක්.. මේ හැමෝගෙම සැහැල්ලු බවක් පේනවා …
ඔහුත් ඒ වගේ හැසිරෙන්න උත්සාහ කළා..

කොටින්ම ඔහු මනසින් හැසිරීමෙන් මහා ධනවතෙක් බවට පත්වුණා… ඉන්පසුව ඔහු මේ හෝටලයට කිට්ටුවෙන් පුංචි කෝපි විකුණන තැනක් පටන් ගත්තා…

එය ඉතාම නිර්මාණශීලීව ඔහු කළා. සමහර වෙලාවට එහි තිබුණු පියකරු බව නිර්මාණශීලී බව නිසාම ධනවතුන් තම සුඛෝපභෝගී වාහන එහි නවතා කෝපි කෝප්පයක් බොන්නට උත්සාහ කරන කාලය ඉතාම ඉක්මනින් උදා වුණා…

ඔහු ටිකෙන් ටික පෝසතෙක් බවට පත්වුණා ..
මේ සඳහා ඔහු ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළා..

ඔහු සෘණාත්මක මිනිස්සුන්ගෙන් ඈත් වුණා ..
ඊට හේතුව තමයි බොහෝ දෙනා කිව්වේ මේ නිකම්ම කෝපි කෝප්පයක් දෙන ඔහේ හැසිරෙන්නේ හරියට අර හෝටලේ අයිතිකාරයා වගේනෙ..

ඔහු කිව්වා ” මං මේ කෝපි කෝප්පය දුන්නත් මගේ මනස තියෙන්නෙ ඒ හෝටලයටත් වඩා පොහොසත් මට්ටමක….”

එතකොට බොහෝ දෙනා ඔහුට හිනා වුණා.. බොහෝ දෙනා ඔහුව සමච්චලයට ලක් කළා.. ඒත් ඔහු කිසිවිටෙක උත්සාහය අත ඇරියේ නෑ ..ඔහු කළ පළවෙනිම දේ තමයි සෘණාත්මක මිනිසුන්ගෙන් ඈත් වීම… දවසකට එක්කෙනෙක් දෙන්නෙක් හෝ ඔහුගේ කාර්යශූරත්වය ඔහුගේ ප්‍රසන්න බව ..ඔහුගේ ප්‍රබෝධය පිළිබඳව සතුටට පත් වුණා ..ඔහු එවන් අයගේ ආශ්‍රය වැඩි කරමින් සෘනාත්මක අයගෙන් ඈතටම ගියා… මේ කතාව හමාර වෙන්නේ හිතාගන්න බැරි විදියට …
ඔව් ….ප්‍රදේශයේ ඔහු ධනවත්ම පුද්ගලයා බවට පත්වෙනවා…

ඒ විතරක් නෙමෙයි අර පෙර කී මහා ධනවතුන් ගේ සාදය ඔහුගේ මුලිකත්වයෙන් පැවැත්වුණා ..

ඒ ධනවතුන් මේ සාදයට එන්නට ලොකු සටනක් දුන්නා ..
එය ඔවුන්ට මහත් ගෞරවයක් වුණා …
ඒ මහා සාද වලදී ඔහු කිසි දවසක ඔහු එහි අතුගාමින් කම්කරුවෙකු ලෙස කරපු සේවය මතක් කළේ නෑ …
හේතුව තමයි එදාත් ඔහු හිටියේ පොහොසත් සිතින්…අදත් ඉන්නේ පෝසත් මනසකින් …
මේ කතාව ඔබට කිව්වේ ඔබ සැමවිටම ඉන්නේ සෘණාත්මක මනසකින් නම් දිළිඳු මනසකින් නම් දුප්පත් මානසිකත්වයකින් නම් ඔබට කොහොමද මේ විශ්වය ඔබට උදව් කරන්නේ…..?
ඔබ විශ්වයට දෙන දේම තමයි දෙගුණ තෙගුණ වෙලා ඔබට ආපහු ලැබෙන්නේ…
ඒ වගේම මේ උතුම් මිනිසත්කම එහෙම නැත්නම් බුද්ධිමත්ම ජීවියා වීම අපගේ මහිමයක් නොව මේ විශ්වයේ එසේත් නැත්නම් ස්වභාව ධර්මයේ මහිමයක්…. එසේ නම් ස්වභාව ධර්මය මේ විශ්වය අපිට ඕනෑම වෙලාවක සලකන්න බලාගෙන ඉන්නවා. ඒත් ඔබ ඉල්ලන්නේ මොනවද….ඒ දේමයි ඔබට ලැබෙන්නෙ …

ඒ නිසා ධනවතෙක් වෙන්නට කලින් ඔබගේ සිත ධනවත් බවට පත් කරගන්නට හැකි නම් ඔබට ඉන් පසුව සිදු වෙන ඕනෑම සිදුවීමක් තුළ ධනවතෙක් වීමට ඔබට පාර කියා දෙන අවස්ථා ලැබේවි…

ඔබට ඇත්තේ ඒ පාරේ තව තවත් පොහොසත් මනසකින් ගමන් කරන්නට පමණයි…. එසේනම් මේ මොහොතේ සිට පොහොසත් මනසක් අවදිකරන්නට උත්සාහ කරන්න …
මනස යනු ඔබ දන්නවා අපේ පංචේන්ද්‍රයන් බව… එසේ නම් අපේ කන් දෙකෙන් පොහොසතුන් ශක්තිවන්තගේ කතා අහමු… ධනාත්මක අය පිළිබඳව සිතන්නට අහන්නට අප යොමු වෙමු.

ඇස් දෙකෙන් එවන් පොහොසත් දේ බලන්නට ඔබට හැකි නම් ඔබේ මනස පොහොසත් කරගනිමින් මේ කෙටි මිනිස් ජීවිතය තුළ මුදල් වලින් ලබාගත හැකි ඉහළම තෘප්තිය ලබා ගන්නට ඔබට එය ප්‍රවේශයක් වේවි ….
මේ අනාගත මහා ධනවතෙලුගේ කතාවේ ආරම්භය විය හැකියි..
මේ කියවන මෙය අහන ඔබ සමහර විට අනාගත මහා ධනවතෙක් වීමට ඔබ තුළ ඇති කරගන්නා ප්‍රථම සිතුවිල්ල මේ මොහොතේ ඇති කරගන්නවා විය හැකියි.

ඔබ කිසිසේත්ම ප්‍රමාද නෑ …මේ ඔබට සිතැගි පරිදි පහසු පරිදි කිසිදු කෙනකුගේ බලපෑමක් නොමැතිව මනසින් පොහොසත් වන්නට තිබෙන වැදගත්ම අවස්ථාව විය හැකියි .
එසේ නම් මෙය හොඳින්ම අවබෝධ කරගෙන ඔබගේ ඊළඟ හුස්ම ගන්න ..
ඔබේ ඊළඟ පියවර තියන්න …

මේ ඔබේ ජීවිතයේ වැදගත්ම ධනාත්මක දිශාවකට සිත වෙනස් වෙන මොහොතක් වීමට කිසිදු බාධාවක් නෑ….

පළමුව මනසින් පොහොසත්ව දෙවනුව ප්‍රායෝගික ලෝකයේ පොහොසත් වෙන්න…

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා
රත්නා පුෂ්ප කුමාරි
(0714113457,0740650012)

මෙම ලිපියේ ශ්‍රව්‍ය අනුවාදයට සවන් දෙන්න.

පිළිතුරක් තබන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න